පාදසටහන
b කනස්සල්ල ලෙස මෙහි විස්තර කර ඇති දෙය, “ජීවිතේ සියලු සතුට පැහැර ගන්නා කලබලකාරී භය” ලෙස පැවසිය හැකියි. ඇතැම් පරිවර්තනවල මෙය විස්තර කර තිබෙන්නේ “කනස්සලු නොවන්න” හෙවත් “ළත වෙන්න එපා” යනුවෙනි. නමුත් එවන් පරිවර්තනවලින් අඟවන්නේ අප කනස්සලු වීම හෝ ළතවීමට පටන්ගත යුතු නැති බවක්ය. තවත් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ කියයි. “මෙහි ග්‍රීක් ක්‍රියා පදයේ කාලය වර්තමාන කාල විධානාත්මකය. දැනටමත් කරමින් සිටින ක්‍රියාවක් නතර කිරීමට යම් විධානයක් දෙන බවක් ඉන් ඇඟවේ.”