ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 29 ලිපිය
  • හිතේ බර සැහැල්ලු කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතේ බර සැහැල්ලු කරගන්න
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හිතේ බර සැහැල්ලු කරගන්න යෝජනා කීපයක්
  • මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද?
    2001 පිබිදෙව්!
  • කනස්සලු වෙන්න එපා
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මතෙව් 6:34 - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • 2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
තවත් ලිපි
mrt 29 ලිපිය
වයසක කෙනෙක් ප්‍රශ්න ගැන කල්පනා කරකර ඉන්නවා.

හිතේ බර සැහැල්ලු කරගන්න

ඔයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන ඕනෑවට වඩා කරදර වෙනවාද? එහෙනම් ඒකෙන් ඔයාගේ ශරීරයටත් මනසටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් නැති ප්‍රශ්නත් ඇති වෙයි.

හිතේ බර සැහැල්ලු කරගන්න යෝජනා කීපයක්

  • දුක මූණක්.

    දුකක් දැනෙන ප්‍රවෘත්ති අහන බලන එක අඩු කරන්න. රටේ ලෝකේ වෙන හැම ප්‍රශ්නයක් ගැනම ඔයා දැනගන්න ඕනෙ නැහැ. දුකක් දැනෙන දේවල් දැනගන්න දැනගන්න ඔයාගේ හිතේ තියෙන බර තවත් වැඩි වෙයි.

    බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.

    “අලුත්ම තොරතුරු ගැන දැනගන්න තියෙන ආසාව නිසාම අපි දන්නෙම නැතුව ඒ වගේ තොරතුරු හැමතිස්සෙම හොයලා බලන්න පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ලොකු හානියක්. ඒ වගේ දේවලට දෙන වෙලාව අඩු කරපු නිසා මගේ මනසට ලොකු සැහැල්ලුවක් දැනුණා.”—ජෝන්.

    හිතන්න දෙයක්: ටීවී එකේ, පත්තරවල එන හැම ආරංචියක්ම ඔයා දැනගන්න ඕනෙද?

  • ඔරලෝසුවක්.

    කාලසටහනක් හදාගන්න. උදේට නැඟිටින්න, කෑම කන්න, ගෙදරදොරේ වැඩ කරන්න, නිදාගන්න වගේ දේවලට වෙලාවක් වෙන් කරගන්න. දේවල් සාමාන්‍ය විදිහට කරගෙන යන්නත් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් ඒක ඔයාට උදව් වෙයි.

    බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

    “කෝවිඩ් වසංගතය පටන්ගත්ත කාලේ මට කිසිම දෙයක් කරන්න හිතුණේ නැහැ. මං දවසේ වැඩි හරියක්ම කළේ විනෝද වෙන්න පුළුවන් දේවල්. මට තේරුණා මං වැඩ කරන විදිහ වෙනස් කරන්න ඕනෙ කියලා. ඒ නිසා හැම දවසකම කරන්න තියෙන වැඩ හොඳට කරන්න මං කාලසටහනක් හදාගත්තා.”—ජෝසෙප්.

    හිතන්න දෙයක්: ‘මං මේ වගේ හොඳ වැඩක් කළානේ’ කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් දෙයක් හැමදාම කරන්න ඔයා උත්සාහ කරනවාද?

  • සතුටු මූණක්.

    සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න. ඉස්සරහට මෙහෙම වෙයි, අරහෙම වෙයි කියලා හිතන එක නැත්නම් වෙන්න පුළුවන් දරුණුම දේ වෙයි කියලා හිතන එක හරියට ඇවිළෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්. ඒ නිසා ඒ වගේ දේවල් ගැන හිතනවා වෙනුවට දැනටමත් ඔයාට සතුටු වෙන්න පුළුවන්, ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් දෙක තුනක් ගැන හිතන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි.”—කොලොස්සි 3:15.

    “නරක ආරංචිවලින් ඔළුව පුරවගන්නේ නැතුව හොඳ දේවල් ගැන හිතන්න බයිබලේ කියවන එක මට උදව් වුණා. බයිබලේ කියවන්න කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඒත් හිත සැහැල්ලු කරගන්න ඒක ගොඩක් උදව් වෙනවා.”—ලීසා.

    හිතන්න දෙයක්: ඔයා වැඩිපුරම හිතන්නේ දුක හිතෙන දේවල් ගැනද? සතුටු හිතෙන දේවල් ගැනද?

