ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම
“ඒඩ්ස් රෝගයෙන් බලපෑමට ලක්වූ දේවගැතිවරයෙක් පල්ලිවල දොරටු තමාට වසනු ලැබ ඇති බව දකියි” යන්න නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපියක සිරස්තලය විය. බැප්ටිස්ට් සභාවේ දේවගැතිවරයෙකුගේ භාර්යාවට 1982දී දෙන ලද රුධිර ප්‍රවේශනයක් හේතුවෙන් ඇයත් ඇගේ දරුවන් දෙදෙනාත් (දරුවන්ට ආසාදනය ගර්භාශයේදී සිදු විය) ඒඩ්ස් වෛරසයෙන් ආසාදිත වීම සම්බන්ධ කථාව එම පුවත්පත විස්තර කළේය. පසු කලකදී, එම රෝග තත්ත්වය නිසා විවිධ බැප්ටිස්ට් සභාවන්වලින් ඔහුගෙත් ඔහුගේ පවුලෙත් පැමිණීමට දිරිගැන්වීමක් නොලැබුණි. බලාපොරොත්තු සුන්වූ ඔහු, එසේ පැමිණීමට තැත් කිරීම නතර කළ අතර, බැප්ටිස්ට් සභාවේ සේවයෙන්ද අස් වූයේය.
මෙම මිනිසාගේ පල්ලියේ අසමර්ථකම නිසා හටගත් නිෂ්ඵලභාවය ප්‍රශ්න බොහොමයක් මතු කරයි: ඒඩ්ස් රෝගය ඇති අය ඇතුළු, අසනීප වූවන් ගැන දෙවියන්වහන්සේ සලකන සේක්ද? ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද? ඒඩ්ස් රෝගය ඇති අයට ක්‍රිස්තියානි සහනය සපයන විට ගත යුතු පූර්වෝපායන් මොනවාද?
ආසාදිත වූවන් සඳහා වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය
පීඩා විඳින අය උදෙසා සර්වබලැති දෙවියන්වහන්සේ ගැඹුරු සංවේදනයක් විදහාපාන බව බයිබලය පෙන්වයි. යේසුස්වහන්සේ පොළොවේ විසූ කාලයේදී, උන්වහන්සේද රෝගීන් සඳහා හෘදයාංගම අනුකම්පාව දැක්වූ සේක. එමෙන්ම ජනයාගේ සියලු ආකාර අසනීප සුව කිරීමට දෙවියන්වහන්සේ උන්වහන්සේට බලය දුන් සේක, ඒ සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසයි: “බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළ සේක.”—මතෙව් 15:30.
යේසුස්වහන්සේ කළාක් මෙන් ආශ්චර්යවත් ආකාරයකින් ජනයා සුව කිරීමට අදදින පොළොව මත සිටින කිසිවෙකුට දෙවියන්වහන්සේ බලය දී නැති බව සැබෑවකි. එසේ වුවත් ඉතා ඉක්මනින් දෙවියන්වහන්සේගේ නව ලෝකය තුළ, ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ බව බයිබල් අනාවැකි දක්වයි. (යෙසායා 33:24) “[දෙවියන්වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” යනුවෙන් බයිබලය පොරොන්දු කරයි. (එළිදරව් 21:4) මිනිස්වර්ගයා උදෙසා දෙවියන්වහන්සේට තිබෙන ඉමහත් ප්‍රේමය නිසා, ඒඩ්ස් ඇතුළු සියලු අසනීපවලට උන්වහන්සේ විසින් නිත්‍ය සුවයක් සූදානම් කර තිබේ.
ගීතාවලිය 22:24 දෙවියන්වහන්සේ ගැන මෙසේ සඳහන් කරයි: “උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.” උපකාරය ඉල්ලමින් අවංකව දෙවියන්වහන්සේට හඬ නගන අය කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය ලබාගත හැක.
ඒඩ්ස් වෛරසය වැළදෙන්නේ කාටද?
