වැලි මත ඇවිදීම වඩා හොඳ සෞඛ්‍යයට පියවර
හවායිහි “පිබිදෙව්!” වාර්තාකරු විසින්
ව්‍යායාම් විධිවලින් කඩිසර ගමන කදිම එක බවට නම් කර ඇත. වෙනත් ප්රයෝජනවලට අමතරව, කඩිසර ගමන හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර, රුධිර පීඩනය අඩු කරමින් සංසරණය වැඩි කර චර්ම පටක දැඩි කරයි, එමෙන්ම ඇටකටු හා පේශි ශක්තිමත් කරන බවට පැවසේ.
කෙසේවුවද, කඩිසර ගමන හේතුවෙන් පාදවල කිණක (කොරොස් සම), කරගැට, බිබිලි සහ වඩාත් දරුණු පා තුවාල ඇතිවීමෙන්, යටි පතුලේ හානිදායක තත්වයක් ඇතිවන බව එය අත්හදාබලා තිබෙන ඕනෑම කෙනෙක් දනියි. බොහෝවිට මෙසේ වීමට හේතුව නිසි ප්‍රමාණයෙන් නොවන ව්‍යායාමේ පාවහන් පැළඳීම නිසාය. ඔබගේ යටි පතුල කවදා හෝ තුවාල වී ඇත්නම්, එය කෙතරම් අපහසුතාවක්, වේදනාවක් පවා ඇති කළ හැකිදැයි ඔබ දනියි. ඇත්තෙන්ම, ඔබේ යටි පතුලේ තත්වය ඔබේ මුළු සැකිලි පද්ධතියේ සෞඛ්‍යයටම බලපෑ හැක.
ලෝක දෙකටම හොඳම දෙය
ඔබට දුක් විඳින්න නොසිදුවිය හැක. “පාවහන් පළඳින සමාජයන්වල, පාවහන් නොපළඳින ජනයාට වඩා ශක්තිමත් යටි පතුල්ද, අඩු විකලාංගතාවන්ද, එමෙන්ම ඉතා පහසුවෙන් ඇවිදීමට හැකිකමද තිබෙන බවට, අප්‍රිකාවේ සහ ආසියාවේ පාවහන් නොපළඳින ජනගහනය පිළිබඳ අධ්‍යයනයන් නිගමනය කරයි. එබැවින් ඔබට කොතැනක හෝ පාවහන් නොපළඳා ඇවිදිමින් කඩිසර ව්‍යායාමයේ යෙදීමට හැකි නම්, ඔබට ලෝක දෙකෙහිම හොඳම දෙය ඇතුව සිටිය හැක. සැබවින්ම, පිරිසිදු මුහුදු වෙරළක වියළි වැලි මත හෝ වැලි කඳු මත ඇවිදීම යන දෙකෙන් ඕනෑම එකක් තෝරාගැනීමට බොහෝදෙනෙකුට හැකිව තිබේ.
“සම්බාහනයේ බලපෑමක් ඇති හොඳ ව්‍යායාමයක් වනාහි, විශේෂයෙන්ම වැල්ල උණුසුම්ව තිබෙන විට වැලි සහිත මුහුදු වෙරළක ඇවිදීම,” යයි දි ආත්රයිටිස් එක්සර්සයිස් බුක් පවසයි. “සැහැල්ලු, වියළි වැල්ලේ ඇවිදීමෙන් සමතලා නොවූ මතුපිටට යටි පතුල හැඩගැසෙන බැවින්, යටි පතුලේ සෑම පේශියකටම ව්‍යායාම ලබා දේ.” මීට අමතරව, තණකොළ මත හෝ පදික වේදිකාවේ ඇවිදින විට, වැලි මත ඇවිදිනවාට වඩා දෙගුණයක් ශක්තිය වැය වේ. ඇරත්, වියළි වැලි මත දිවීමට වෑයම් කරන්න, එවිට වැඩි වේලාවක් ගත වීමට පෙර එයට අවශ්‍ය කරන වෑයම ඔබ දැනගනියි! “ඇත්තෙන්ම, කැලරි ‘දැවීමට’ හෝ ජීව විද්‍යාත්මක නිරෝගීකම ලබාගැනීමට සැලසුම් කර තිබෙන වැඩසටහන්වලදී, මුහුදු වෙරළක් දිගේ කඩිසරව ගමන් කිරීම මනා ව්‍යායාමයේ වෙහෙසක් ඇති කරන” බවට, එක්සර්සයිස් ෆිසියොලජි—එනර්ජි, න්යුට්රිෂන් ඇන්ඩ් හ්යූමන් පර්ෆොමන්ස් පොත නිගමනය කරයි.
මෙබැවින්, පාවහන් නොපැළඳ වැල්ලේ ඇවිදීමෙන් හිතකර ව්‍යායාමයේ ක්‍රියාදාමයක ප්‍රයෝජන සපයනවා පමණක් නොව, නමුත් යටි පතුලේ සහ පාද සන්ධිවල ගෙවී යෑමද අඩු කරයි. සන්ධි ප්‍රදාහය යන්තමින් ඇතුව සිටින අයට, ව්‍යායාමයෙන් සිදු කළ වේදනාව අඩු කරයි.
පරෙස්සම් වීමට වචනයක්
කෙසේවුවත්, ළඟම මුහුදු වෙරළට හෝ වැලි කන්දට දුවන්ට පෙර පරෙස්සම් වීමට මෙම කරුණු මතක තබාගන්න. ඔබ කිසිවක් නොපළඳා ඇවිදින විට, ඉතා පිරිසිදු හා කැපෙන දේවලින් තොර වැල්ලක ඇවිදීමට ස්ථිර වන්න. ඔබට දියවැඩියාව හෝ හෘද රෝග වැනි යම් දරුණු සෞඛ්‍ය ගැටලු තිබේ නම්, ඕනෑම ව්‍යායාමයක් අලුතෙන් පටන්ගැනීමට පෙර ඔබ ඔබේ වෛද්‍යවරයාව හමුවිය යුතුය. එමෙන්ම, වෙනත් ඕනෑම ව්‍යායාම් වැඩසටහනක මෙන්, ඔබ වැල්ලේ ඇවිදින විට සෙමින් හෝ ප්‍රමාණවත් වේගයකින් ඇවිදීමට පටන්ගෙන සති ගණනකදී ක්‍රමක්‍රමයෙන් වේගය වැඩි කරන්න. මෙය ඔබ සඳහා ආරක්ෂිත මෙන්ම වඩා ප්‍රීතිදායක ව්‍යායාමයේ ක්‍රියා මාර්ගයකට මඟ පෑදිය හැක.
කිසිවක් නොපැළඳ වැල්ලේ ඇවිදීම විනෝදයකට වඩා වැඩි දෙයකි; එය ඔබට සහ ඔබේ පතුල්වලට වඩා හොඳ සෞඛ්‍යයක් සඳහා පියවරවල පටන්ගැන්ම විය හැක. තවද මුහුදු වෙරළේ හෝ නොගැඹුරු ජලයේ වෙනත් යමක්—සිප්පිකටු, පොඩි මාළු, කුඩා කකුළු වර්ගයට අයත් සතුන්, නොයෙක් පක්ෂීන් සහ කෘමීන් ඔබට සොයාගත හැකිවේදැයි කවුද දන්නේ. එබැවින් ඔබේ සංවේදීය ඉන්ද්‍රියන් අවදිව තබාගෙන ඇවිදීමේ ප්‍රීතිය භුක්තිවිඳින්න. g95 3/8