පාදසටහන
a බොහෝදුරට අදදින පවතින යුදෙව්වාදයට ඵරිසිවරුන් වගකිව යුතු අතර, යුදෙව්වාදයේ සබත් දවස සඳහා අමතරව පනවා ඇති සීමා තහංචි රාශියෙන් බේරීමට ක්‍රම බොහොමයක් තවමත් යොදාගැනීම පුදුමයට හේතුවක් නොවේ. උදාහරණයක් හැටියට, සබත් දවසක සම්ප්‍රදායික යුදෙව් රෝහලකට යන කෙනෙකු ආරෝහකයකට නඟින විට, එය සෑම මහලකම නතර වන බව ඔහුට පෙනී යනවා ඇත; එසේ වන්නේ ආරෝහකය ක්‍රියා කරවන බොත්තම එබීමේ පව්කාර “ක්‍රියාවෙන්” වැළකී සිටීමට මඟීන්ට හැකි වන පරිද්දෙනි. ඇතැම් සම්ප්‍රදායික යුදෙව්වාදී වෛද්‍යවරුන් වට්ටෝරු ලියන්නේ දින කිහිපයකින් මැකී යන තීන්ත පාවිච්චි කරමිනි. ඒ ඇයි? ලිවීම “ක්‍රියාවක්” හැටියට මිෂ්නාහි වර්ග කර තිබෙන නමුත්, “ලිවීම” විස්තර කර තිබෙන්නේ කල්පවතින සලකුණක් තබායන දෙයක් හැටියටයි.