ඒඩ්ස් වනාහි ප්‍රධාන වශයෙන් ජීවන-රටාව අනුව වැළදෙන රෝගයකි. ආසාදිත වූ බොහෝ දෙනෙක් අතීතය දෙස හැරී බලන විට, ගීතාවලිය 107:17 සමඟ එකඟ වෙති, එහි මෙසේ සඳහන් වෙයි: “මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් [අවසානයේදී, NW ] පීඩා විඳිති.”
පුද්ගලයෙකු බයිබල් ප්‍රතිපත්ති ඉවතලා, දෙවියන්වහන්සේගේ විවාහ විධිවිධානයට පිටින් සමීප ලිංගික සබඳතාවන්හි සහභාගි වන විට, ඒඩ්ස් වැළඳීමට හෝ අන්අයව ආසාදිත කිරීමට ඇති අවදානම බෙහෙවින් සැබෑවක් වේ. තවද, අන්තඃ-ශෛරිකව මත්ද්‍රව්‍ය විදීම සඳහා පුද්ගලයන් ඉඳිකටු හවුලේ බෙදාගන්නා විටද, ඔවුන්ට ඒඩ්ස් බෝවිය හැකි අතර අන්අයට එම වෛරසය පතුරුවා හැරීමටද ඔවුන්ට හැකිය. තවදුරටත්, ආසාදිත දායකයන්ගෙන් ලැබූ රුධිර ප්‍රවේශන මගින්ද බොහෝ දෙනෙකුට ඒඩ්ස් වැළඳී තිබේ.
කෙසේවෙතත්, විශාල අහිංසක පිරිසක් ඒඩ්ස් වෛරසයෙන් ආසාදනය වීමත්, බොහෝ ආකාරවලින් ඔවුන්ට එසේ සිදුවීමත් දුක්ඛදායක දෙයක් වේ. නිදසුනක් වශයෙන්, විශ්වසනීය විවාහ කලත්‍රයන් බොහෝ දෙනෙක්, තමන්ගේ පැත්තේ කිසි වරදක් නැති නමුත්, ආසාදිත වූ ඔවුන්ගේ විවාහ කලත්‍රයා මාර්ගයෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වෙමින් සිටිති. තවද, විශේෂයෙන් ඇතැම් ප්‍රදේශවල සිටින දරුවන්ගෙන් තැතිගන්වන සංඛ්‍යාවකට ආසාදිත මව්වරුන්ගෙන් ඒඩ්ස් වෛරසය බෝවෙන අතර, ඒ හේතුවෙන් ඒඩ්ස් වැළඳී සිටින අලුත උපන් ළදරුවා එය වැළඳ ඇති අය අතර වඩාත් දුක්ඛදායක ගොදුර වෙයි. තවද, දූෂිත වූ රුධිරය සමඟ කටයුතු කිරීමේදී සිදු වූ අනතුරු නිසා, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට මෙන්ම අන් අයටද එම රෝගය වැළඳී තිබේ.
පුද්ගලයෙකුට ඒඩ්ස් රෝගය කුමනාකාරයෙන් බෝ වුණත්, මෙම මාරාන්තික රෝගය බෝවීමට දෙවියන්වහන්සේ වගනොකියන බව ශුද්ධ ලියවිලි පැහැදිලිවම පෙන්වයි. අදදින, ආසාදිත වූ අය අතර බහුතරයකට ඒඩ්ස් බෝවීමට තමන්ම වගකිව යුතුව තිබෙන අතර, බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල නොවන හැසිරීම නිසා ඔවුන් අන්අයවත් ආසාදනය කොට තිබෙන නමුත්, ප්‍රතිශතය වෙනස් වෙමින් පවතී, ළදරුවන් සහ විශ්වසනීය කලත්‍රයන් බඳු අහිංසක ගොදුරන්ගේ වඩා විශාල සංඛ්‍යා එහි පිළිබිඹු වෙයි.
