ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 4/8 5-7 පි.
  • ‘නගරය පීඩාවෙන් පිරී තිබේ’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘නගරය පීඩාවෙන් පිරී තිබේ’
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නගර පිළිබඳව අප්‍රසන්න සාධක
  • විශේෂ අවස්ථාද නැතහොත් පොදුවේ දක්නට ලැබේද?
  • නගර දෙස වඩාත් සමීප බැල්මක්
  • ‘අපිටම නගරයක් ගොඩනගා ගනිමු’
    1994 පිබිදෙව්!
  • “ජනයාගෙන් බහුල වූ නගරය”
    1994 පිබිදෙව්!
  • “සියලු නගරවල සංචාරයක්”
    1994 පිබිදෙව්!
  • නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය
    2005 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 4/8 5-7 පි.

‘නගරය පීඩාවෙන් පිරී තිබේ’

බයිබල් අනාගතවක්තෘ වූ එසකියෙල් ‘පීඩාවෙන් පිරී තිබෙන’ නගරයකට යොමු දැක්වූ අවස්ථාවේදී, අදදින නගරවලට වදදෙන ගැටලු සම්බන්ධයෙන් ඔහු කිසිවක් දැනගෙන සිටියේ නැත. (එසකියෙල් 9:9) තවද ඔහුගේ එම වදන් මෙම ගැටලු පුරෝකථනය කිරීමේ වක්‍රාකාර ක්‍රමයක්ද නොවීය. කෙසේවෙතත්, ඔහු ලිවූ දෙය 20වන-ශතවර්ෂයේ නගර පිළිබඳ නිවැරදි විස්තරයක් වනු ඇත.

ෆයිව්තවුසන්ඩ් ඩේස් ටු සේව් ද ප්ලැනට් නමැති පොතෙහි මෙලෙස සඳහන් වේ: “ස්වාභාවික අලංකාරයෙන් ඉවත් වී ඇති අපගේ නගර, ජීවත්වීමට අප්‍රසන්න මෙන්ම නැරඹීමට පිළිකුලක් ඇති කරන ස්ථාන බවට පත් වී ඇත. . . . වැඩිවන ප්‍රමාණයකින් අපගේ නගරවල ප්‍රමුඛ ස්ථානය ගන්නාවූ ගොඩනැගිලි ගොඩනගා ඇත්තේ ඒවා තුළ ජීවත්විය යුතු නැතහොත් රැකියා කළ යුතු අය ගැන අල්ප සැලකිල්ලක් ඇතුව නැතහොත් කිසිම සැලකිල්ලකින් තොරවය.”

නගර පිළිබඳව අප්‍රසන්න සාධක

ලෝකයේ විවිධ කොටස්වල පිහිටි නගර නවයක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පත්‍ර සහ සඟරා මගින් මතු සඳහන් පරිදි විස්තර කර තිබේ. ඒ එක් එක් නගරය එහි නිවැරදි නාමය මගින් හැඳින්වීමට ඔබට හැකිද?

A නගරය, ලතින් අමෙරිකාවේ පිහිටා ඇත, ගෙවීමක් මත ඝාතන සිදුකරන තරුණයන් සහ මිනීමැරීමේ ඉහළ අනුපාතයක් සඳහා ප්‍රසිද්ධ වේ. නීති විරෝධී මත් ද්‍රව්‍ය සංවිධානයකට මධ්‍යස්ථානය වශයෙන්ද ප්‍රසිද්ධියක් දරයි.

B නගරය, “වීදි සොරකම් සඳහා [එක්සත් ජනපදයේ] දරුණුතම නගරය වේ.” වර්ෂ 1990 මුල් මාස දෙක තුළ සිදුවූ ඝාතන ඊට පෙර වසරේ “එම කාල පරිච්ඡේදය තුළම සිදුවූ ඒවාට වඩා සියයට 20කින් ඉහළ නැගීය.”