  • තෑග්ගක්.

    අනිත් අය ගැන හිතන්න. සාමාන්‍යයෙන් ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී අපි බලන්නේ පුළුවන් තරම් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න. ඒත් එහෙම කරනවා වෙනුවට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා හිතන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

    “අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ලොකු සතුටක් දැනෙනවා. මං කරන දෙයක් නිසා තව කෙනෙක් සතුටින් ඉන්නවා දකිද්දී මගේ ප්‍රශ්න නිකම්ම අමතක වෙනවා. අනික අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී මගේ ප්‍රශ්න ගැන හිතහිත ඉන්න වෙලාවක් නෑ.”—මරියා.

    හිතන්න දෙයක්: උදව් ඕන කරන කෙනෙක්ව ඔයාට මතක් වෙනවාද? එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • හදවතක්.

    නිරෝගීව ඉන්න. ව්‍යායාම් කරන්න, හොඳ විවේකයක් ගන්න වෙලාවක් වෙන් කරගන්න. පෝෂ්‍යදායි කෑම කන්න. ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන එක සතුටින් ඉන්නත් හිතේ බර සැහැල්ලු කරගන්නත් ඔයාට උදව් වෙයි.

    බයිබල් ප්‍රතිපත්තිය: “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙනවා.—1 තිමෝති 4:8, ‘පැරණි අනුවාදය.’

    “මේ වසංගතය නිසා වෙනදා වගේ පුතාටයි, මටයි එළියට ගිහිල්ලා ව්‍යායාම් කරන්න බැහැ. ඒ නිසා අපි හැමදාම ගේ ඇතුළේ ව්‍යායාම් කරනවා. ප්‍රශ්න මැද වුණත් ඉවසීමෙන් වැඩ කරන්න, සතුටින් ඉන්න ඒක අපි දෙන්නාට උදව් වෙලා තියෙනවා.”—කැතරින්.

    හිතන්න දෙයක්: කන බොන දේවල් ගැන, ව්‍යායාම් කරන එක ගැන ඔයා මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි කියලා හිතෙනවාද?

ඒ යෝජනාවලට අමතරව ලස්සන අනාගතයක් ගැන බයිබලේ තියෙන පොරොන්දු ගැන දැනගන්න එක හිතේ බර සැහැල්ලු කරගන්න හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ඒ ලස්සන අනාගතය ගැන දැනගන්න “දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න.

කනස්සල්ල ගැන සඳහන් බයිබල් පද

ගීතාවලිය 55:22: “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.”a

ඒකෙන් අදහස් වෙන දේ: අපේ හිතට දැනෙන ඕනෙම බරක් ඒ කියන්නේ ඕනෙම ප්‍රශ්නයක් යාච්ඤාවෙන් දෙවියන්ට කියන්න අපිට පුළුවන්. ඇත්තටම අපේ හිතේ තියෙන ඕනෙම දෙයක් ගැන අපේ නිර්මාතෘ එක්ක නිදහසේ කතා කරන්න අපිට පුළුවන්. අපි මොන පීඩාවකට මුහුණ දුන්නත් ඔහු අපිව ‘සනසනවා.’—2 කොරින්ති 1:3, 4.

හිතෝපදේශ 12:25: “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.”

ඒකෙන් අදහස් වෙන දේ: ඔයාට තියෙන ප්‍රශ්නේ ගැන පවුලේ කෙනෙක්ට නැත්නම් කිට්ටු යාළුවෙක්ට කියන්න. ඔයාට ඕන කරන දිරිගැන්වීම්, උදව් දෙන්න එයාලට පුළුවන්.

මතෙව් 6:27: “කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?”

ඒකෙන් අදහස් වෙන දේ: ප්‍රශ්න ගැන ළත වෙවී හිටියා කියලා කිසිම තේරුමක් නැහැ. ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ, ඔයාට කිසි සතුටක් දැනෙන්නෙත් නැහැ.

මතෙව් 6:31, 32: ‘“කන්නේ බොන්නේ මොනවාද” කියාවත් “අඳින්නේ මොනවාද” කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.’

ඒකෙන් අදහස් වෙන දේ: අපිට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉන්න හිටින්න තැනක් ඕනෙ කියලා අපිටත් වඩා හොඳින් යෙහෝවා දෙවියන් දන්නවා.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න