පාදසටහන
b එන්සයිම ඌනතාවෙන් පෙළෙන බොහෝදෙනෙකු තුළ තිබෙන්නේ ලැක්ටේස් එන්සයිමයේ හිඟකමකි. මෙම ඌනතාවෙන් පෙළෙන අයට කිරිවල අඩංගු ලැක්ටෝස් ජීර්ණය කරගැනීම අපහසු වන නිසා, ඔවුහු කිරි පානය කළ විට අසනීප වෙති. තවත් සමහරු චීස් හා වෙනත් ආහාර වර්ගවල අඩංගු රසායනික ද්‍රව්‍යයක් වන ටයිරමින් උරාගන්නා එන්සයිමයේ ඌනතාවෙන් පෙළෙති. මේ නිසා එවන් ආහාර වර්ග අනුභව කළ විට ඔවුන්ට තද හිසේ කැක්කුමක් ඇති වේ.