අපගේ පාඨකයන්ගෙන්
රට හැර යාම “යෞවන අය අසති . . . වඩා සමෘද්ධිමත් රටකට මා යා යුතු ද?” (1993 අගෝස්තු 8) යන ලිපිය සඳහා මගේ කෘතඥතාවය ප්‍රකාශ කිරීමට මම සතුටු වෙමි. මට අවුරුදු 16ක් වන අතර ජීවිතයේ වඩා හොඳ ප්‍රස්ථාවක් ලැබිය හැකි රටකට යාම ගැන මම කල්පනා කර ඇත්තෙමි. එසේ වුවත්, එම ලිපිය කියවීමෙන් පසු ව, අප කොතැනක ජීවත් වුවත් කාරියක් නැති බව මට හැඟෙයි. අපගේ ජීවිතවල යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යයට අප මුල් තැන දෙනවා නම්, යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන බැවින් අප [ආත්මික ව] සමෘධිමත් වනවා නියතයි.
වී. එල්. ඒ., බ්‍රසීලය g93 10/8
විද්‍යාව කොටස් හයකින් යුත් “විද්‍යාව—සත්‍ය සඳහා මිනිස් වර්ගයා කරමින් සිටින ගවේෂණය” (1993 ජූලි 8 සිට දෙසැම්බර් 8 දක්වා) යන ඔබගේ ලිපි මාලාව සඳහා මගේ සතුට ඔබට ප්‍රකාශ කිරීමටයි මා ලියන්නේ. ඔබගේ ලිපි අගති විරහිත මෙන් ම තොරතුරුවලින් සපිරි ඒවා විය. ඇරිස්ටෝටල්, ප්ලේටෝ සහ වෙනත් අය, විද්‍යාත්මක සිතුවිලිවලට බලපා ඇති ආකාරය ගැන ඉගෙන ගැනීමෙන්, විද්‍යාඥයෙකු වශයෙන් මම මවිතයට පත් වූයෙමි.
ඔ. ඔ., එක්සත් ජනපදය
ඔබගේ ලිපි මාලාවේ හයවන කොටසේ (1993 දෙසැම්බර් 8), ඔබ විසින් මෙලෙස ප්‍රකාශ කර තිබුණි: “විද්‍යාව හේතුවෙන් ඇති වී තිබෙන පරිසර වැනසීම අතිමහත් ය.” විද්‍යාව මගින් නිපදවා තිබෙන දේවල අනිසි භාවිතයට විද්‍යාව වගකිව යුතු නොවේ. වග කිව යුත්තේ තාක්ෂණයේ භාවිතය පාලනය කිරීම සඳහා යල්පැන ගිය නීත්‍යානුකූල ශිල්ප ක්‍රම භාවිතා කරන ආණ්ඩු ක්‍රමයි.
සී. සී. ආර්., එක්සත් ජනපදය
පෘථිවියේ පරිසර ගැටලු සඳහා විද්‍යාව මත සම්පූර්ණයෙන් ම වරද තබන්න එම ලිපි මාලාවෙන් වෑයම් නොකෙරිණ. ඇත්ත වශයෙන්, ඊට පෙර වාක්‍යයේ එවන් ගැටලු ඇති කිරීමට විද්‍යාව මගින් හුදෙක් “අනුබල” ලැබුවා යනුවෙන් එහි සඳහන් විය. දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් සමඟ විද්‍යාඥයන් වරද හවුලේ දැරිය යුතු බව එම ලිපි මාලාවේ කලින් පළ වූ ලිපිවල දැක්විය.—කර්තෘ
සංගීතය “නවීන සංගීතය—අනතුරු රහිත විනෝදය ද?” (1993 ඔක්තෝබර් 8) යන ලිපි මාලාව මේ දැන් කියවා නිම කළෙමි. මා උසස් පාඨශාලාවේ අධ්‍යාපනය ලබමින් සිටි විට, හෙවි-මෙටල් සංගීතයට වසඟ වී සිටියා. මගේ නරක පුරුදු සහ කැරළිකාර ආකල්පය මෙම අඳුරු, දුෂ්ට සංගීතයෙන් නිරූපනය වූ අදහස් විය. එසේ වුවත් මා යෙහෝවඃ වහන්සේට වඩාත් කිට්ටු වෙත් ම, මම එම සංගීතයේ ශබ්දයට පවා වඩ වඩාත් ද්වේෂ කිරීමට පටන් ගෙන ඇත්තෙමි!
එල්. කේ., එක්සත් ජනපදය
කාලෝචිත මෙන් ම විශ්වාස කළ හැකි මූලාශ්‍රවලින් ප්‍රායෝගික උපදෙස් යෞවන අය වන අපට ඔබ විසින් දී තිබෙනවා. සංගීතය වනාහි, හෙවි මෙටල් හෝ රැප් යන වර්ගවලට අයත් නොවේ නම්, එමගින් දුරාචාරය, සැහැසියාව සහ මත් ද්‍රව්‍ය භාවිතයට දිරිගැන්වුවත් එය පිළිගත හැකි දෙයක් යනුවෙන් ඇතමෙක් කල්පනා කර ඇත. මෙම ලිපි මගින් එම වැරදි අදහස නිෂ්ප්‍රභ කර තිබේ. අපගේ සංගීතය තෝරන විට වඩා සැලකිලිමත් වීමට දැන් අපි සියල්ලන් ම දනිමු.
එෆ්. එම්., ඉතාලිය
නහඹර වියේ සිටින මගේ පුතා මෑතක දී ක්‍රිස්තියානි සභා ඇසුරෙන් කපාහරිනු ලැබුවා. ඔහු රැප් සංගීතයට සවන් දීම නතර කිරීමට මා මගේ උපරිමය කළා—ඔහු සමඟ කාරණා දක්වමින්, බයිබල් ප්‍රතිපත්ති ඔහුට පෙන්වමින්, එම විෂය සම්බන්ධ ලිපි ඔහු සමඟ බෙදා ගැනීම මගින් මම එසේ කළා. කෙසේ නමුත් මෙම සංගීතයෙහි වර්ණනා කරනු ලබන නරක දේවල් බොහොමයක් කිරීමට ඔහු පටන් ගත්තා. මගේ පුතාගේ වැටී යාමෙන් මා තවමත් චිත්ත වේගීය කම්පනයෙන් පසු වෙනවා. ක්‍රිස්තියානි දෙමව්පියන් සියල්ලන් ම ඔවුන්ගේ දරුවන් සමඟ මෙම තොරතුරු කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් එය අගය කිරීම මගේ බලාපොරොත්තුවයි.
ජී. සී., එක්සත් ජනපදය
කෙබඳු ආකාරයේ සංගීතයෙන් වැලකී සිටිය යුතු ද කියා ඔබ පෙන්වනවා පමණක් නොව, නමුත් බිඳහෙළිය නොහැකි ලෙසින්, මෘදු මෙන් ම ප්‍රේමනීය ආකාරයකින් විතර්ක කිරීමෙන් ඔබ ඔබගේ ප්‍රකාශයන් තහවුරු කරනවා. සම්පූර්ණයෙන් ම දූෂිත වූ මෙම ලෝකයෙන් පලා යාමට යෞවන අයට උපකාර කිරීම ඔබගේ බලවත් ආශාව වන බව අපට හැඟෙයි. බී. වී., ප්‍රංශය g93 11/22