ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 6/8 32 පි.
  • යෞවනයෝ අගය ප්‍රකාශ කරත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයෝ අගය ප්‍රකාශ කරත්
  • 1995 පිබිදෙව්!
1995 පිබිදෙව්!
g95 6/8 32 පි.

යෞවනයෝ අගය ප්‍රකාශ කරත්

මෙහි සිටින යෞවන අය සියලුදෙනාම නයිජීරියාවේ උසස් පාසැල් ශිෂ්‍යයෝ වෙති. නයිජීරියාවේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියූ ලිපියක ඔවුහු මෙසේ සඳහන් කළහ: “යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත ප්‍රකාශයට පත් කිරීමෙන් යෞවනයන් වන අපට ඔබ දක්වා තිබෙන සැලකිල්ල සඳහා ඔබට ස්තුති කිරීමට අපි කැමැත්තෙමු.

“ලෝකයේ බලපෑම්වලට විරුද්ධ වීමටත්, ශුද්ධ ලියවිලිමය නොවන ඉගැන්වීම් නිෂ්ප්‍රභ කිරීමටත්, මෙම ප්‍රකාශනය අපට උපකාර කර ඇත. යෞවනයන්ගේ සැලකිල්ලට භාජන වන්නා වූ විවිධ විෂයන් රාශියක් එහි සාකච්ඡා කරනු ලබන අතර, එහි අඩංගු උපදෙස් හැමවිටම බයිබලය මත පදනම්ව තිබේ. ප්‍රඥාවන්ත අය සමඟ හැසිරීමටත් මෝඩ අය සමඟ සමාගම් පැවැත්වීමෙන් වැළකීමටත්, බයිබලය දෙන උපදෙස්වල ප්‍රඥාව වටහාගැනීමට තුල්‍ය පීඩනය සාකච්ඡා කරන කාණ්ඩය විශේෂයෙන් අපට උපකාරවත් විය. අපි එකිනෙකා සමඟ ප්‍රේමයෙන් ඉවසා සමාදානයේ බැම්මෙන් ආත්මයේ එක්සත්කම පවත්වාගන්ට බලවත් උත්සාහයක් දරන ආකාරය ගැන අපගේ පාසැලේ සිටින අනික් ශිෂ්‍යයෝ පුදුම වෙත්.

“අපේ පාසැලේ ශිෂ්‍යයන් අතර හැමවිටම අපේ හැසිරීම හොඳින් පවත්වාගැනීමට උත්සාහ දරන අපි, අපව වැරදි ආකාරයකට පෙලඹවීමට තැත් කළ හැකි අය නොතකා, සවන් යොමු කිරීමට කැමැත්තක් දක්වන සියලු ශිෂ්‍යයන්ට රාජ්‍ය බලාපොරොත්තුව උද්‍යෝගයෙන් ප්‍රකාශ කරන්නෙමු.”

එම ලිපිය අත්සන් කර තිබුණේ, “නයිජීරියාවේ ආබා අබියා රාජ්‍යයේ, ඕල් සේන්ට්ස් සෙකන්ඩරි ස්කූල්හි යෙහෝවඃවහන්සේගේ යෞවන සාක්ෂිකරුවන් වෙතින්,” යනුවෙනි.

යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොතේ පිටපතක් හෝ නොමිලයේ නිවාස බයිබල් පාඩමක් ලබාගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න. g95 2/8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න