“වසරකට මිනිසුන් මිලියන ගණනාවක් දකුණු අමෙරිකාව, අප්‍රිකාව සහ ආසියාවේ නගරබද ප්‍රදේශවල පදිංචියට යති . . . , එලෙස ඔවුහු පොරොන්දු දේශයක් ගැන තමන්ට තිබෙන මනඃකල්පිත දසුන කරා ගමන් කරති.” එය සොයා නොගන්න හෙයින් බොහෝ දෙනෙකුට දිළිඳුකමින් ජීවත්වීමට බල කරනු ලැබේ, ඇරත් බේරී ජීවත්වීම සඳහා හිඟාකෑමට හෝ සොරාගැනීමට ඔවුන්ට පොලඹවනු ලැබේ. අප්‍රිකානු C නගරයේ සහ ආසියානු D නගරයේ පුරවැසියන්ගෙන් අඩකට—මෙන්ම ආසියානු E නගරයේ පුරවැසියන්ගෙන් සියයට 70කට—පිළිගත් සම්මතයට වඩා පහත් වාසස්ථාන තිබෙන බව වාර්තා වේ.

“දකුණු අමෙරිකාවේ තිබෙන වඩාත්ම ආරක්ෂිත නාගරික මධ්‍යස්ථාන අතර [C නගරය] ඉන් එකක් වන නමුත්, වැඩිවන විරැකියාව, අපරාධවල මෙන්ම මානව සතුරුවාදිකම්වල අනුපාතයේද ඉහළ යාමක් සාර්ථකත්වයේ විරුද්ධ පැත්ත ගැන කල්පනා කිරීමට එහි පුරවැසියන්ට හේතු වී තිබේ. අපරාධය නිසා . . . නගරයේ වැසියන්ගේ මානසික ස්වභාවය අඳුරුව තිබේ. ලිංගික අඩන්තේට්ටම් සියයට 19ක් දක්වා ඉහළ ගොස් ඇත . . . මිනීමැරුම් සියයට 50ක් දක්වා පමණ ඉහළ නැග ඇත.”

“[ලතින් අමෙරිකාවේ G නගර] කරා සෑමදාම මිනිසුන් 1,600දෙනෙක් පමණ පදිංචියට යති . . . මෙම වේගයෙන් එය දිගටම වර්ධනය වුවහොත් ශතවර්ෂය අවසානයේදී මිනිසුන් මිලියන 30ක් එහි වෙසෙනු ඇත. පැය ගණනාවකට වාහන තදබදයට අසු වූ මෝටර් රථ මිලියන 11ක, නගරය හරහා ඉබි ගමනින් ඔවුන් මහත් ආයාසයකින් යුක්තව ගමන් කරනු ඇත . . . වායු දූෂණය . . . පිළිගත් මට්ටමට වඩා සිය ගුණයකින් වැඩිය. . . . පුරවැසියන්ගෙන් සියයට හතළිහක ප්‍රතිශතයක් නිදන්ගත ක්ලෝමදාහයෙන් [බ්‍රොන්කයිටිස්] පීඩා විඳිති . . . වීදිවල රථවාහන උපරිම සංඛ්‍යාවක් දක්නට ලැබෙන පැය තුළ නගරයේ මැද ධ්වනි මට්ටම ඩෙසිබල 90 සිට 120 දක්වා ඉහළ නගියි; නොඉවසිය හැකි උපරිමය ඩෙසිබල 70ක් යයි ගණන් ගැනේ.”

“සෑමදාම බලු අසූචි ටොන් 20ක් [යුරෝපීය H නගරයේ] වීදි සහ අයිනේ අඩිපාරවල්වලින් එක්කාසු කරනු ලැබෙයි. . . . ඊට වැය වන වියදම සහ ඉන් සිදුවන කරදරය හැර, වඩා බරපතළ කාරණයක් හෙළි වී තිබේ. ටොක්සොකාරා කැනිස් නමැති පරපෝෂිතයා හේතුවෙන් හටගන්නා රෝගයකට හේතුකාරකය වනුයේ බලු අසූචිය. ළමයින්ගේ ක්‍රීඩා භූමි සහ වැලිවලින් සමන්විත විශේෂිත ක්‍රීඩා ප්‍රදේශවලින් අඩක්ම මෙම පරපෝෂිතයාගේ, අධික ප්‍රතිරෝධයක් දක්වන්නා වූ ඉතා කුඩා බිජුවලින් සමන්විතය, මේවා සපත්තු අඩිවල සහ සුරතල් සතුන්ගේ පාදවල ඇලවී නිවෙස් තුළට ඇතුල් වේ. . . . මහන්සිය, උදරයේ වේදනාව, අසාත්මිකතා, හෘද සහ ධමනීය ගැටලු යනාදිය රෝගයේ තිබෙන මුල් සහලක්ෂණ වේ.”

