පාදසටහන
a ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි ශතවර්ෂයේ විසූ ලෙවීයෙකු වූ බානබස් තමා සතුව තිබුණු ඉඩම විකුණා එයින් ලැබුණු ආදායම යෙරුසලමේ සිටි අවශ්‍යතාවන්ගෙන් පෙළුණාවූ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට උපකාර කිරීම සඳහා පරිත්‍යාග කළේය. මෙම ඉඩම පලස්තීනයේ හෝ සයිප්‍රසයේ පිහිටි එකක් වූවා විය හැකියි. එසේත් නැතිනම් මෙය බානබස් විසින් යෙරුසලමේ පිහිටි ප්‍රදේශයකින් හුදෙක් භූමදාන කටයුතු සඳහා ලබාගත් බිම් කැබැල්ලක් විය හැකියි.—ක්‍රියා 4:34-37.