ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 1/8 26-28 පි.
  • ආරක්ෂිත ආහාර සැමටම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආරක්ෂිත ආහාර සැමටම
  • 2002 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැවුම්කරු සපයන විශිෂ්ට ආහාර
  • ගුණයෙන් සපිරි ආහාර සැමට!
    2012 පිබිදෙව්!
  • ඔබ ආත්මිකව හොඳින් අනුභව කරනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • ඔබගේ ආහාර කොතරම් ආරක්ෂා සහිතද?
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2002 පිබිදෙව්!
g02 1/8 26-28 පි.

ආරක්ෂිත ආහාර සැමටම

ගුණදායක ආහාර වේලක් භුක්ති විඳීම සිතට සතුට ගෙන දෙන කාරණයක්. නමුත් අපේ අද්දැකීම අනුව නම් එවැනි ආහාර ලබාගැනීම සෑම විටම පහසු දෙයක් නොවෙයි. ආහාර හිඟය නිසා මිලියන ගණන් ජනයාට ඔවුන් ගන්නා ආහාරවල ගුණාත්මකභාවය හා ආරක්ෂා සහිත බව ගැන සෙවිය නොහැකියි. ඔවුන්ට තිබෙන අභියෝගය නම් ජීවත් වීමට අවශ්‍ය තරම් ආහාර සොයාගැනීමයි. මනුෂ්‍යයන් මෙයාකාරයෙන් ආහාර සම්බන්ධයෙන් දුක් විඳිය යුතුයයි දෙවි අරමුණු කළා කියා සිතිය හැකිද?

මේ ගැන සිතා බලන්න. දෙවි පළමු මිනිසා හා ස්ත්‍රිය පොළොව මත තැබූ විට ඔවුන්ට ආහාර ගැන කරදර විය යුතුව තිබුණාද? කොහෙත්ම නැහැ. බයිබලයේ උත්පත්ති පොතේ වාර්තා වෙන්නේ ‘දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් . . . ස්වාමි වූ දෙවි භූමියෙන් හටගැන්වූයේය’ යනුවෙනුයි. (උත්පත්ති 2:9) ඒ කාලයේදී ආදම් සහ ඒව විවිධත්වයෙන් යුත් ප්‍රණීත ආහාර භුක්ති වින්ද අතර ඔවුන්ට ආහාර බහුලව තිබුණා. ඔවුන්ව මැවූ දෙවි ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර මොනවාද කියා හොඳින් දැනගෙන සිටියා. තවද ඔහු දැන සිටියා ඔවුන්ව තෘප්තිමත් කරන ආහාර මොනවාද කියා. අද අපි ජීවත් වන්නේ ඒදන් උයනේ නොවෙයි. කෙසේවෙතත්, දෙවි මනුෂ්‍යයා හා පොළොව සඳහා මුලින් අරමුණු කළ දේ වෙනස් කර තිබෙනවාද?

නුදුරු අනාගතයේදී සියලු මනුෂ්‍යයන්ට බහුල ලෙස පෝෂ්‍යදායි හා සෞඛ්‍යයට හිතකර ආහාර ලැබෙන බව අප විශ්වාස කරනවා. මෙම විශ්වාසය උපකාරවත් වෙනවා අද අපි ගන්නා ආහාර ආරක්ෂා සහිතද යන කාරණය සම්බන්ධයෙන් සමබර ආකල්පයක් දරන්න. මෙම බලාපොරොත්තුව ස්ථිර, විශ්වාසදායක එකක් නම් අන්තවාදී ආකල්ප දැරීමෙන් වැළකී සිටීමට එය අපට උපකාරවත් වෙනවා.

ඉක්මනින්ම ජීවිතයට සැබෑ වෙනසක් වෙයි කියා අපට ස්ථිරව කිව හැක්කේ ඇයි? බයිබලය උනන්දුවෙන් පාඩම් කරන අය දන්නවා අද අපි ඉන්නේ මේ පවතින ක්‍රමයේ “අන්තිම දවස්වල” බව. අද පවතින ක්‍රමය පාලනය වන්නේ මිනිස් ප්‍රඥාව මගින්. මිනිසා ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල අත්හදා බැලීම් කරන අතර එමගින් හිතකර හෝ අහිතකර ප්‍රතිඵල නෙළාගන්නවා. මේ හා සමානව ආහාර කල් තබාගැනීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමේදීත් ඒවා සෞඛ්‍යයට හිතකරද නැතහොත් අහිතකරදැයි මිනිසුන් හරියටම දන්නේ නැහැ. මෙම අවිනිශ්චිත හැඟීම් බිය හා අසමඟියට මඟ පාදනවා.—2 තිමෝති 3:1-5.

