ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 11/8 20-23 පි.
  • “දැති” සහිත දුම්රියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දැති” සහිත දුම්රියක්
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අවශ්‍යව තිබෙන්නේ මන්ද?
  • අසීරු ඉදිකිරීමක්
  • ප්‍රීතිය සමඟින් බියද දනවන මාර්ගයක්
  • ‘ඔබේම නිවසේ සිටිනවාට වඩා බොහෝ ආරක්ෂිතය’
  • දෙකෙළවර යා කළ යකඩ පාර
    2010 පිබිදෙව්!
  • උතුර දකුණ යා කළ දුම්රිය මාර්ගය
    2008 පිබිදෙව්!
  • “තටු නැති ගුවන් යානය”
    2008 පිබිදෙව්!
  • යෞවන දුම්රිය ලෝලියෙක් සත්‍යය ඉගෙන ගනී
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 11/8 20-23 පි.

“දැති” සහිත දුම්රියක්

ග්‍රීසියේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

භයානක ලෙස විශාල පර්වත ඉහළින් නෙරා ඇත, ඊට පහළින් දඟරාකාරව රුදුරු ලෙස ගලා යන ගංගාවකි, සාරවත්ව වැඩුණු ගස්වලින් ගහණ වූ මෙම ජන ශුන්‍ය පටු ගිරි කඳුරේ මැද ඔබ සිටිනවා යයි සිතන්න. ඔබ තට්ට තනියමේ සිටින බව ඔබට හැඟෙනවාත් සමඟම, ඇඹරෙන හා සටපට ගා ශබ්දවෙන හඬක් හදිසියෙන් ඈතකින් ඇසෙන්නට වේ. පැමිණීමට ඉතා දුෂ්කර මෙන් පෙනෙන මිනිසාගේ බලපෑම හසු නොවූ මෙම හුදෙකලා ස්ථානයේ ඔබ දකියි කියා කොහෙත්ම නොසිතන දෙයක් නම් නවීන දින ගමනා ගමන රථයකි. එහෙත් ශබ්දය ඉතා පැහැදිලියි—දුම්රියක් එනවා!

ශබ්දය වඩා කිට්ටු වෙත්ම, මැද ඩීසල් එන්ජිමක්ද පෙට්ටි දෙකක්ද පමණක් ඇති කුඩා දුම්රියක්, දළ කඳු බෑවුම දිගේ සෙමින් සෙමින් ඉහළට උස ගස් අතරින් පැමිණෙන බව ඔබට පෙනෙයි. යුරෝපයේ දුම්රිය මාර්ගවලින් ඉතාමත්ම සිත්ගන්නා හා දර්ශනීය එකක් වන ග්‍රීසියේ පෙලොපොනිසොස් ප්‍රදේශයේ පිහිටා ඇති, තිආකොප්ටෝන්-කාලාව්‍රිටා දැති පීලි දුම්රිය මාර්ගයට සාදරයෙන් පිළිගන්නට කැමැතියි. ග්‍රීක් භාෂාවෙන් මෙම දුම්රිය මාර්ගය යොමු දක්වා තිබෙන්නේ ඕතෝඩෝටෝස් වශයෙනි, වචනානුසාරයෙන් මෙහි අදහස “දැති සහිතය,” යන්නය, ඉතාමත්ම සුදුසු නමක් බව ඔබ සොයාගනු ඇත.

අවශ්‍යව තිබෙන්නේ මන්ද?

උතුරු පෙලොපොනිසොස්හි පිහිටි කාලාව්‍රිටා නගරය, අවට ප්‍රදේශයේ ආර්ථික හා පරිපාලන මධ්‍යස්ථානය වේ. ඇතැම් ප්‍රසිද්ධ තාපසාරාම අවට ප්‍රදේශවල පිහිටා ඇති නිසා එය ආගමික හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්ද වේ. නගරය කඳු තැනිතලාවක් තුළ පිහිටා ඇති හෙයින්, එය වටකරන වනාන්තර නිසාත්, එහි බොහෝ දිය උල්පත් හා එහි සනීපදායී දේශගුණයද නිසාත් එය ස්වාභාවික අලංකාරයටද ප්‍රසිද්ධය.

