හැල්මේ යෑමෙන් ප්‍රීති වන්න එහෙත් අනතුරුවලින් පරෙස්සම් වන්න!
දහඅට හැවිරිදි අයෙකුට “දිවීම සඳහා වූ සිය ආශාව සන්සිඳුවන්න නම් දුරින් දුරටම දිවීමට” අවශ්‍ය වියයයි ජර්මන් පුවත්පතක් වන සූඩොයිකි ට්සිටුං වාර්තා කරයි. ඔහු “ඇඳට ගොස්, හාන්සි වී, සෑහීමට පත්වීමට පෙර,” පෙ. ව. 2:00ට සහ නැවතත් පෙ. ව. 6:00ට කිලෝමීටර 24ක් දුවයි. විවිධ රටවල පර්යේෂක විද්‍යාඥයෝ දැනට කටයුතු කරන්නේ, එන්ඩොෆින්වලට ඇබ්බැහි වූ හැල්මේ යන්නන් සමඟ බැවින් මෙය කොහෙත්ම අද්විතීය අවස්ථාවක් නොවේ. එවැනි ඇබ්බැහි වීමක් වර්ධනය විය හැක්කේ කෙසේද?
ශාරීරික ව්‍යායාමයේ නොකඩවා දිගින් දිගටම යෙදීමෙන් පේශි ස්නායුවල එන්ඩොෆින් සෑදෙන බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. එන්ඩොෆින් වනාහි උද්දාමයේ (සුවදායක තෘප්තිකර) හැඟීමක් ඇති කරන අන්තෝජනන (ඇතුළතින්ම පැමිණෙන) ඕපියේට වේ—මෙය සීමාන්තික හැල්මේ යන්නන්ට ඇතැම්විට ප්රමෝදයක් ඇති කරයි. ක්‍රීඩා විද්‍යාව හදාරන අන්තර්ජාතික ආයතනයක සභාපති විල්ඩො හෝල්මාන් මෙසේ පවසයි: “මෙම මෝෆීන් ව්යුත්පන්නවලට ඇබ්බැහි වීමට මඟ පෑදිය හැකිද නැද්ද යන්න දිගු කලක සිට යම් වාදයකට භාජනව තිබූ කාරණයකි. දැන් එය ඔප්පු කරන ලද සැබෑවකි.” මෙබැවින්, අධික ලෙස බොහෝ දුර දිවීමෙන් හෝ හැල්මේ යෑමෙහි මෙන්ම, සැබවින්ම වෙනත් ඕනෑම ආකාරයක අධික ව්‍යායාම් සිදු කිරීමේදී අනතුරක් අන්තර්ගතව තිබෙන බව පෙනෙන්ට තිබේ.
අධික සේ ක්‍රීඩාවල යෙදීමෙන් ඇතිවිය හැකි වෙනත් යම් සෞඛ්‍ය උපද්‍රව තිබේද? එසේය, වසර 2500කට පෙර මැරතාන් සිට ඇතෙන්ස් තෙක් දිවූවාවූ ග්‍රීක් පණිවුඩකරුවෙකුගේ කතන්දරය ඔබට මතක තිබිය හැක. පුරාවෘත්තයට අනුව, පර්සියානුවන් පරදා ග්‍රීසියේ ජයග්‍රහණය පිළිබඳ පුවත ඇතෙන්ස් වෙත ගෙනා පසු ඔහුට සිහිනැති වී එම මොහොතේම මියගියේය. පර්යේෂකයෝ මෙම කතන්දරය දෙස බලන්නේ මාංස පේශිවල එන්ඩොෆින්වලට උදාහරණයක් වශයෙනි. එන්ඩොෆින් මගින් වේදනාව දැනීම අඩු කරන බැවින්, දිගු කලක් පුරා පරිශ්රමීය ක්‍රියාවලියක යෙදීම හදිසි හෘදයාබාධයකින් මරණයට පත්වීමට මඟ පෑදිය හැකියයි ඔවුහු පවසති. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය තත්වයන් යටතේ දරුණු පපුවේ වේදනාවන්, දුවන්නෙකුගේ දිවීම නතර කිරීමට සලස්වන අතර, ප්‍රවීණයන් පවසන පරිදි බොහෝ අවස්ථාවලදී හෘදයට එහි සාමාන්‍ය ක්‍රියාවලිය යළි පිහිටුවීමට ඉඩ සලස්වයි. එහෙත් අධික ශාරීරික වෙහෙසීම්වලදී දුවන්නෙකුහට, ශරීරයෙන් සම්ප්‍රේෂණය කරන සංඥා දැනගැනීම ඇණහිටවමින් එන්ඩොෆින් වේදනාව දැනීම අඩු කරවයි. මෙය විපත්තිදායක ප්‍රතිඵල ඇති කළ හැක.
අනික් අතට, සමබර ශාරීරික ව්‍යායාමය සනීපදායී වන අතර, එවැනි අවස්ථාවල මුදා හළ එන්ඩොෆින් ධන ප්‍රතිඵලයක් ඇති කරන බව පෙනෙන්ට තිබේ. නිතිපතා හැල්මේ යන ස්ත්‍රියක් මෙසේ පැහැදිලි කරයි: “මා බෙහෙත් ගත් නමුත් හරිගියේ නෑ, නමුත් දැන් මා නරක චිත්ත ස්වභාවයක සිටින විට හැල්මේ යනවා.” කලකිරීම පලවාහැරීමට හෝ අඩුම තරමින් ඒ සමඟම සාර්ථකව කටයුතු කිරීමට පුද්ගලයෙකුට ඇත්තෙන්ම ඉක්මනින් ඇවිදීම හෝ දිවීම උපකාරවත් විය හැක. එවැනි අවස්ථාවලදී එන්ඩොෆින් යම් කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්ට තිබේ. ශාරීරික ව්‍යායාමය අනතුරුදායක වන්නේ එහි වුවමනාවට වඩා නියැලීමෙන් පමණකි.—1 තිමෝති 4:8 සසඳන්න. g95 3/22