දැන් ලොව වටා සිටින ස්ත්‍රීන්, පුරුෂයන් තරම්ම ඒඩ්ස් වෛරසයෙන් ආසාදිත වන අතර, වර්ෂ 2000 පමණ වන විට, ආසාදිත වූ අලුත් රෝගීන් අතර වැඩි පිරිසක් ස්ත්‍රීන් වනු ඇති බවත් ජගත් සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. අප්‍රිකාවේ සිටින සෞඛ්‍ය සේවකයන් කියා සිටින්නේ, එහි සිටින ඒඩ්ස් රෝගීන්ගෙන් සියයට 80කට “එම රෝගය බෝවෙන්නේ සමලිංගික නොවන සේවනය මාර්ගයෙන්ය, එමෙන්ම අන් සෑම අවස්ථාවකදීම පාහේ ගැබිණි කාලයේදී හෝ උපතේදී මවගෙන් දරුවාට බෝවීම මගින් එම රෝගය වැළඳෙන” බවයි.
කෙසේවෙතත්, ප්‍රතිඵලයක් වශයෙන් එබඳු දුක් වේදනාවලට හේතු වන නීති කඩ කිරීම ඇතුළු, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවලින් ඕනෑම එකක් උල්ලංගනය කිරීමකට උන්වහන්සේ විරුද්ධ වන නමුත්, එසේ පීඩා විඳින අයට ස්වකීය දයාන්විත හස්තය දිගු කිරීමට උන්වහන්සේ පමා නොවන සේක. වැරදි ක්‍රියාවන් හේතුවෙන් ඒඩ්ස් රෝගය වැළඳුනාවූ අයට පවා පසුතැවිලි වීමෙන් හා නපුර කිරීම නතර කිරීමෙන් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් ප්‍රයෝජන ලැබිය හැකිය.—යෙසායා 1:18; 1 කොරින්ති 6:9-11.
දැනට දන්නාලද දෑ
ඒඩ්ස් වනාහි සමස්ත ලෝක සෞඛ්‍ය ගැටලුවකි. “HIV [ඒඩ්ස් වෛරසය] පහසුවෙන් පුද්ගලයන් අතර පැතිර යා හැකි වෛරසයක් නොවන” බව විද්‍යාඥයන් මනුෂ්‍යයන්ට සහතික කරන නමුත්, එම වෛරසයෙන් පෙළී සිටින මිලියන සංඛ්‍යාතයන්ටත් එමෙන්ම ඉදිරි වසර තුළ එය බෝවන්නට යන අසංඛ්‍යාත මිලියන ගණන් අයටත් එය එතරම් සහනයක් ගෙනදෙන්නේ නැත. එය පෘථිවිය පුරා පැතිරෙමින් පවතින බව සාධක පෙන්වයි.
එම රෝගය පැතිර යන සාමාන්‍ය ආකාර සංක්ෂිප්තකොට දක්වමින් එක් මූලාශ්‍රයක් මෙසේ සඳහන් කරයි: “HIV ආසාදන සියල්ලම පාහේ බෝවෙන්නේ ලිංගික සම්බන්ධයෙන් නැතහොත් ආසාදිත රුධිරයට අනාවරණය වීමෙනි.” වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බොහෝ දෙනෙකුගේ නිගමන පිළිබිඹු කරමින්, එක් වාර්තාවක් මෙසේ සඳහන් කරයි: “ආසාදනය සිදුවීමට නම්, ආසාදිත පුද්ගලයෙකුගෙන් ආසාදිත නොවූ පුද්ගලයෙකුගේ ශරීරය තුළට ශාරීරික තරල (සෑම විටම පාහේ රුධිරය හෝ ශුක්‍රාණු) ඇතුල්වීමක් සිදු විය යුතුය.”