එහි ඉතිහාසයේ උච්ඡ අවධිය වූ 19වන ශතවර්ෂයේ මැද භාගයේදී, නගරයෙහි 6,000ක ජනගහනයක් සිටියහ. නමුත් රළු කඳු සහිත භූමිප්‍රදේශයක් එය වටේ තිබුණු නිසා එය මුහුදුබඩ නගරවලින් හා ගම්මානවලින් හුදකලා වී තිබුණි. එහි පාරවල්වත්, අදහස් හුවමාරු කිරීමේ වෙනත් කිසි මාධ්‍යයන්වත් නොතිබුණු අතර නගරය තුළට ඒමට හා එයින් යෑමට අසු පිටින් හෝ බූරුවන්-අදින කරත්තවලින් අතිශයින් වෙහෙසට පත්කරන ගමනක යෙදෙන්නට සිදුවිය. වෙරළබඩ තීරයට යෑමට වඩාත්ම පහසු මාර්ගය වූයේ ගැඹුරු කැනියමක් මාර්ගයෙනි, එහි පතුලේ වූරේකොස් ගඟ ගලා යන අතර එම ගඟ අවසන් වන්නේ තිආකොප්ටෝන් ගම්මානයෙනි.

විසිවන සියවස ඇරඹීමට පෙර, මුහුදුබඩ නගරවලට අත්‍යවශ්‍ය ගමන් මඟක් වූ ප්‍රයෝජනදායක මෙන්ම සිත්ගන්නා දුම්රිය ගමන් මර්ගයක් මෙහි තැතිය යුතු යයි තීරණය කරන ලදි. කෙසේවුවද, ඉංජිනේරු අධ්‍යයනයන් හෙළි කළේ, දුම්රිය මඟට ඉතා දළ බැවුම්ද පසුකර යෑමට තිබූ බවයි. මේ සම්බන්ධයෙන් අවශ්‍යව තිබුණේ දැති පීලි දුම්රිය මඟකි.

දැති පීලි හෙවත් දැති රෝද දුම්රිය මඟක් යනු කුමක්ද? එය ඉතා දළ බෑවුම් සහිත භූමි ප්‍රදේශ සඳහා සැලසුම් කර තිබෙන්නකි; සාමාන්‍ය රේල් පීලි අතරට දැති සහිත රේල් පීල්ලක්—එනම් වානේ රේල් පීල්ලක් තනා තිබෙනවා, මෙයට එකිනෙකට සම්බන්ධ විය හැකි වන සේ එන්ජින් රෝදයේ දැති සාදා තිබේ. මෙමගින් දුම්රිය ඉහළට ඇදෙන විට පහළට ලිස්සීමෙන් හෝ එය පල්ලමේ යන විට ඉදිරියට ලිස්සීමෙන් හෝ වළක්වයි.

තිආකොප්ටෝන්-කාලාව්‍රිටා රැක් දුම්රිය මාර්ග සම්බන්ධයෙන් සලකා බලන විට, උපරිම ආනතිය 7ට 1ක් (තිරස් අඩි හතකට සිරස් අඩි 1ක ආනතියක්) වන අතර, මෙය මාර්ගයේ වෙනස් ස්ථාන තුනක පවතියි. මෙබැවින්, දුම්රිය මාර්ගයේ මෙම කොටස් තුනේදී, දුම්රිය රියැදුරාට දුම්රිය නවත්වන්නට සිදුවේ. දැති පීල්ල මත දැති රෝදය සන්ධිවීමට සලස්වා, පාලනයෙන් යුතුව අඩු වේගයකින් යළි ගමන අරඹයි.

අසීරු ඉදිකිරීමක්

දුම්රිය මඟට අසීරු භූමි ප්‍රදේශයක් හරහා යෑමට තිබුණු නිසා, එය ඉදිකිරීම සඳහා විශාල ඉංජිනේරු වික්‍රමයක් කරන්නට සිදු වී තිබුණි. ඉතාලි ඉදිකිරීමේ සමාගමකට වැඩය පැවරුණු අතර, එය 1891දී ඇරඹුණි. ඉදිකිරීම සඳහා දේවල් වඩා පහසු කරවීමට, දුම්රිය පීලි අතර පරතරය පටු (අඟල් 30) එකක් කිරීමට තෝරාගනු ලැබීය.

වර්ෂ පහකට පසුව, 1896දී, ගල් ටොන් ගණනක් ඉවත් කර තිබුණි. කඳු පර්වත සිදුරු කර උමං නවයක් සාදා තිබුණු අතර පාලම් හයක් තනා තිබුණි. ආරම්භයේදී සියලුම පාලම් ආරුක්කුවේ හැඩයට ගල්වලින් බැඳ තිබුණ නමුත්, වසර ගණනකට පසු ඇතැම් ඒවා වානේ පාලම් බවට පත් කරනු ලැබීය. සැතපුම් 14ක් දක්වා අඩි 2,400ක උසකට නගින අලුත්ම දුම්රිය මාර්ගය ප්‍රයෝජනයට ගැනීමට සූදානමින් තිබුණි. එහි පසුබිම ඔබ දැන් දන්නවා, දුම්රියට ගොඩවී එහි දර්ශනීය ගමන් මාර්ගය භුක්තිවිඳීමට ඔබ කැමතිද?

