Thai Liang Lim/E+ via Getty Images
සෝදිසියෙන් ඉන්න!
සෝෂල් මීඩියා නිසා යෞවනයන් අවදානමේ!
සෝෂල් මීඩියා නිසා අද දරුවන්ගේ ජීවිත තියෙන්නේ ලොකු අනතුරක. 2025දී ලෝකේ පුරා තියෙන ආණ්ඩුත් ඒ ගැටලුව ගැන අවධානය යොමු කරලා තියෙනවා. වයස අවුරුදු 16ට අඩු අයට සෝෂල් මීඩියා පාවිච්චි කරන එක තහනම් කරන්න එක රටක බලධාරීන් පියවර ගත්තා. තවත් රටවලුත් ඒ වගේ සීමාවන් පනවන එක ගැන හිතනවා.
වැඩිහිටි අය විතරක් නෙවෙයි යෞවන අයත් සෝෂල් මීඩියාවල අනතුර ගැන එයාලාගේ අදහස් පළ කරලා තියෙනවා. උදාහරණයකට, එක්සත් ජනපදයේ එක සමීක්ෂණයක් කළා. ඒකට හවුල් වුණ යෞවන අයගෙන් 48%ක් ඒ කියන්නේ භාගයක් විතර කිව්වේ “සෝෂල් මීඩියා නිසා තරුණ පරපුරට වැඩිපුරම වෙන්නේ හානියක්” කියලා.
වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් කියනවා යෞවනයන්ගේ මනස්වලට සෝෂල් මීඩියා නිසා ලොකු බලපෑමක් වෙනවා කියලා. එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වන විවේක් මූර්ති මෙහෙම කිව්වා. “අද ඉන්න දරුවන් ගොඩක් මානසික ප්‍රශ්නවලට මූණ දෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ සෝෂල් මීඩියා. ඒ වෙනුවෙන් ඉක්මනින්ම පියවරක් ගන්න ඕනේ.”
දරුවන්ව මේ භයානක උගුලෙන් බේරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒක කරන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.
දෙමාපියන්ට කරන්න පුළුවන් දේ
බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම් ගැන හිතන්න.
“සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි.”—හිතෝපදේශ 14:15.
සෝෂල් මීඩියාවල හානිකර පැති ගොඩක් තියෙනවා. ඒ නිසා හැමෝම පාවිච්චි කරන පළියට ඔයාගේ දරුවාටත් ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ කියලා හිතන්න එපා. ඊට කලින් මේ පැති ගැන හිතලා බලන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන කාලය ගැන ඔයා දාන නීතිවලට එයා කීකරු වෙයිද? සෝෂල් මීඩියාවල ඉන්න අයව තෝරලා බේරලා ආශ්‍රය කරන්න එයාට පුළුවන්ද? නුසුදුසු දේවල්වලින් ආරක්ෂා වෙන්න තරම් සිහිබුද්ධියක් එයාට තියෙනවාද?
ඒ ගැන තව දැනගන්න “මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?” සහ “පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න” කියන ලිපි බලන්න.
“ඔයාලට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:16.
දරුවාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙනවා නම් ඒක පාවිච්චි කරන විදිහ ගැන නීති දාන්න. ඒ නීති එයාට ආරක්ෂාවක් වෙන විදිහ ගැන කියලා දෙන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී දරුවා කියන කරන දේවල්වල වෙනසක් වෙනවාද කියලා හොඳ අවධානයෙන් ඉන්න. එයා සෝෂල් මීඩියා පාවිච්චි කරන විදිහ සීමා කරන්න ඕනෙද කියලා තීරණය කරන්න ඒක ඔයාට උදව් වෙයි.
සීමා දාන්නේ ඇයි කියලා දරුවාට තේරුම් කරන්න “කාටූන් චිත්රවලින් උගනිමු පාඩම්” කියන වීඩියෝ මාලාවේ තියෙන ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක පාවිච්චි කරන්න.
දෙමාපියන්ට කරන්න පුළුවන් තවත් දේවල් ගැන දැනගන්න “සෝෂල් මීඩියාවලින් දරුවන්ට වෙන හානිය ගැන ඉහළ නිලධාරියෙක්ගෙන් අනතුරු ඇඟවීමක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
තව දැනගන්න
බයිබලයේ කියනවා අපි ජීවත් වෙන්නේ “හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක” කියලා. (2 තිමෝති 3:1-5) මේ වගේ කාලෙක ජීවත් වෙන්න ඕනෙ කරන මඟ පෙන්වීමුත් බයිබලයෙන් හොයාගන්න පුළුවන්. දෙමාපියන්ට සහ දරුවන්ට උදව් වෙන ඒ වගේ මඟ පෙන්වීම් ඇතුළත් ලිපි 20කට වඩා “මානසිකව කඩා වැටෙන යෞවනය” කියන ලිපියේ තියෙනවා.