ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 67 ලිපිය
  • හැලොවීන් උත්සවයේ සුල මුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැලොවීන් උත්සවයේ සුල මුල
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • උත්සවයේ සුල මුල සහ චාරිත්‍ර වාරිත්‍ර
  • සුල මුල දැනගන්න එක එච්චර වැදගත්ද?
  • හැලොවීන් උත්සවේ නොදත් කතාව
    2013 පිබිදෙව්!
  • ජනප්‍රිය උත්සවවල සුල මුල
    2001 පිබිදෙව්!
  • ජනප්‍රිය උත්සව—අහිංසක විනෝදයක්ද?
    2001 පිබිදෙව්!
  • මම සමරන්නේ නැති හේතුව
    2006 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 67 ලිපිය
හැලොවීන් ඇඳුම් ඇඳන් ඉන්න දරුවන් තුන්දෙනෙක් හැලොවීන් සැරසිලිවලින් සරසලා තියෙන ගෙයක් ඉස්සරහා හිටගෙන ඉන්නවා.

හැලොවීන් උත්සවයේ සුල මුල

බයිබලයේ ඒ ගැන කියන දේ

ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31වෙනිදා හැලොවීන් උත්සවය සමරනවා. ඒ උත්සවය ගැන බයිබලයේ කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. හැබැයි හැලොවීන් උත්සවයේ මූලාරම්භයත් ඒ උත්සවය එක්ක බැඳිලා තියෙන චාරිත්‍ර වාරිත්‍රත් දිහා බලද්දී ඒ උත්සවය බයිබලේ තියෙන ඉගැන්වීම්වලට විරුද්ධයි කියලා හොඳටම පැහැදිලියි.

මේ ලිපියෙන්

  • උත්සවයේ සුල මුල සහ චාරිත්‍ර වාරිත්‍ර

  • සුල මුල දැනගන්න එක එච්චර වැදගත්ද?

  • හැලොවීන් කියලා නම වැටුණේ කොහොමද?

උත්සවයේ සුල මුල සහ චාරිත්‍ර වාරිත්‍ර

  • සෞඅන් උත්සවය: හැලොවීන් උත්සවයේ මූලාරම්භය මීට “අවුරුදු 2,000කට කලින් කෙල්ට්වරුන් පවත්වපු සෞඅන් උත්සවය හා සම්බන්ධයි” කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා. ඒකේ මෙහෙමත් කියනවා. “ඒ උත්සවය පවත්වන කාලයේදී මිය ගිය අය ජීවත් වෙලා ඉන්න අය අතරට එනවා කියලත් එයාලාට මිය ගිය අයව මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් කෙල්ට්වරු විශ්වාස කළා.” (The World Book Encyclopedia)—“හැලොවීන් කියලා නම වැටුණේ කොහොමද?” කොටස බලන්න.

  • ඇඳුම් ආයිත්තම් හා රසකැවිලි: කෙල්ට්වරුන් සැමරුව මේ උත්සවය ගැන සඳහන් වෙන එක පොතක තියෙන විදිහට මැරුණ අයගේ ආත්ම තමන්ට හානියක් කරයි කියලා හිතපු සමහර කෙල්ට්වරු බය හිතෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණා. එයාලා එහෙම කළේ ඒ ආත්ම “තමන්වත් මිය ගිය ආත්ම විදිහට සලකලා” හානියක් කරන එකක් නැහැ කියලා හිතපු නිසයි. තවත් අය මිය ගිය අයගේ ආත්ම සතුටු කරන්න හිතාගෙන රසකැවිලි හදලා පූජා කළා.—Halloween: An American Holiday, an American History.

    තැඹිලි පාට වට්ටක්කා ගෙඩියක හැඩයට හදපු බාල්දියක් පැත්තකින් තියෙනවා. විවිධ රසකැවිලි මේසයක් උඩ විසිරිලා.

    පස්වෙනි සහ 15වෙනි සියවස් අතර කාලේදී කතෝලික පූජකයන් තමන්ගේ ප්‍රදේශයේ තිබුණ මිථ්‍යා ආගමික චාරිත්‍ර කතෝලික ආගමට ඈඳාගත්තා. ඒ විතරක් නෙමෙයි එයාලගේ බැතිමතුන්ටත් කිව්වා අමුතු විදිහට ඇඳ පැලඳගෙන ගෙවල් ගාණේ ගිහින් පොඩි පොඩි තෑගි ඉල්ලන්න කියලා.

  • හොල්මන්, වැම්පයර්, මායාකාරියන් සහ ඇවිදින මළ මිනී: අතීතයේ ඉඳලා මේවා සැලකුවේ භූතයන් හා සම්බන්ධ චරිත විදිහට. ඒ චරිත “අද්භූත ජීවින්” විදිහට හඳුන්වපු එක පොතක කියලා තිබුණේ ඒ ජීවීන්ගෙන් “මරණය, මිය ගිය අය සහ මැරෙන්න තියෙන බය වගේ දේවල් නියෝජනය වුණා” කියලයි.—Halloween Trivia.