ප්‍රීතිය සමඟින් බියද දනවන මාර්ගයක්

මුහුදුබඩ තිආකොප්ටෝන්වලින් පිටත්වන අංක 1328, උදෑසන දුම්රියට අපි නඟිමු. අප ගම්මානය පසුකර යද්දී සන්සුන්ව, සෙමින් සෙමින්, ගමන ඇරඹෙනවා. අප බලවත් බලාපොරොත්තුවකින් පිරී සිටියත්, මෙම දුම්රියෙන් බොහෝ වරක් ගමන්ගෙන තිබුණු ගම්මානයේ ජනයා, ඒ දෙස බැලීමට ඔවුන්ගේ හිස් හරවන්නටවත් කරදරවන්නේ නෑ. එහෙත් කුල්මත් බව අඩු නොවී අපි දිගටම යමු.

විනාඩි කීපයක් ගතව ඇත, භයානක ගිරි කඳුරකට දොරටුව අපට පෙනෙයි. එය ප්‍රීතිය සමඟින් බියද උපදවන දසුනක්. අපගේ වම් පැත්තෙන් ගඟ රුදුරු ලෙස ගලාගෙන යයි, විශාල පර්වත තර්ජනාත්මක ලෙස අප ඉහළින් ඉදිරියට නෙරා එල්ලෙමින් තිබේ, ඒවා උඩින් පයින් ගස් අස්ථිරව මුල් බැස ගෙන තිබේ. පර්වත අතරින් දඟරාකාරව යන ගංගාව එහි මාර්ගය සුන්දර ලෙස කැටයම් කර තිබේ.

වෘක්ෂලතාදිය ඝනව, සාරවත්ව වැඩී තිබේ. විශාල ප්ලේන් ගස් සහ බීච් ගස්වලින් ගහණ කැලෑ තුළින් අපගේ දුම්රිය හොර රහසේ යන්නාක් මෙන් පෙනෙයි. එම ගස්වල අතු අපගේ දුම්රියේ වැදෙන්න ඔන්න මෙන්න තරම්ව තිබුණි. දැනට ශතවර්ෂයක් තරම් කාලයක් දුම්රිය ක්‍රියාත්මක වී තිබුණත්, මෙම දොරුවේ ඇතැම් කොටස් සැබවින්ම ළඟාවිය නොහැකියි, ගමන් කරන්නාට පමණක් ඒවායෙහි අලංකාරය දැකගන්න පුළුවනි.

නිආමාටා නමින් හැඳින්වෙන ප්‍රථම දුම්රිය ස්ථානයට අප ළඟාවන විට, එහි ගොවීහු ස්වල්ප දෙනෙක් ඔවුන්ගේ කුඹුරුවලට ගමන් කරනු වස් දුම්රියෙන් බසිති. අපි දිගටම යන විට, භූමි ප්‍රදේශයේ බෑවුම වඩ වඩා දළ වන අතර එකපාරටම දුම්රිය නවතියි. සැබවින්ම, කිසි වරදක් නොතිබුණු නමුත්, පරෙස්සමින් ඉදිරියට යෑම සඳහා දැන් රියැදුරාට මැද දැති පීල්ල ප්‍රයෝජනයට ගැනීමට සිදුවෙයි. එන්ජිමේ රෝද, දැති අතරට සන්ධිවෙනවා අපට දැනෙයි, එය දුම්රියට, වඩා ස්ථාවර ගමනක් ලබාදේ. ඊළඟට අපට කරදර වෙන්න එපා කියා අප ළඟ සිටින පළපුරුදු මගියා කිව්වත්, අප ඉතා බෑවුම් සහිත නැග්ම දකිනවාත් සමඟම අපට සුළු ප්‍රමාණයක කාන්සාවක් දැනෙයි.

