“ඒවා මගේ සැක දුරු කළා”
මෙක්සිකෝවෙහි නහඹරයෙකු තමා කියවූ පිබිදෙව්! සඟරාවල ලිපි ගැන පැවසුවේ එලෙසය. ඔහු මෙසේ ලීවේය: “මට වයස 17කි, මම දෙවන වාරයෙහි ගණකාධිකරණ තාක්ෂණික උසස් පාසලක ඉගෙන ගනිමින් සිටිමි. ඔබේ සඟරාවලට මා ඉතා කැමතියි. මම වසර තුනක් තුළ ඒවා කියවා ඇති අතර ඒවා එකතු කිරීමෙහි පවා යෙදෙන්නෙමි.
“මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු නොවන නිසාත්, මගේ මුළු පවුලම කතෝලික වන නිසාත්, රැස්වීම්වලට යාමට මට බියක් දැනෙනවා. සාක්ෂිකරුවන් සැමවිටම මගේ නිවසට නොඑන නිසා හෝ ඔවුන් පැමිණෙන විට මා නිවසේ නොසිටින නිසා මෙන්ම මගේ පවුලේ අය ඒවා නොගන්න නිසා මට නිතිපතා සඟරා ලැබෙන්නේ නැහැ. ඉංග්‍රීසි මෙන්ම ස්පාඤ්ඤ සඟරා මට එවන මෙන් ඔබෙන් ඉල්ලීමට මා ලියන්නේ එනිසායි.
“තෙල් හැලීම (සැප්තැම්බර් 22, 1989 එවේක්!) සම්බන්ධයෙන් ලිපිද, බාහිර භෞමිකයන් (1990 ජූනි පිබිදෙව්!), ඩෛනොසෞරියන් (1990 පෙබරවාරි පිබිදෙව්!) යන ලිපිද ඇතුළු ඔබේ ලිපි බොහොමයක් මට පාසලේදී උපකාරවත්වී තිබේ. මට අවශ්‍යව තිබූ තොරතුරු ඒවා මගින් ලැබුණු අතර ඒවා මගේ සැක දුරු කළා.
“ පිබිදෙව්! සඟරාවේ ‘යෞවන අය අසති . . . ,’ යන ලිපි මාලාව මගේ එදිනෙදා ජීවිතයේදී හා වෙනත් යෞවන අය සමඟ කටයුතු කිරීමේදී මට උපකාර කරන බැවින් ඒවා කියවීමෙන් මම මහත් සතුටක් ලබන්නෙමි.”
ඔබේ නිවසට පිබිදෙව්! පිටපතක් ගෙන්වා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 62 ලෙයාඩ්ස් පාර, කොළඹ 5ට හෝ 5වෙනි පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලියන්න. g94 2/22