“ඌන සංවර්ධිත රටක අධිසංවර්ධිත අග නගරයකට තිබෙන ගැටලු සියල්ලෙන්—එනම් දිළිඳුභාවය, අපරාධය, දූෂණය යනාදියෙන්—[ආසියානු I නගර] වදවිඳින නමුත් 21වන ශතවර්ෂයේ ප්‍රධාන නගරවලින් එකක් බවට තමාව සකස්කර ගැනීමට එය පටන් ගෙන ඇත.”

විශේෂ අවස්ථාද නැතහොත් පොදුවේ දක්නට ලැබේද?

මෙම නගරවලට හිමි නියම නම්වලින් ඒවා හඳුනාගැනීමට ඔබට හැකි වුණාද? බොහෝදුරට එසේ නොවන්නට ඇත, මන්දයත් එහි සඳහන් ඕනෑම ගැටලුවක් එකම නගරයකට පමණක් සීමා වී නැති හෙයිනි. ඒ වෙනුවට, බොහෝදුරට මුළු ලෝකයේම ඇති ඕනෑම ප්‍රමාණයකින් යුත් සෑම නගරයකටම පොදු වූ දෝෂ ඒවායින් ඇඟවේ.

සසට්ඩොයිෂ ට්සයිටුං නමැති ජර්මානු පුවත්පතකට අනුව A නගරය කොලොම්බියාවේ මෙඩලින් වේ. වර්ෂ 1991දී එහි සිදුවූ මිනීමැරුම්වල සංඛ්‍යාව වන 7,081, 1992දී වූයේ 6,622ක් “පමණි”. එසේ වුවත්, පසුගිය දශකය තුළ දාමරික ක්‍රම මගින් පුද්ගලයන් 45,000ක් පමණ එහි මියගොස් තිබෙන බව කොලොම්බියානු පුවත්පතක් වන එල් ටියෙම්පෝ වාර්තා කරයි. එමනිසා නගරය පිරිසිදුකර එහි කීර්තිය දියුණු කිරීම සඳහා විවිධ නාගරික කණ්ඩායම් මගින් දැනට උත්සාහයක් ගනු ලැබේ.

B නගරය නිව් යෝක් නගරය බව, ද නිව් යෝක් ටයිම්ස් මගින් හඳුන්වා තිබීම මෑත වසර තුළ එය බැහැදැකීමට ගිය අය මෙන්ම නිසැකවම එහි පුරවැසියන්ටද පුදුමයක් නොවෙයි.

කෙන්යාවේ නයිරෝබිහි (C), පිලිපීනයේ මැනිලාහි (D) සහ ඉන්දියාවේ කල්කටාහි (E) දිළිඳුභාවයේ තත්ත්වයන් යටතේ ජීවත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව පිළිබඳව ඩේර් ශ්පීගල් නමැති ජර්මානු පුවත්පතේ දී තිබෙන සංඛ්‍යාවලින් දැක්වෙන්නේ ඩෙන්මාර්කය හෝ ස්විට්සර්ලන්තය බඳු ධනවත් යුරෝපියානු රටවල ජීවත්වන මුළු ජන සංඛ්‍යාවට වඩා මෙම නගර තුනෙහි පමණක් සතුටුදායක නොවන වාසස්ථානවලට ගොදුරු වී සිටින ජන සංඛ්‍යාව වැඩි බවයි.

