පාදසටහන
a රාජ්‍ය කාසි නිෂ්පාදනාගාරයට 1861 නොවැම්බර් 20 දාතමින් යුත් ලිපියක් යවමින් භාණ්ඩාගාර ලේකම් සැමන් පී. චේස් මෙසේ ලීවේය. “දෙවිගේ ශක්තිය නැතුව කිසිම ජාතියකට ශක්තිමත් වෙන්නටවත්, ඔහුගේ ආරක්ෂාව නැතුව ආරක්ෂා වෙන්නටත් බැරිය. දෙවි කෙරෙහි අපගේ ජනතාවගේ ඇති විශ්වාසය අපගේ ජාතික කාසිවල ප්‍රකාශයට පත් කළ යුතුයි.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “අපේ විශ්වාසය දෙවි කෙරෙහිය” යන ආදර්ශ පාඨය 1864දී නිකුත් කරනු ලැබූ එක්සත් ජනපද කාසියක පළමු වතාවට දක්නට ලැබුණි.