ගිරි කඳුරේ වඩා ඇරී තිබෙන කොටස්වල බිත්ති දිගේ අපට විශාල ගුහාවල් දක්නට ලැබේ, ප්‍රදේශයේ වැසියන් ඒවා බැටළුවන් සඳහා ගාල් ලෙස භාවිත කරයි. වම් පැත්තේ, ඉතා සිත්ගන්නා හිරිලඹ හා හිරිටැඹ සමඟින් වඩා කුඩා ගුහා ඇත. හැම පැත්තෙන්ම දිය ඇලි ඇද හැළෙන අතර ඒවායෙහි දෝංකාරය සමඟ මුසු වූ එහි ශබ්දය දොරුවේ හැඩයෙන් තව තවත් වැඩි වේ. මෙහි, වමේ තිබෙන්නේ නායයෑම්ය, ඒවා අඩු ස්ථාවරත්වයෙන් යුතු දිය ඇලි සමහරක් සාදා ඇති අතර, ඒවා අන්තිමේදී ගලායන ගඟෙන් පහකර දැමේ. දුම්රියට නොනැඟ ඇවිදින්නට තීරණය කළ හැඩිදැඩි මිනිසුන්ව පසුකර අපි යන්නෙමු.

අප උස් පාලමක් පසුකරනවාත් සමඟම කඳුරු නිම්නය හා ගඟ තව තවත් ගැඹුරු වේ. එක් තැනකදී, දොරුව ඉතා පටුය—අඩි හතක් තරම් පළලය—එමෙන්ම දළ බෑවුමට සමාන්තර උමඟක් තුළින් යෑමට දුම්රියට සිදුවේ.

අප තවත් උමං හා පාලම් පසු කළාට පසුව, දොරුව ක්‍රමයෙන් විවෘත වී, අන්තිමේදී පටු නිම්නයක් බවට පත්වන අතර, වැඩි වේලා යෑමට පෙර, කාටෝ සාච්ලොරූ ගම්මානය වන දෙවෙනි නැවතුම් පොළට අප ළඟාවේ. කුඩා දුම්රිය ස්ථානයේ සංඥා පුවරුවේ අඩි 1,970ක උසක් පෙන්නුම් කෙරේ. මේ ගම්මානයේ නිවාස කීපය නිම්නයේ දෙපැත්තේ තනා ඇති අතර ඒවා විශාල ප්ලේන් ගස් සහ වෝල්නට් ගස් අතර සැඟවී තිබේ. වාතයේ ඇති මහත් ආර්ද්‍රතාව ඔබට දැනිය හැකි අතර ගම්මානයේ වැසියන්ගෙන් ඔබ ඇසුවොත්, මෙම අඳුරු නිම්නයේ සිය ජීවිත කාලයේදී ඔවුන්ට බොහෝ හිරුඑළිය භුක්තිවිඳින්නට ලැබී නැති බව පවසයි. නිම්නයේ හැඩය නිසාත්, ගස් ගහණව වැඩී ඇති නිසාත්, දවසකට හිරුඑළිය දකින්නට තිබෙන්නේ පැය කීපයකට පමණි—තවද ශීත ඍතුවේදී ඊටත් වඩා අඩුය.

කාටෝ සාච්ලොරූ පසුකොට දිගටම යන විට, දුම්රිය විලෝ ගස් සහ යුකලිප්ටස් ගස් පසුකර යමින් වොරෙයිකොස් ගඟේ සමතලා පතුලට සමාන්තරව වඩා සාමාන්‍ය ගමනකට ඇදී යන්නට වුණි. විනාඩි 65ක මනහර ගමනකින් පසු, අපට උදෑසන මීදුම අතරින් කාලාව්‍රිටාවල ගොඩනැගිලි දැකගන්න පුළුවනි. මෙම නගරයේ සිටින්නේ වැසියන් 3,000ක් පමණ වුවත්, වසරේ ඕනෑම සමයකදී බොහෝ සංචාරකයෝ එහි ඇදී එති. සමහරුන්, අසල පිහිටි ස්ථානයක හිම තරණය භුක්තිවිඳීමට පැමිණෙන අතර වෙනත් අය එහි හොඳ දේශගුණයේ හා පිසින ලද ප්‍රාදේශීය ප්‍රණීත ආහාරවල රස විඳීමට පැමිණෙති.