F නගරය—එනම් කැනඩාවෙහි ටොරොන්ටෝ—සම්බන්ධයෙන් 1991දී ටයිම් සඟරාවේ වසර තුනකට කලින් පළවූ ලිපියකට වඩා අඩු චිත්තාකර්ෂණීය බවකින් යුක්තව විස්තර කෙරිණ. “අවසානයේදී සාර්ථකව ක්‍රියාත්මක වන නගරයක්” යන සිරස්තලයෙන් වූ පළමු වාර්තාව “සියල්ලන්ම පාහේ ආකර්ෂණය කරන්නාවූ” එම නගරය වර්ණනා කළේය. බැහැදැකීමට ආ පුද්ගලයෙක් සඳහන් කළ දෙය එහි මෙසේ උපුටා දක්වනු ලැබීය: “නගරවල් ගැන නැවතත් විශ්වාසයක් ඇති වීමට මෙම ස්ථානය මට හැකි කෙරුවා හා සමානයි.” පිරිහෙමින් පවතින වෙනත් නගරවලට බලපාන්නාවූ ගැටලුම, පෙනෙනාකාරයට “ක්‍රියාත්මක වන නගරයටත්” දැන් බලපාන බව කීම කණගාටුවට කරුණකි.

“අමෙරිකාවන්හි පිහිටි ඉතාමත්ම අලංකාර මෙන්ම නවීන පන්නයේ නගරයක්” වශයෙන් G නගරය හඳුන්වනු ලබන නමුත්, මෙය වනාහි “ඇත්ත වශයෙන්ම ධනවතුන්ගේ මෙන්ම සංචාරකයන්ගේ මෙක්සිකෝ නගරය” යනුවෙන් ටයිම් සඟරාව පිළිගනියි. ඇරත් වර්ල්ඩ් ප්‍රෙස් රිවියූහි සඳහන් පරිදි, “අගනුවරේ මුඩුක්කු 500න් එකක, කර්මාන්තවල අපද්‍රව්‍ය, කාඩ්බෝඩ් පෙට්ටි, කැඩී බිඳී ගිය මෝටර් රථ සහ සොරාගත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය එකට සවි කිරීමෙන්” සාදාගත් බැරැක්කවල දිළිඳු අය එකට තෙරපී ජීවත්වන බව සඳහන් වේ.

ලෙක්ස්ප්‍රස් නමැති ප්‍රංශ සතිපතා සඟරාවකට අනුව H නගරය පැරීසිය ලෙස හඳුන්වා තිබේ, ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාට අනුව මෙම නගරය “වසර සිය ගණනකට, කිසි දිනක සාර්ථක ලෙස පැහැදිලි කර නොමැති ක්‍රමයක් මගින්, ලොවවටා සිටින මිලියන සංඛ්‍යාතයන්ට වැළැක්විය නොහැකි අන්දමක ආකර්ෂණයක් විහිදුවා තිබේ.” කෙසේවෙතත්, දරුණු ගැටලුවලට ලක්වීම නිසා, “ගේ පැරී”හි (එනම් චිත්තාකර්ෂණීය පැරීසියේ) ආකර්ෂණය මැකී ගොස් ඇත.

I නගරය පිළිබඳව ටයිම් සඟරාව මෙසේ සඳහන් කරයි: “ ‘නැගෙනහිරෙහි වෙනිසියක්’ වූ පුරාණ සියැම්හි අති සාමකාමී මෙන්ම ප්‍රසන්න අගනුවර ලෙසද සලකනු ලැබූ සුරදූතයන් සහ රන්වන් දේවස්ථාන ඇති, ඉක්මන් වෙනස්වීමකට දැන් ලක්වෙමින් පවතින නගරය මුළු ආසියාවෙහිම සීඝ්‍ර සංවර්ධනයක් ලබන නවීනතම නගරය වේ. තායිලන්තයේ බැංකොක් නගරය, කෙටි කලකටවත් “ගණිකා වෘත්තියේ ලෝක මධ්‍යස්ථානය” වීමෙන් වැළැක්වීමෙහි සාර්ථක වීමට, එහි සුරදූතයන්ටවත් දේවස්ථානවලටවත් හැකි වී නැත.