කෙසේවෙතත් “සියල්ලම පාහේ” සහ “සෑම විටම පාහේ” යන වචන ඛාණ්ඩ විශේෂ අමතර අවස්ථාවන් තිබීමට ඇති ඉඩකඩ අඟවයි. එමනිසා ඒඩ්ස් පැතිරයෑමට තිබෙන ආකාරවල විශාල ප්‍රමාණයක් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින අය විසින් හඳුනාගෙන තිබෙන නමුත්, අවස්ථා ස්වල්පයකදී, වෛරසය බෝවීමට හේතුව නොදන්නවා විය හැකිය. එමනිසා, පරෙස්සම් වීම සඳහා අවශ්‍යතාවක් තිබිය හැකිය.
ඔබ ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද?
ලොව වටා සිටින ජනයාගෙන් මිලියන 12 සිට මිලියන 14 දක්වා සංඛ්‍යාවක් දැනටමත් ඒඩ්ස් වෛරසයෙන් ආසාදිතව සිටිත්. තවද ඊළඟ ශතවර්ෂය ආරම්භ වන විට තවත් බොහෝ මිලියන ගණනකට එම රෝගය වැළදෙනු ඇති බව තක්සේරුවලින් දැක්වෙයි. එමනිසා, මෙම රෝගය ඇති අය සමඟ ඔබ ආශ්‍රය කර තිබෙන්නට ඇත, නැතහොත් ඉක්මනින් එසේ කිරීමට ඔබට සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන්, ඕනෑම විශාල නගරයක, රැකියා ස්ථානවල, ආපන ශාලාවල, නාට්‍ය ශාලාවල, ක්‍රීඩාංගනවල, බස්රථ තුළ, පටුමාර්ගවල, ගුවන්යාන තුළ සහ දුම්රිය මැදිරි තුළ, එමෙන්ම පොදු ජනයා හමුවන වෙනත් ස්ථානවල දිනපතාම එබඳු අය සමඟ සාමාන්‍ය සබඳකම් පැවැත්වේ.
එමනිසා, බයිබලය අධ්‍යයනය කිරීමට, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට මෙන්ම, දෙවියන්වහන්සේට කැපවීම දක්වා දියුණු වීමට කැමති, ඒඩ්ස් නිසා දුක්විඳින අයව ක්‍රිස්තියානි භක්තිකයන්ට වැඩි වැඩියෙන් හමුවීමට ඉඩකඩ ඇත. ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන්ගේ අවශ්‍යතාවලට ක්‍රිස්තියානි භක්තිකයන් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? එම රෝගයෙන් පීඩා විඳින තැනැත්තාගෙත් ක්‍රිස්තියානි සභාව තුළ සිටින්නන්ගෙත් ප්‍රයෝජනය සඳහා ප්‍රායෝගික විය හැකි පූර්වෝපායන් තිබේද?
වර්තමාන සම්මුතිය මත පදනම්ව සඳහන් කරනවා නම්, සාමාන්‍ය සබඳතා නිසා ඒඩ්ස් රෝගය වැළදෙන්නේ නැත. එමනිසා ඒඩ්ස් රෝගය ඇති අය අවට සිටීම සම්බන්ධයෙන් වුවමනාවට වඩා වැඩියෙන් බිය වීමට අවශ්‍ය නැති බව සාධාරණ යයි පෙනේ. තවද ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින අයට අතිශයින් දුර්වලවූ ප්‍රතිශක්ති පද්ධතියක් තිබෙන හෙයින්, අපට තිබිය හැකි සාමාන්‍ය වෛරස් ආසාදනයන් ඔවුන්ට වැළඳීම සම්බන්ධයෙන් අප පරෙස්සම් විය යුතුය. එබඳු සාමාන්‍ය අසනීපවලින් ඔවුන්ගේ ශරීරවලට සිදුවිය හැකි හානිය අතිවිශාල විය හැකිය.