‘ඔබේම නිවසේ සිටිනවාට වඩා බොහෝ ආරක්ෂිතය’

අපි දුම්රියෙන් බසිනවාත් සමඟම, අපව මෙහි සන්සුන්ව, ආරක්ෂිතව ගෙනා දුම්රිය රියැදුරා වන යොආනි සමඟ අපි සතුටු සාමීචියේ යෙදුණෙමු. “මම හැමවිටම මේ ගමනට සතුටුයි,” කියා ඔහු පමණ ඉක්මවා නොයන සෑහීමකින් පවසයි. යමක් මතක් වුණාක් මෙන්, ඔහුගේ ඇස් ඔසවමින්, ඔහු මෙසේ පවසයි: “නමුත් ශීත සමයේදී දේවල් දරුණු වෙනවා. දුම්රිය සැමවිටම පිරී නැති නිසා මෙම භයානක ගිරි කඳුර මැදදී ඔබට ඉමහත් තනිකමක් දැනෙයි. නායයෑම්, හිම, ශීතල සහ නොනවතින ඝන මීදුමද තිබෙනවා. නමුත් මා මෙම මාර්ගයේ සිට වෙනත් ‘සාමාන්‍ය’ මාර්ගයකට මාරු වීමට කැමති නෑ.”

මේ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව ගැන අපට අසන්නට වූ විට, යොආනි ස්ථිරයෙන්ම මෙසේ පවසා සිටියි: “ඔබේම නිවසේ ඉන්නවාට වඩා මේ දුම්රියේ ඉන්නකොට ඔබ බෙහෙවින් ආරක්ෂිතව සිටිනවා!” ඇත්තවශයෙන්ම, මේ දුම්රිය මාර්ගයේ වසර-100ක තරම් ඉතිහාසයේදී සිදුවී තිබෙන්නේ එක සුළු අනතුරක් පමණි. එයත් බරපතළ හානි නැතිවය.

එක්දහස් නවසිය සතළිස් හා 1950 ගණන්වලදී, හුදකලාවූ කාලාව්‍රිටා නගරයේ ජනාවාසීන්ට හා අවට ළඟා වීමට දුෂ්කර ගම්මානවලට යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයේ “ශුභාරංචිය” ගෙන ඒමට යොදාගත් මාධ්‍යය මෙම අද්විතීය දුම්රියයි. (මාර්ක් 13:10) අදදින, ප්‍රතිඵලයක් වශයෙන්, කාලාව්‍රිටාවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කුඩා ජ්වලිත සභාවක් තිබේ.

එනිසා ඔබ ග්‍රීසිය බලන්නට යනවා නම්, ඔබේ දර්ශනීය දෑ බැලීමේ සංචාරයට තිආකොප්ටෝන්-කාලාව්‍රිටා ඔතෝඩෝටෝස්, එනම් “දැති සහිත දුම්රිය” ඇතුළත් නොකරන්නේ මන්ද? ඔබගේ මතකයේ බොහෝ කලකට තිබෙන්නට යන එකක් වන මහඟු අද්දැකීමක ප්‍රීතිය භුක්තිවිඳිනවාට සැකයක් නැත! g94 7/8

[21 පිටුවෙහි ඇති කොටුව]

“නඩු ශාලාව”

දුම්රිය මාර්ගයෙහි අතර මඟ විශාලතම ගුහාවකට එහි වැසියන් දී තිබෙන්නේ මෙම නමයි. මන්ද? මෙම ගුහාවේ හිරිලඹවල හා හිරිටැඹවල හැඩයන් නඩු ශාලාවකට සමාන සිත්ගන්නා යමක් ඉදිරිපත් කරන නිසාය. පසුබිමෙහි “විනිශ්චයකරුවන්” බංකුවේ වාඩිවී සිටිනවා දකින්නට ඔබට පුළුවන්—මෙම උත්කෘෂ්ට තැනැත්තන් සාදා තිබෙන්නේ ශක්තිමත් හිරිටැඹවලින්. දෙපැත්තේම, නඩු විභාගය නරඹන තව බොහෝ හිරිටැඹ “සාක්ෂිකරුවන් හා “නීතිඥයන්” සිටිනවා. අවසාන වශයෙන්, ගුහා කටේදී, වරදකරු බවට තීන්දු කර ඝාතනය කළ අප්‍රාණික “විත්තිකරුවන්” දිග හිරිලඹ දෙකක් වශයෙන් ගුහාවේ වහලේ එල්ලෙනවා නිරීක්ෂණය කරන්න කෙනෙකුට පුළුවන්.

[22 පිටුවෙහි ඇති පින්තූරය]

“දැති” සහිත දුම්රියේ ගමන් මඟ

ග්‍රීසිය

තිආකොප්ටෝන්, කාටෝ, සාච්ලොරූ, කාලාව්‍රිටා

[23 පිටුවෙහි ඇති පින්තූරය]

උඩ මැද: මෙග ස්පිල්යාන් දුම්රිය නැවතුම් පොළ

පහත: පටු කඳුවැටිය නගින “දැති,” සහිත දුම්රිය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න