මත්ද්‍රව්‍ය, ආත්ම බන්ධනය සහ බයිබලය
“ආත්ම බන්ධනයට” විරුද්ධව පාවුල් පළමු-ශතවර්ෂයේදී අනතුරු ඇඟවීය. (ගලාති 5:20) මෙහි පාවුල් භාවිතා කළ ෆාර්·ම·කිʹආ, යන ග්‍රීක් වචනය, වචනානුසාරයෙන් අදහස් කරන්නේ “මත්ද්‍රව්‍ය භාවිතා කිරීම,” යනුවෙනි. “හූනියම්කරන්නන් හා මායාකාරයන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බැවින්, මෙම වචනයෙන් ඇඟවූයේ හූනියම් කිරීම, වශීකරණය, මායාව සහ විජ්ජාව,” යයි දි ඉන්ටර්ප්රිටර්’ස් බයිබල් පැහැදිලි කරයි.
නවීන-දින ආත්ම බන්ධනයෙහි මත්ද්‍රව්‍ය මගින් යම් කාර්යයක් ඉටු කරන බව පුදුම වීමට කරුණක් නොවේ. උදාහරණයක් වශයෙන්, සාතන්මය ලබ්ධීන් තුළට නව සාමාජිකයන් පිළිගැනීමට මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වාර්තා වී තිබේ. ඊට ගොදුරුවන්නෙකුව, සාතන්මය උත්සවවලදී කාර්යයන් සිදු කිරීම සම්බන්ධයෙන් වඩා හොඳින් සකස් කළ හැකි වීම සඳහා මත්ද්‍රව්‍ය යොදාගත හැකි බවද පවසා තිබේ. කාරණය කුමක් වුවත්, යක්ෂයා “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදි[න]” බව පේතෘස් ලීවේය. (1 පේතෘස් 5:8) “ගිලිම්දෝහෝයි,” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය වන කා·ටා·පිʹනො යන්නෙන් උපමාලංකාරයෙන් අදහස් කරන්නේ “කා දැමීම,” හෝ “යටපත් කිරීමය.” මත්ද්‍රව්‍ය සහ ආත්ම බන්ධනය කරන්නේද එයමය. මෙය ඕනෑම ආකාරයක මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමකින් වැළකීමට ක්රිස්තියානින්හට බලවත් පෙලඹීමක් ලබා දෙයි.—2 කොරින්ති 4:4 සසඳන්න. g94 2/22