පාදසටහන
b ඒනොෂ් ඉපදෙන්නත් කලින් යෙහෝවා ආදම් සමඟ කතා කළා. ඒ වගේම ආබෙල් ඉදිරිපත් කළ පූජාව දෙවි පිළිගැනීමෙන් අදහස් කරන්නේ දෙවි සහ ආබෙල් අතර සම්බන්ධයක් තිබූ බවයි. කායින් ඊර්ෂ්‍යාවෙන් යුතුව කළ මිනී මැරුමට පෙර දෙවි ඔහු සමඟත් කතා කළා. ඒ නිසා මෙහි කතා කරන “යෙහෝවාගේ නාමය කියා යාච්ඤා” කිරීමට පටන්ගැනීම, සැබෑ නමස්කාරයට පටහැනි ආකාරයෙන් සිදු වූ දෙයක් වෙන්නට ඇති.