ඒඩ්ස් රෝගයේ ජීවිතයට-තර්ජනය එල්ල කරන ස්වභාවය නිසා, අපගේ පෞද්ගලික ඇසුරට හෝ ක්‍රිස්තියානි සභාව තුළට ඒඩ්ස් රෝගියෙකු පිළිගැනීමේදී ඇතැම් සාධාරණ පූර්වෝපායන් සිහියේ තබාගැනීම ප්‍රඥාවන්ත දෙයක් වනු ඇත. ප්‍රථම වශයෙන්, ප්‍රසිද්ධියේ නිවේදනයක් නොදෙන නමුත්, කාරණාව සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි ඕනෑම කෙනෙකුට කරුණාවන්ත මෙන්ම යෝග්‍ය පිළිතුරක් දීමට සූදානම්ව සිටීමට හැකි වීම සඳහා සභාවේ වැඩිමහල්ලන්ගෙන් කෙනෙකුට තත්ත්වය දැනුම් දීමට අපට වුවමනා විය හැකිය.
ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය මගින් එම වෛරසය පැතිරිය හැකි හෙයින්, වැසිකිළි, දේවල් ඉහිරුණු ස්ථාන, විශේෂයෙන් ඉහිරුණු දෑට රුධිරය ඇතුළත් වේ නම්, ඒවා පිරිසිදු කිරීමේදී සර්වලෝක පූර්වෝපායන් යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රම ව්‍යවහාරයේ යෙදීම සභාවන් උදෙසා සාධාරණ දෙයක් විය හැකිය. “සර්වලෝක පූර්වෝපායන්” යනු වෛද්‍ය වෘත්තිය විසින් උපයෝගී කරනු ලබන යෙදුමකි, එය වනාහි ඕනෑම පුද්ගලයෙකුගේ රුධිරය දූෂිත බවත් අන්තරා සහිත විය හැකි බවත් සලකනු ලබන බැවින් විශේෂිත විධියකින් පරිහරණය කරනු ලබන ආකාරය විස්තර කරන නීතිමාලාවකි. රාජ්‍යය ශාලාව වනාහි පොදු ජනයා උදෙසා වූ සැපයුමක් වන හෙයින්, අනතුරක් සිදු වුවහොත් සුදුසු ප්‍රතිකාර මෙන්ම පිරිසිදු කිරීම සිදු කිරීම සඳහා ලේටෙක්ස් හෝ වයිනයිල් අත්වැසුම් සහිත පෙට්ටියක් සමඟ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි වන ලෙසින් තබා ගැනීම ප්‍රඥාවන්ත දෙයකි. රුධිරය ඉහිරුණු ස්ථාන පිරිසිදු කිරීම සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 10ක විරංජන දියරයක් (ක්ලෝරොක්ස්) සුදුසු යයි කියා තිබේ.
ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් ඇතුළු, අන් අය සමඟ වූ අපගේ සියලු කටයුතුවලදී, යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට ක්‍රිස්තියානින්හට උපදෙස් දී තිබේ. පීඩිත වූ නමුත් දෙවියන්වහන්සේව සතුටු කිරීමෙහි ඔවුන්ගේ ආශාව සම්බන්ධයෙන් අවංක අය උදෙසා උන්වහන්සේ දැක්වූ අනුකම්පාව, අප අනුකරණය කිරීමට වටී. (සසඳන්න මතෙව් 9:35-38; මාර්ක් 1:40, 41.) කෙසේවෙතත්, ඒඩ්ස් සඳහා දැනට කිසි ප්‍රතිකාරයක් නැති හෙයින්, ක්‍රිස්තියානිවරයෙකු එයින් පීඩා විඳින අයට අනුකම්පාසහිත උපකාරය සපයන අතරතුරේදී සාධාරණ පූර්වෝපායන් ගැනීම යෝග්‍ය වේ.—හිතෝපදේශ 14:15.
