ද්‍රව්‍යමය සමෘද්ධිය ලුහුබැඳීම
තායිවානයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
‘මුදලින් සන්තෝෂය මිල දී ගත නොහැක!’ එම ප්‍රකාශයට බොහෝදෙනෙකු සාමාන්‍යයෙන් එකඟ වුවත්, ඔවුන්ගෙන් බහුතරයක්, වඩාත් සන්තෝෂවත් ජීවිතයකට මඟක් වශයෙන් තවමත් ද්‍රව්‍යමය වස්තු අත්නෑර ලුහුබඳිමින් සිටිත්. ඇරත් එසේ නොකළ යුත්තේ මන්ද? හැම දේම සලකා බැලූ විට, මිනිස්වර්ගයාගේ ගැටලු රැසකට විසඳුම ද්‍රව්‍යමය සාර්ථකත්වය මත රඳා පවතින බව පෙනෙයි.
සෑම මිනිසෙක්, ස්ත්‍රියක් සහ දරුවෙක් ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් ජීවිතයක් භුක්තිවිඳිමින් සිටියෙහු නම් ලෝකය කොපමණ වෙනස් වනු ඇද්දැයි කල්පනා කර බලන්න! ලෝකයේ තිබෙන මුඩුක්කු නිවාසවල ජීවත්වන මිලියන සංඛ්‍යාතයන්ට ඇතිවන නින්දා සහ දුක්වේදනා තවත් නොපවතිනු ඇත. දැනට ධනවත් දිළිඳු ආදී සෑම රටකටම හිරිහැරයක් වන නිවාස නොමැතිකමේ ගැටලුවද තවත් නොවනු ඇත.
තවද සන්තෝෂයට එතරම් අත්‍යවශ්‍ය වන්නාවූ හොඳ සෞඛ්‍ය තත්වය ගැන කුමක් කිව හැකිද? වෛද්‍ය විද්‍යාව ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින නමුත්, එයින් ලබාගත හැකි සේවාවන්ට ගෙවීමට තමන්ට නොහැකි බව එන්ට එන්ටම වැඩිදෙනෙකු විසින් සොයාගනු ලැබේ. අනික් අතට, සාගින්න සහ මන්දපෝෂණය තවමත් මිලියන සංඛ්‍යාතයන්ගේ දෛනික අද්දැකීම වේ. සමෘද්ධිය ලොව දස දෙස පැතිර තිබුණි නම්, සෑම කෙනෙකුටම වඩාත් සෞඛ්‍යසම්පන්න මෙන්ම, එමනිසා වඩාත් සන්තෝෂවත් ජීවිතද ගත කිරීමට ප්‍රස්තාවක් ලැබෙනු ඇත—එසේ නොවේද?
පෘථිවියට පවා එය ප්‍රයෝජනවත් වනු ඇත. ඒ කෙසේද? මාරාන්තික දූෂක ද්‍රව්‍ය මගින් පෘථිවියේ පරිසරයට දැන් හානි සිදුවෙමින් පවතියි, මෙය යම් ප්‍රමාණයකට කරනු ලබන්නේ පාෂාණිධාතු ඉන්ධන දැවීමෙනි. එහෙත්, වඩාත් පිරිසිදු ශක්ති වර්ග ප්රයෝජනයටගැනීම සඳහා වූ තාක්ෂණය උපයෝගි කරගැනීමට වෑයම් නොකිරීම සඳහා දෙන ලද එක් හේතුවක් වනුයේ ඒවා අතිශයින් මිල අධික වීමය. තවත් බරපතළ පාරිසරික විද්‍යාත්මක තර්ජනයක් වන, වර්ෂා වනාන්තරවල විනාශයටද විශාල වශයෙන් වරද තබා තිබෙන්නේ ආර්ථිකමය සාධක මතයි.
පෙනෙනාකාරයට ද්‍රව්‍යමය සමෘද්ධිය මගින් අපගේ ගැටලු බොහොමයක් විසඳීමට හැකිවීමත්, දුක්විඳීම බොහෝදුරට තුරන් කළ හැකි නිසාත්, දිගු කලක් තිස්සේ ජනයා විසින් සන්තෝෂය සමඟ ධනය සම්බන්ධ කර තිබීම පුදුමයක් නොවෙයි. නිදසුනකට, අලුත් වසරක් උදාවන විට බටහිර ජාතිකයෝ සිරිත් පරිදි එකිනෙකාට “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යනුවෙන් ආචාර කරන නමුත්, චීන ජාතිකයෝ අලුත් චන්ද්‍ර වසරේදී චාරිත්‍රානුකූලව එකිනෙකාට කියන්නේ “කුංෂි ෆා ට්සයි” යනුවෙනි, එනම් ඔවුන්ට ‘බොහෝ ධනය ලැබීමේ අපේක්ෂාව’ ප්‍රකාශ කිරීමය! එසේය, ජනයා විසින් ද්‍රව්‍යමය සමෘද්ධියට ඉතා උසස්, එසේත් නැතහොත් උසස්තම ප්‍රමුඛත්වය දෙනු ලබන ලොවක අපි ජීවත්වෙමු. සාර්ථකත්වය නැතහොත් අසාර්ථකත්වය බොහෝවිට මනිනු ලබන්නේ ද්‍රව්‍යමය මිනුම් දණ්ඩකිනි.
ද්‍රව්‍යමය දේවල් අත්කරගැනීම සහ භුක්තිවිඳීම තනිවගත් කල, ඒවා වැරදි නොවුවත්, එමගින් සන්තෝෂය සහතික කළ හැකිද? එයට කොපමණ වැදගත්කමක් සම්බන්ධ කළ යුතුද? සැබවින්ම වඩා හොඳ ලොවකට එකම මඟ ද්‍රව්‍යමය සමෘද්ධියද? g94 12/8