පාදසටහන
e ලූක් 21:24ට පසු ඔහුගේ වාර්තාවේ මාරුවීමක් බොහෝ දෙනෙකුට පෙනී යයි. ආචාර්ය ලියොන් මොරිස් මෙසේ කරුණු දක්වයි: “යේසුස්වහන්සේ කථා කරන්නට යන්නේ අන්‍ය ජාතීන්ගේ කාලවල් ගැනය. . . . විශාරදයන් බොහෝ දෙනෙකුගේ මතය අනුව, දැන් අවධානය යොමු කරවන්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම වෙතටයි.” මහාචාර්ය ආර්. ගින්ස් මෙසේ ලියයි: “මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම—(මතෙ 24:29-31; මාක් 13:24-27). ‘අන්‍ය ජාතීන්ගේ කාලවල්’ සඳහන් කිරීම මෙම තේමාවට හැඳින්වීමක් සපයයි; [ලූක්ගේ] දෘෂ්ටිය දැන් යොමු වී ඇත්තේ යෙරුසලමේ විනාශයට ඔබ්බෙන් තිබෙන අනාගතයටය.”