උපකාර කිරීමට ඒඩ්ස් රෝගීන්ටත් හැකිය
ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින විචක්ෂණ බුද්ධිය ඇති පුද්ගලයෙකු මෙම රෝගය සම්බන්ධයෙන් අන් අය සංවේදිතාවක් දක්වන බව අවබෝධ කරගනියි. එබැවින්, උපකාර කිරීමට කැමති වන අයගේ හැඟීම්වලට ගෞරව කිරීමක් වශයෙන්, වැළඳගැනීම සහ සිඹීම වැනි ස්නේහවන්තකමේ ප්‍රසිද්ධ විදහාපෑම් දැක්වීමට නැඹුරු වීමෙන් පරෙස්සම් වීමට ඒඩ්ස් රෝගියාට සුදුසු වනු ඇත. එබඳු ක්‍රියාවන් මගින් රෝගය පැතිරයෑමට තිබෙන ඉඩකඩ ඉතා ස්වල්ප හෝ කිසි ඉඩකඩක් නොතිබිය හැකි නමුත්, මෙලෙස සංයමය පැවැත්වීම රෝගයට ගොදුරු වූ තැනැත්තා අන් අය ගැන සැලකිලිමත් වන බව පෙන්වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තමාටත් එබඳුම සැලකිල්ල උපයා ගනියි.a
නොදන්නා දේ පිළිබඳව බොහෝ දෙනෙකු බියවන බව අවබෝධ කරගන්නා ඒඩ්ස් රෝගියා, තමාව පෞද්ගලික නිවෙස්වලට එකපාරටම ආරාධනා කරනු නොලැබුවොත් නැතිනම් දරුවෙකු තමා සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කිරීමෙන් දෙමාපියෙකු වැළැක්වුවහොත් අමනාප වීමට ඉක්මන් වීම සුදුසු නොවන ඇත. තවද සභා පොත් පාඩම්වලින් එකක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවේ පවත්වනු ලැබේ නම්, ඒඩ්ස් රෝගය ඇති කෙනෙකු එම තත්ත්වය පිළිබඳව ගේහිමියා සමඟ සාකච්ඡා කර තිබෙනවා නම් මිස, පෞද්ගලික නිවසකට වඩා රාජ්‍යය ශාලාවට යෑමට තීරණය කිරීම ප්‍රඥාවන්ත දෙයක් වනු ඇත.
නිදසුනක් වශයෙන් ඒඩ්ස් රෝග වාහකයන්ට සෙම සහිත කැස්සක් තිබෙන විට, එමෙන්ම ක්ෂය රෝගය තිබෙන බව දැන සිටින විට අන් අය වෙනුවෙන් විපරම් සහිත සැලකිල්ලක් දැක්විය යුතු වේ. එවිට ඔවුන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් වෙන් වී සිටීමේ ක්‍රියා පිළිවෙළවල් වැනි සමාජීය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට කැමති විය හැකිය.
අහිංසක පුද්ගලයෙකු ආසාදිත විය හැකි තවත් තත්ත්වයක් වනුයේ ඒඩ්ස් වෛරසය නොදැනුවත්වම දරාගෙන සිටින පුද්ගලයෙකු සමඟ විවාහ වීමෙනි. එවන් තත්ත්වයන්හිදී විවාහ වීමට බලාපොරොත්තු වන කලත්‍රයන්ගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳව ඒකාන්ත දැනුමක් ලැබීමට පෙර දුරාචාර ජීවිතයක් ගත කර තිබුණි නම් හෝ මත්ද්‍රව්‍යවල අනිසි භාවිතය සඳහා ඉඳිකටු භාවිතා කර තිබුණි නම් පරෙස්සම් වීම විශේෂයෙන් අවශ්‍ය විය හැකිය. අලක්ෂණික (එනම්, තවමත් පිටස්තර සලකුණු නොමැති) HIV ආසාදනය තිබෙන වැඩිවන ජන පිරිසක් සිටින හෙයින්, පුද්ගලයෙක් විසින් හෝ සැලකිල්ලක් දක්වන දෙමව්පියන් විසින් විවාහ ගිවිස ගැනීමට පෙර හෝ විවාහයට පෙර ඒඩ්ස් රෝගය සඳහා රුධිර පරීක්ෂණයක් කිරීමට ඉල්ලා සිටීම නුසුදුසු දෙයක් නොවනු ඇත. මෙම රෝගයේ විනාශකාරී, මාරාන්තික ස්වභාවය හේතුවෙන්, එම ඉල්ලීම කර තිබේ නම් විවාහ කලත්‍රයෙකු වීමට බලාපොරොත්තුවන පුද්ගලයෙක් අමනාප නොවිය යුතුය.