නගර දෙස වඩාත් සමීප බැල්මක්

වඩා විශාල නගරවලට “එකම අර්බුදයට මුහුණ දීමට” සිදුවන නමුත්, “සෑම එකකටම අද්විතීය වූ ලක්ෂණයක් තිබෙන බවත්, එමනිසා දිගටම පැවතීමට පොරබැදීමේදී විශේෂිත ආකාරයක් තිබෙන බවත්” දශකයකට කලින් වාර්තාකරුවෙකු විසින් සඳහන් කරන ලදි. වර්ෂ 1994දී පවා තවමත් සෑම නගරයක්ම ඊට විශේෂිත වූ ක්‍රමයකින් බේරී පැවතීමට පොරබදයි.

එම සටන පරාජය වී ඇති බව සෑම කෙනෙකුම සිතන්නේ නැත. නිදසුනක් වශයෙන් ටොරොන්ටෝහි පෙර සිටි නගරාධිපතිවරයෙක් ඔහුගේ සර්වශුභවාදය ප්‍රකාශ කළේ මෙලෙසටය: “නගරය ඇද වැටෙනවා කියා මට සිතෙන්නේ නැහැ. එය තර්ජනයකට ලක් වී තිබෙනවා, එහෙත් අපට මෙම ගැටලුව විසඳාගත හැකියි කියා මට හැඟෙනවා.” සමහර නගරවල් ඒවාට හිමි ඇතැම් ගැටලුවලට සාර්ථක ලෙස මුහුණදී හෝ අඩුම වශයෙන් යම් දුරකට හෝ ඒවා සැහැල්ලු කර තිබෙන බව සැබෑවකි. එහෙත් මෙයට හුදෙක් සර්වශුභවාදයට වඩා වැඩි යමක් අවශ්‍ය විය.

පසුගිය ජනවාරි මාසයේදී යූජීන් ලින්ඩන් නමැති වාර්තාකරු මෙසේ ලීවේය: “ලෝකයේ ඉරණම එහි නගරවල ඉරණම සමඟ අන්තර්සම්බන්ධ වී තිබේ.” විපාකය කුමක් වුවත්, නගරවල් මගින් අපගේ ලෝකය හැඩගැසී තිබේ, ඇරත් එය දිගටම එසේ සිදුවෙමින් පවතියි. තවද, පුරාණ හෝ නවීන වේවා, ඒවා පෞද්ගලික වශයෙන් අපට බලපා තිබේ—සමහර විට අප සිතාගෙන ඇති ප්‍රමාණයට වඩා එසේ වී ඇත. ඒවායේ පැවැත්ම ඉතා සියුම් ලෙස අපගේ පැවැත්ම සමඟ බැඳී තිබෙන්නේ එබැවිනි.

එසේනම්, නගර දෙස වඩා සමීප බැල්මක් හෙලීම, හුදෙක් සාමාන්‍ය දැනුම පුළුල්කර ගැනීම සඳහා පමණක් නොවේ. ඊටත් වඩා වැදගත් ලෙසින්, ලෝකය පත්වී තිබෙන අස්ථිර තත්ත්වය ගැන එමගින් අපව අවධි කරනු ඇත. එමනිසා “නගර දෙස වඩා සමීප බැල්මක් හෙලීම” අපි දැන් ආරම්භ කරමු. කොටස් හයකින් යුත් මෙම පිබිදෙව්! ලිපි මාලාව අපගේ පාඨකයන්ට සිත්ඇදගැනීමක්, ඥානය පුබුදුවීමක් මෙන්ම දිරිගැන්වීමක් ලබා දීම අපගේ බලාපොරොත්තුවයි. දිගටම පැවතීම සඳහා අපගේ නගරවල් දරන උත්සාහය සම්බන්ධව බරපතළ ලෝක ගැටලු තිබෙන බව පැහැදිලි වන නමුත් තත්ත්වය බලාපොරොත්තු රහිත එකක් නොවේ! g94 1/8

[6 පිටුවෙහි හුවා දැක්වීම]

“ලෝකයේ ඉරණම එහි නගරවල ඉරණම සමඟ අන්තර්සම්බන්ධ වී තිබේ.”—ලේඛක යූජීන් ලින්ඩන්

[7 පිටුවෙහි ඇති පින්තූර]

නගරයකින් තවත් නගරයකට ගමන් කිරීම පහසු දෙයක් විය හැක, එහෙත් ඒවායේ ගැටලු විසඳීම පහසු නොවේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න