ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 47 ලිපිය
  • භූතයෝ ඇත්තටම ඉන්නවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භූතයෝ ඇත්තටම ඉන්නවද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • භූතයන්ට වඩා යේසුස් බලවත්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 47 ලිපිය

භූතයෝ ඇත්තටම ඉන්නවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ඔව්. භූතයන් කියලා කියන්නේ දෙවිට විරුද්ධව කැරලිගහපු ‘පව් කළ දේවදූතයන්ටයි.’ (2 පේතෘස් 2:4) එහෙම කැරලිගහලා මුලින්ම භූතයෙක් වුණු දේවදූතයාට තමයි සාතන් නැත්නම් යක්ෂයා කියලා කියන්නේ. බයිබලයේ සාතන්ව හඳුන්වලා තියෙන්නේ “භූතයන්ගේ පාලකයා” කියලයි.—මතෙව් 12:24, 26.

නෝවාගේ කාලයේ සිද්ධ වෙච්ච කැරැල්ල

නෝවාගේ දවස්වල සිද්ධ වෙච්ච මහා ජලගැල්මට කලින් නොමඟ ගිය දේවදූතයන්ගේ කැරැල්ල ගැන බයිබලයේ මේ විදිහට සඳහන් වෙනවා. “සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය. ඔවුහු හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ.” (උත්පත්ති 6:2) පොළොවේ හිටිය ස්ත්‍රීන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න තිබුණු ආසාව නිසා ඔවුන් “තමන්ට නියමිත වාසස්ථානය අත්හැර” එනම් ස්වර්ගය අත්හැර මිනිස් වෙස් අරගෙන පොළොවට ආවා.—යූද් 6.

ජලගැල්ම ආවම ඔවුන් මිනිස් වෙස් අතඇරලා ආපහු ස්වර්ගයට ගියා. ඒත් දෙවියන් ඔවුන්ව පිළිගත්තේ නැහැ. දෙවියන් ඔවුන්ට දඬුවම් නියම කරපු නිසා කවදාවත් ඔවුන්ට මිනිස් වෙස් ගන්න බැහැ.—එෆීස 6:11, 12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න