අද පවතින මේ ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට සම්පූර්ණයෙන් අලුත් ක්‍රමයක් ගෙනෙන බවට මැවුම්කරු පොරොන්දු වී තිබෙනවා. ඔහුගේ මුල් අරමුණ වූයේ මේ මුළු පොළොවම ඒදන් උයන මෙන් පාරාදීසයක් කිරීම හා එහි සෑම මිනිස් පවුලක්ම සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමයි. එම අරමුණ නියත වශයෙන්ම ඉටු වෙනවා. එවිට දේව ප්‍රඥාවෙන් මුළු පොළොවම පිරෙයි. (යෙසායා 11:9) ඒ කාලයේදී, අවිනිශ්චිතභාවයෙන් කටයුතු කරන මිනිස් ප්‍රඥාවට තවදුරටත් කිසිදු ඉඩක් නැහැ. නව ක්‍රමයේදී ආහාර ආරක්ෂා සහිතද යන කාරණය ගැන කිසිම සැකයක් තිබෙන්නේ නැහැ. අපව මැවූ දෙවි අපගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙයි කියා සිතීම සාධාරණ නැද්ද?

මැවුම්කරු සපයන විශිෂ්ට ආහාර

පැමිණෙන අලුත් ක්‍රමය යටතේ අද්දකින යහපත් ජීවන තත්වයන් ගැන බයිබලය අනාවැකි තුළින් පැහැදිලිව පෙන්නුම් කරයි. අනාගතවක්තෘ යෙසායා ඒ ගැන කිව්වේ මෙයයි. ‘දෙවි ඔබ පොළොවෙහි වපුරන ඔබේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙන්නේය. එය සාරවත්ව වර්ධනය වන්නේය. ඒ දවසෙහි ඔබේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය. එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ඉස්කෝප්පයෙන් හා කුල්ලෙන් පෙළූ ලුණු මිශ්‍ර වූ ගොදුරු කන්නෝය.’

යෙසායාගේ අනාවැකියේ මෙසේද පවසයි. “සේනාවල [යෙහෝවා] මේ කන්දේදී සියලු ජනයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [සාදන්නේය].”—යෙසායා 25:6; 30:23, 24.

එය ඔබට සිත් ඇදගන්නාසුලු පණිවිඩයක්ද? යෙසායාගේ අනාවැකියේ තහවුරු කරන්නේ දෙවිගේ නව පිළිවෙළ යටතේ ජීවත් වන සියලුම ජනයාට ඇති තරම් ආහාර තිබෙන්න යන බවයි. එම ආහාර අනුභව කිරීම ආරක්ෂා සහිත වෙයිද? එය ආරක්ෂා සහිත බවට කිසිම සැකයක් නැහැ. තවත් අනාවැකියක මෙසේ සහතික කරනවා. “ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත.” (මීකා 4:4) එවැනි පූර්ණ ආරක්ෂාවක් සහතික කරනු ලබන්නේ නුදුරු අනාගතයේදී මුළු පොළොවම පාලනය කිරීමට නියමිත දෙවිගේ මෙසියානු රාජ්‍යය මගිනි.—යෙසායා 9:6, 7.

ඉන්පසු කිසිම දවසක අප ගන්නා ආහාර ආරක්ෂා සහිතද නැද්ද යන කාරණය ගැන අවිනිශ්චිත හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ.

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ළඟදීම පොළොවේ සියලුදෙනා ගුණදායක හා සෞඛ්‍යයට හිතකර ආහාර බහුලව භුක්ති විඳිනවා ඇත

[26වන පිටුවේ පින්තූරය]

සැමට ගුණදායක හා ආරක්ෂා සහිත ආහාර ලබා දෙන්න දෙවි පොරොන්දු වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න