ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 40 ලිපිය
  • බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • ඔයා බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න කැමතිද?
    2017 පිබිදෙව්!
  • ‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ අදහස් කරන්නේ මොනවද?
    බයිබලයෙන් උත්තර
  • බයිබලය නිවැරදිව තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද?
    බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද?
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 40 ලිපිය
කාන්තාවක් බයිබලය කියවමින් ඉන්නවා.

බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද කියලා බයිබලේම පැහැදිලි කරලා තියෙනවා. ඔයා හැදුණු වැඩුණු පසුබිම මොකක් වුණත් බයිබලේ තියෙන පණිවිඩය තේරුම්ගන්න ඔයාට පුළුවන්.—ද්විතීය කතාව 30:11.

බයිබලය තේරුම්ගන්න නම් . . .

  1. බයිබලය ගැන හරි ආකල්පයක් තියෙන්න ඕන. බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ වදන් කියලා යටහත් පහත්ව පිළිගන්න. මොකද දෙවියන් උඩඟු අයට කැමති නැහැ. (1 තෙසලෝනික 2:13; යාකොබ් 4:6) ආවට ගියාට සමහර දේවල් විශ්වාස කරන්නේ නැතුව බයිබලේ තියෙන දේවල් නිවැරදිව තේරුම්ගන්න. දෙවියන් කැමතිත් ඔයා බයිබලේ තියෙන තොරතුරු හොඳට තේරුම් අරගෙන ඒවා විශ්වාස කරනවටයි.—රෝම 12:1, 2.

  2. ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න ඕන. බයිබලේ කියන්නේ ‘ඔබේම නුවණෙහි රඳා සිටින්න එපා’ කියලයි. (හිතෝපදේශ 3:5) ඒ වෙනුවට බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න අවශ්‍ය ප්‍රඥාව දෙන්න කියලා ‘නොකඩවා දෙවිගෙන් ඉල්ලන්න.’—යාකොබ් 1:5.

  3. නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්න. ඉඳලා හිටලා බයිබලේ අධ්‍යයනය කරනවට වඩා ඒක නිතිපතා කරද්දී ලැබෙන ප්‍රයෝජන වැඩියි.—යොෂුවා 1:8.

  4. විෂයෙන් විෂය අධ්‍යයනය කරන්න. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න පුළුවන් හොඳ විදිහක් තමයි යම් විෂයක් තෝරගෙන ඒ ගැන බයිබලේ කියන්නේ මොනවද කියලා අධ්‍යයනය කරන එක. මුලින්ම බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලින් පටන්ගන්න. ඊටපස්සේ ක්‍රමානුකූලව බයිබලේ තියෙන ගැඹුරු දේවල් අධ්‍යයනය කරන්න. (හෙබ්‍රෙව් 6:1, 2) එහෙම කරද්දී ඔයාට තේරෙයි බයිබලේ තියෙන “තේරුම්ගැනීමට අමාරු ඇතැම් දේවල්” බයිබලේම තියෙන වෙනත් පද එක්ක සන්සන්දනය කරලා තේරුම්ගන්න පුළුවන් කියලා.—2 පේතෘස් 3:16.

  5. අනිත් අයගෙන් උදව් ලබාගන්න. බයිබලේ ගැන අවබෝධයක් තියෙන අයගෙන් ඒකේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් ඉල්ලන්න කියලා බයිබලේ දිරිගන්නලා තියෙනවා. (ක්‍රියා 8:30, 31) යේසුස්ගේ මුල් අනුගාමිකයන් බයිබලේ තියෙන දේවල් පැහැදිලි කරලා දුන්නා වගේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් අනිත් අයට නොමිලේ බයිබලේ සඳහන් දේවල් තේරුම් කරලා දෙනවා. අනිත් අයට බයිබලේ තියෙන දේවල් එයාලා තේරුම් කරලා දෙන්නේ බයිබල් පද පාවිච්චි කරලයි.—ක්‍රියා 17:2, 3.

බයිබලය තේරුම්ගන්න මේවා අවශ්‍ය නැහැ

  1. උසස් අධ්‍යාපනයක් හෝ විශේෂ දක්ෂතා. ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් තේරුම්ගන්නත් ඒවා අනිත් අයට කියලා දෙන්නත් යේසුස්ගේ නියෝජිතයන් දොළොස්දෙනාට පුළුවන් වුණා. හැබැයි සමහරු එයාලව සැලකුවේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” හැටියටයි.—ක්‍රියා 4:13.

  2. සල්ලි. යේසුස් ඔහුගේ නියෝජිතයන්ට කිව්වේ ‘නොමිලේ ලැබුණු දේ නොමිලේම දෙන්න’ කියලයි. ඒ නිසා කිසිම වියදමක් දරන්නේ නැතුව බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න ඔයාට පුළුවන්.—මතෙව් 10:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න