ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • පිලිස්තිවරු දාවිත්ව සැක කරයි (1-11)

1 සාමුවෙල් 29:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:1
  • +යොෂු 19:17, 18; 1සාමු 29:11

1 සාමුවෙල් 29:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:2

1 සාමුවෙල් 29:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:7, 12

1 සාමුවෙල් 29:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 12:19
  • +1සාමු 14:21

1 සාමුවෙල් 29:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:7; 21:11

1 සාමුවෙල් 29:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:10; 27:2
  • +1සාමු 28:2
  • +1සාමු 27:11, 12
  • +1සාමු 29:3, 9

1 සාමුවෙල් 29:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:12

1 සාමුවෙල් 29:11

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:17, 18; 1සාමු 29:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 29:11සාමු 28:1
1 සාමු. 29:1යොෂු 19:17, 18; 1සාමු 29:11
1 සාමු. 29:21සාමු 28:2
1 සාමු. 29:31සාමු 27:7, 12
1 සාමු. 29:41ලේක 12:19
1 සාමු. 29:41සාමු 14:21
1 සාමු. 29:51සාමු 18:7; 21:11
1 සාමු. 29:61සාමු 21:10; 27:2
1 සාමු. 29:61සාමු 28:2
1 සාමු. 29:61සාමු 27:11, 12
1 සාමු. 29:61සාමු 29:3, 9
1 සාමු. 29:91සාමු 27:12
1 සාමු. 29:11යොෂු 19:17, 18; 1සාමු 29:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 29:1-11

පළවෙනි සාමුවෙල්

29 පිලිස්තිවරු+ එයාලාගේ මුළු සේනාවත් එක්ක අපෙක් නගරයට ඇවිත් එතන කඳවුරු බැඳගත්තා. ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගත්තේ යෙෂ්‍රෙයෙල්+ කියන ප්‍රදේශයේ තිබුණ දිය උල්පත ළඟ. 2 පිලිස්තිවරුන්ගේ අධිපතීන් එයාලාගේ සෙබළු එක්ක ඉස්සරහට ආවා. ඒ සෙබළුන් සීයකට සහ දාහකට වෙන් කරලා කණ්ඩායම්වලට බෙදලයි තිබුණේ. දාවිත් සහ එයාගේ සෙබළුත් ආකිෂ්+ රජගේ හමුදාවට පිටිපස්සෙන් ආවා. 3 ඒත් පිලිස්තිවරුන්ගේ අධිපතීන් එයාලව දැක්කාම “හෙබ්‍රෙව්වරු මොනවාද මෙතන කරන්නේ” කියලා ආකිෂ්ගෙන් ඇහුවා. ආකිෂ් මෙහෙම කිව්වා. “මේ ඊශ්‍රායෙල් දේශයේ සාවුල් රජගේ සේවකයා වන දාවිත්. එයා සාවුල්ගේ ගෙදරින් පැනලා මං ළඟට ආවා. අවුරුද්දක් දෙකක් විතර එයා මං ළඟමයි හිටියේ.+ මේ වෙන කල් එයා මට කිසි වරදක් කරලා නැහැ.” 4 ඒක ඇහුවාම පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට ආකිෂ් එක්ක හුඟක් කේන්ති ගිහින් මෙහෙම කිව්වා. “එයාව මෙහෙන් යවන්න.+ ඔයා එයාට දුන්න නගරෙටම ආපහු එයාට යන්න කියන්න. එයා අපිත් එක්ක ආවොත් අපිට විරුද්ධව සටන් කරයි.+ එයාගේ ස්වාමියා එක්ක ආයෙත් සමාදාන වෙන්න ඕන නිසා එයා අපේ බෙලි කපාගෙන ගිහින් එයාගේ ස්වාමියාට දෙයිද කියලා කවුද දන්නේ! ඒ නිසා එයාට අපිත් එක්ක යුද්දෙට යන්න අවසර දෙන්න බැහැ. 5 ‘සාවුල් දහස් ගණන් මැරුවා.

දාවිත් දසදහස් ගණන් මැරුවා’+

කියලා ඊශ්‍රායෙල්වරු නටනට සින්දු කිව්වේ එයා ගැන නේද?”

6 ඊටපස්සේ ආකිෂ්+ දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා මම මේ දේ දිවුරලා කියනවා. ඔයා අවංක කෙනෙක් කියලා මට විශ්වාසයි. ඔයා සටන් කරන්න මාත් එක්ක ආව එක ගැන මං සතුටු වෙනවා.+ ඔයා අද වෙන කල් මට කිසි වරදක් කරලා නැහැ.+ ඒත් අපේ අධිපතීන්ට ඔයා ගැන කිසිම විශ්වාසයක් නැහැ.+ 7 ඒ නිසා පිලිස්තිවරුන්ගේ අධිපතීන් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව පරෙස්සමින් මෙහෙන් යන්න.” 8 ඒත් දාවිත් ආකිෂ්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න මට අවසර දෙන්නේ නැත්තේ ඇයි? මං කරපු වරද මොකක්ද? මං ඔබ ළඟට ආපු දවසේ ඉඳන් අද වෙන කල්ම ඔබට කිසි වරදක් කරලා තියෙනවාද?” 9 එතකොට ආකිෂ් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා හොඳ කෙනෙක් කියලා මං දන්නවා.+ ඔයා හරියට දේවදූතයෙක් වගේ. ඒත් ඔයාට අපිත් එක්ක යුද්දෙට යන්න පිලිස්තිවරුන්ගේ අධිපතීන් අවසර දෙන්නේ නැහැ. 10 ඒ නිසා ඔයායි, ඔයාත් එක්ක ආපු ඔයාගේ ස්වාමියාගේ සේවකයනුයි හෙට උදෙන්ම මෙහෙන් පිට වෙලා යන්න.”

11 දාවිත් සහ එයාගේ සෙනඟ පහුවදා උදෙන්ම නැඟිටලා පිලිස්තිවරුන්ගේ දේශයට ගියා. පිලිස්තිවරු යෙෂ්‍රෙයෙල්වලට+ යන්න පිටත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න