එම පරීක්ෂණය රෝගය තිබෙන බව සහතික කරයි නම්, අපේක්ෂිත කලත්‍රයා එම සම්බන්ධය නතර කිරීමට දැන් කැමැත්තක් දක්වයි නම්, ආසාදිත වූ පුද්ගලයාගේ පැත්ත අපේක්ෂිත කලත්‍රයා එම ඇසුර හෝ ගිවිස ගැනීම දිගටම ගෙන යෑමට බල කිරීම, සුදුසු වන්නේ නැත. එමෙන්ම කලින් අතිඅවදානම් සහිත ජීවිත-රටාවක් ගත කළා වූ, දුරාචාරමය වූ හෝ අන්තඃශ් ශෛරිකව මත්ද්‍රව්‍ය භාවිතා කළ ඕනෑම කෙනෙකුට, පූර්ව විවාහ ඇසුරක් ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කරනු ලැබීමට ස්වයංකැමැත්තෙන්ම තෝරා ගැනීම ප්‍රඥාවන්ත දෙයක් වනු ඇත. මේ ආකාරයෙන් වේදනාවට පත් වූ හැඟීම්වලින් වැළකීමට හැකි වේ.
එබැවින්, ක්‍රිස්තියානින් වශයෙන් ඒඩ්ස් රෝගය ඇති අය සමඟ ආශ්‍රය කිරීමෙන් වැළකී සිටීම වෙනුවට, අනුකම්පාවෙන් යුක්තව කටයුතු කිරීමට අපි කැමැත්තෙමු, කෙසේවෙතත්, මෙම ඉතා සංවේදී විෂය සම්බන්ධයෙන් එකිනෙකාගේ හැඟීම් වෙනස් විය හැකි බව අපි වටහාගනිමු. (ගලාති 6:5) ඒඩ්ස් බඳු රෝගයක් සම්බන්ධයෙන්, සෑම දෙයක්ම දැනගැනීමට නොහැකිය, එමනිසා ඊට සම්බන්ධවන කාරණා සමඟ කටයුතු කරන අයගේ පැත්තෙන් යම් තරමක පසු බැසීමක් තිබිය හැකිය. ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන්ව ක්‍රිස්තියානි සභාව තුළට නොකඩවා පිළිගැනීමත්, ඔවුන්ට ප්‍රේමය සහ උණුසුම්භාවය දැක්වීමත්, ඒ අතරතුරේදීම අපද අපගේ පවුල්ද එම රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා සෑහෙන පූර්වෝපායන් ගැනීමත් කාරණය පිළිබඳව සමබර දෘෂ්ටියක් වනු ඇත. g94 3/22
[පාදසටහන්වල]
a තමාට ඒඩ්ස් රෝගය තිබෙන බව දන්නා පුද්ගලයෙකු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වී බව්තීස්ම වීමට කැමති වන විට ඔහු හෝ ඇය කළ යුත්තේ කුමක්ද? පීනන තටාක මගින් ඒඩ්ස් පැතිරී තිබෙන බව ඔප්පු කිරීමට කිසි සාධකයක් නොතිබෙන නමුත්, අන් අයගේ හැඟීම්වලට ගෞරව කිරීමක් වශයෙන්, තමන්ට පෞද්ගලික බව්තීස්මයක් ඉල්ලා සිටීම ප්‍රඥාවන්ත දෙයක් විය හැකිය. මුල්-ශතවර්ශයේ ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් බොහෝ දෙනෙක් විශාල ප්‍රසිද්ධ රැස්වීම්වලදී බව්තීස්ම කරනු ලැබූ නමුත්, එකිනෙකට වෙනස් තත්ත්වයන් හේතුවෙන් තවත් සමහරු වඩා පෞද්ගලික වටාපිටාවක බව්තීස්ම කරනු ලැබූහ. (ක්‍රියා 2:38-41; 8:34-38; 9:17, 18) තවත් විකල්පයක් වනුයේ ඒඩ්ස් රෝගය ඇති බව්තීස්ම අපේක්ෂිතයා අන්තිමට බව්තීස්ම කරනු ලැබීමයි.
