“ඔහු නැතුව හැදීවැඩීම ඉතා අසීරු වී තිබෙනවා”
“එතරම් සංවේදනීය ලෙස, ඇදහිල්ල-ශක්තිමත් කරන විවරණිකාවක් කෙරෙහි මගේ ගැඹුරු, හෘදයාංගම කෘතඥතාව ප්‍රකාශ කරනු වස් ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන අපගේ අලුත්ම සමුළු මුදාහැරීම කියවීමෙන් පසුවයි මා මෙය ලියන්නේ.
“මා 18 හැවිරිදිය. මගේ පියා මෝටර් රථ අනතුරකින් මියගියේ මට වයස අටේදීයි, මෙය සිදුවූයේ වසර දහයකට පෙර වුවත්, මා තුළ තවමත් එවැනි තනිකමක් තිබෙනවා. ඔහු නැතුව හැදීවැඩීම ඉතා අසීරු වී තිබෙනවා. මට ඔහුට බොහෝ දේ පවසන්න, ඔහු සමඟ හවුලේ බෙදාගන්න, ඔහු ගැන දැනගන්න වුවමනා වුණා. යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය නැවතනැගිටීමේ බලාපොරොත්තුව ගැන සිහිපත් කරගැනීමට ලැබීම කෙතරම් විස්මයක්ද! එය මගේ ඇස්වලට කඳුළු එන්න සැලැස්සුවා. මගේ බලාපොරොත්තුව යළි අලුත් කළාට ඔබට නැවතත් ස්තුතියි.”—ඕස්ට්‍රියාවේ යෞවන සාක්ෂිකරුවෙක්.
මෙවැනි ලිපි බොහෝ ගණනක් වොච්ටවර් සමිතියේ නිව් යෝර්ක් කාර්යාලවලට ලැබී තිබේ. දැන් භාෂා 18කින් ප්‍රකාශිත පිටු 32කින් යුත් විවරණිකාව, මිලියන සංඛ්‍යාත ජනයාහට සැනසීම ගෙන දේ. අහිමි වූ ප්‍රේමනීයයෙකු වෙනුවෙන් ඔබ වියෝ දුකෙන් සිටින්නෙහි නම්, වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලිවීමට පසුබට නොවන්න. g95 3/8