  • හැලොවීන් වට්ටක්කා නැත්නම් වට්ටක්කා ලන්තෑරුම් භූතයා: පස්වෙනි සහ 15වෙනි සියවස් අතර කාලේදී “තමන්ට කෑම දුන්නොත් මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කරනවා කියලා මිනිස්සු ගෙවල් ගාණේ ගිහින් කිව්වා. එහෙම යද්දී මදේ හාරලා අයින් කරපු ටර්නිප් (රාබු වර්ගයක්) ගෙඩියක මැද ඉටිපන්දමක් පත්තු කරගෙන ගියා. ඒ ඉටිපන්දමෙන් අදහස් කළේ ශුද්ධගිනිස්ථානයේ හිර වෙලා හිටපු ආත්මයි.” (Halloween—From Pagan Ritual to Party Night) සමහරු කියන විදිහට ඒ මිනිස්සු හිතලා තියෙනවා ඒ විදිහට ඉටිපන්දම් පත්තු කරගෙන ගියාම භූතයන්ව පලවාහරින්න පුළුවන් කියලා. 1800 ගණන්වලදී ටර්නිප් වෙනුවට වට්ටක්කා ගෙඩි පාවිච්චි කරන්න පටන්ගත්තා. මොකද උතුරු ඇමරිකාවේ වට්ටක්කා ඇති තරම් තිබුණා. ඒ වගේම වට්ටක්කා ගෙඩියේ මදේ හාරලා අයින් කරන්නත් ලේසි වුණා.

සුල මුල දැනගන්න එක එච්චර වැදගත්ද?

ඔව්. සමහරු හිතන්නේ හැලොවීන් උත්සවය කියන්නේ හානියක් නැති, විනෝද වෙන්න තියෙන හොඳ අවස්ථාවක් කියලා. හැබැයි හැලොවීන් උත්සවය පටන් අරන් තියෙන්නේ මිය ගිය අයගේ ආත්ම හා භූතයන් ගැන තියෙන මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන. ඒ නිසා මේ උත්සවයේ චාරිත්‍ර බයිබලයට කෙළින්ම පටහැනියි කියලා පැහැදිලියි.

හැලොවීන් උත්සවය එක්ක බැඳුණ විශ්වාසයන් දිහා දෙවියන් බලන විදිහ තේරුම්ගන්න මේ බයිබල් පද ගැන හිතන්න.

  • “ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.”—ද්විතීය කතාව 18:10-12.

    තේරුම: මැරුණ අය එක්ක කතා කරන එක, මැරුණ අය එක්ක කතා කරනවා වගේ රඟපාන එක දෙවියන් පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නැහැ.

  • “මළාහු කිසිවක් නොදනිති.”—දේශනාකාරයා 9:5, ‘පැරණි අනුවාදය.’

    තේරුම: මැරුණ අයට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න අය එක්ක කතා කරන්න බැහැ.

  • “නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලාට ස්වාමීන්ගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන.”—1 කොරින්ති 10:20, 21, ‘පැරණි අනුවාදය.’

    තේරුම: කෙනෙක් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න කැමති නම් එයාට භූතයන් එක්ක කිසිම ගනුදෙනුවක් තියාගන්න බැහැ.

  • ‘යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටින්න. මන්ද අපට තිබෙන පොරබැදීම ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.’—එෆීස 6:11, 12.

    තේරුම: ක්‍රිස්තියානීන් භූතයන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ වගේම භූතයන් එක්ක විනෝද වෙනවා වගේ රඟපාන්නවත් බැහැ.

හැලොවීන් කියලා නම වැටුණේ කොහොමද?

හැලොවීන් කියන නම කෙල්ට්වරුන්ගේ උත්සවයක් වුණ සෞඅන් උත්සවය එක්ක සම්බන්ධයි. එක පොතක මෙහෙම කියනවා. “සෞඅන් උත්සවය පවත්වන්නේ ගිම්හාන කාලය ඉවරයි කියලා පෙන්නන්න. ඒ වගේම අඳුරු, සීත සෘතුව පටන්ගත්තා කියලත් ඒකෙන් ඇඟවෙනවා. ඒ උත්සවය සැමරුවේ නොවැම්බර් 1වෙනිදා. ක්‍රි.ව. 700 සහ 800 ගණන්වලදී ක්‍රිස්තියානි පල්ලිය ඒ දවස අලුත් නිවාඩු දවසක් විදිහට පිහිටෙව්වා. එයාලා ඒ නිවාඩු දවස හැඳින්නුවේ ඕල් සේන්ට්ස් ඩේ විදිහට. මිය ගිය සියලු සාන්තුවරයන්ව සිහි කරපු ඒ දවස ඕල් හැලෝස් ඩේ කියලත් හැඳින්නුවා. හැලෝ කියන්නේ සාන්තුවරයා කියන වචනයට පාවිච්චි කරපු පැරණි ඉංග්‍රීසි වචනයක්. ඊට කලින් දා හැන්දෑව හැඳින්නුවේ ඕල් හැලෝ ඊවන් විදිහට. පස්සේ කාලෙක හැලොවීන් කියලා කෙටි වුණේ ඒ වචනයයි.”—The World Book Encyclopedia.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න