[13 පිටුවෙහි ඇති කොටුව]
මගේ හෘදය ඈ වෙතට ඇදී ගියා
දිනක් මා ප්‍රසිද්ධ දේව සේවයේ යෙදෙමින් සිටි විට, අවුරුදු 20ක් පමණ වයසැති තරුණ ස්ත්‍රියක් වෙතට මා එළඹුණා. ඇගේ ලොකු දුඹුරු පැහැති දෙනෙත්වල ඉමහත් ශෝකයක් දිස්වුණා. දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කිරීමට උත්සාහයක් වශයෙන්, මගේ අතෙහි තිබූ පත්‍රිකාවලින් එකක් මා ඇයට ඉදිරිපත් කළා. පසුබැසීමකින් තොරව ඇය අසහනයෙන් පෙළෙන්නන්ට සැනසීම යන පත්‍රිකාව තෝරා ගත්තා. ඈ පත්‍රිකාව දෙස බලා පසුව මා වෙතට හැරී පහත් හඬකින් මෙසේ පැවසුවා: “මගේ සහෝදරිය ඒඩ්ස් රෝගය නිසා මැරුණා විතරයි.” මගේ දුක ප්‍රකාශ කර නිම කිරීමට පෙර, ඈ මෙලෙස පැවසුවා: “මමත් ඒඩ්ස් නිසා මියයන තත්ත්වයක සිටිනවා, මට කුඩා දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා.”
මගේ හෘදය ඇය වෙතට ඇදී ගිය අතර, දෙවියන්වහන්සේ මිනිස්වර්ගයා හට පොරොන්දු කර තිබෙන අනාගතය ගැන මා ඇයට බයිබලයෙන් කියවා පෙන්නුවා. විගස ඈ මෙසේ පැවසුවා: “මම කවදාවත් දෙවියන්වහන්සේ ගැන සැලකුවේ නැහැ, උන්වහන්සේ දැන් මා ගැන මොකට සලකාවිද?” අවංකව පසුතැවිලි වී උන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේගේ පුත්‍රයාගේ මිදීමේ මිලය කෙරෙහිත් විශ්වාසය තබන සියලු දෙනාවම දෙවියන්වහන්සේ පිළිගන්නා බව, බයිබලය පාඩම් කිරීම තුළින් ඇයට අවබෝධ වනු ඇති බව මා ඇයට පැවසුවා. ඈ මෙසේ ප්‍රතිචාරය දැක්වූවා: “මම ඔබව අඳුරනවා. මේ පාරේ තිබෙන රාජ්‍යය ශාලාවෙන් ඔබ පැමිණ සිටිනවා—එහෙත් මං වගේ පුද්ගලයෙක්ව ඔබගේ රාජ්‍යය ශාලාවට පිළිගනීද?” ඇයව එසේ පිළිගනු ලබන බව මා ඇයට සහතික කළා.
අවසානයේදී, ද බයිබල්—ගෝඩ්ස් වර්ඩ් ඕර් මෑන්ස් නමැති පොත සහ ඇගේ පත්‍රිකාව අතැතිව, ඇය ඇගේ ගමනේ යන්නට ගිය විට, ‘දෙවියන්වහන්සේ විසින් පමණක් සැපයිය හැකි සහනය ඇයට සොයා ගැනීමට හැකිවේ යයි මා ප්‍රාර්ථනා කරනවා’ කියා මා කල්පනා කළා.