පාඨකයන්ගෙන් ප්‍රශ්න
2 තෙසලෝනික 3:14 කෙනෙක්ව “ලකුණු කරන්න” කියලා පාවුල් කියන්නේ වැඩිමහල්ලන්ටද නැත්නම් සභාවේ එක් එක් කෙනාටද?
තෙසලෝනිකයේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කිව්වා. “මේ ලිපියේ අපි දීලා තියෙන මඟ පෙන්වීම්වලට කෙනෙක් කීකරු වෙන්නේ නැත්නම් එයාව ලකුණු කරන්න.” (2 තෙස. 3:14, පාදසටහන) කලින් අපි කිව්වේ ඒ මඟ පෙන්වීම දුන්නේ වැඩිමහල්ලන්ට කියලයි. කෙනෙක් දිගින් දිගටම බයිබලෙන් දුන්න උපදෙස් නොසලකාහරිනවා නම් වැඩිමහල්ලන් සභාවට අනතුරු අඟවන දේශනයක් දුන්නා. ඊටපස්සේ ලකුණු කරපු ඒ කෙනාව ආශ්‍රය කරන එක ගැන සභාවේ අය සැලකිලිමත් වෙනවා.
හැබැයි අපි කලින් හිතපු විදිහේ වෙනසක් කරන්න ඕනේ. දැන් අපි තේරුම් අරන් ඉන්නවා පාවුල් ඒක කිව්වේ වැඩිමහල්ලන්ට නෙවෙයි, සභාවේ ඉන්න එක් එක් පුද්ගලයාට කියලා. ඒ නිසා මීට පස්සේ වැඩිමහල්ලන් අනතුරු අඟවන දේශන දෙන්නේ නැහැ. ඒත් ඒ වෙනස කළේ ඇයි? ඒක තේරුම්ගන්න ඒක කියද්දී පාවුල් කතා කරකර හිටියේ මොකක් ගැනද කියලා අපි බලමු.
පාවුල් දැක්කා සභාවේ හිටපු සමහරුන්ට උපදෙස් දීලා තිබුණත් එයාලා “දෙවියන්ගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැහැ” කියලා. කලින් වතාවේ පාවුල් එයාලට කිව්වා “කෙනෙක් වැඩ කරන්න කැමති නැත්නම් එයා කෑම නොකා ඉන්න ඕනෙ” කියලා. ඒ කියලත් සමහරු පුළුවන්කම තියෙද්දීත් පවුලේ අයව බලාගන්න කිසිම දෙයක් කළේ නැහැ. ඒ මදිවට එයාලා “අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැහුවා.” ඒ වගේ අයත් එක්ක කොයි විදිහට වැඩ කරන්න කියලද පාවුල් කිව්වේ?—2 තෙස. 3:6, 10-12.
පාවුල් කිව්වා “එයාව ලකුණු කරන්න” කියලා. ග්‍රීක භාෂාවෙන් ඒකේ අදහස තමයි ඒ වගේ කෙනෙක්ව හඳුනගෙන, එයාගෙන් වෙන්න පුළුවන් අනතුර ගැන සැලකිල්ලෙන් ඉන්නවා කියන එක. පාවුල් ඒක කිව්වේ වැඩිමහල්ලන්ට විතරක් නෙවෙයි, සභාවේ ඉන්න හැම කෙනෙක්ටම. (2 තෙස. 1:1; 3:6) ඒ නිසා කෙනෙක් දැක්කොත් සභාවේ ඉන්න සහෝදරයෙක් හරි සහෝදරියක් හරි බයිබලෙන් ලැබෙන උපදෙස් ගණන් නොගෙන ඉන්නවා කියලා එයාට පුළුවන් තීරණේ කරන්න ‘ඒ කෙනාව ආශ්‍රය කරන එක නතර කරන්න.’
ඒ කියන්නේ එයාට සලකන්න ඕනෙ සභාවෙන් අයින් කරපු කෙනෙක්ට සලකන විදිහටද? නැහැ. පාවුල් කිව්වා “එයාව සහෝදරයෙක් විදිහට සලකලා එයාට උපදෙස්, අවවාද ලබා දෙන්න” කියලා. ඒ නිසා ලකුණු කරපු කෙනෙක්ව රැස්වීම්වලදී, සේවේදී ආශ්‍රය කරන්න එක් එක් ක්‍රිස්තියානීන්ට පුළුවන්. හැබැයි විනෝද වෙද්දී, එකට කාලේ ගත කරද්දී එයාව සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ ඇයි? පාවුල් කිව්වා “එතකොට එයා හැසිරෙන විදිහ ගැන එයාටම ලැජ්ජාවක් දැනෙයි” කියලා. ඒ විදිහට එයාව ආශ්‍රය කරන එක නතර කළාම එයා කරන දේ ගැන එයාට ලැජ්ජා හිතිලා එයා වැඩ කරන විදිහ වෙනස් කරගනියි.—2 තෙස. 3:14, 15.
කෙනෙක්ව ලකුණු කරන්නේ කොයි අවස්ථාවේද? මුලින්ම අපිට ස්ථිර වෙන්න ඕනෙ ඇත්තටම පාවුල් කියපු විදිහට එයා “දෙවියන්ගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැති” කෙනෙක්ද කියලා. කෙනෙක් කරන දේකින් බයිබල් ප්‍රතිපත්තියක්, නීතියක් කැඩෙන්නේ නැති වුණාට එයා කරන දේට අපේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. පාවුල් කතා කරන්නේ ඒ වගේ අය ගැන නෙවෙයි. තවත් අයගේ රුචි අරුචිකම් අපිට වඩා වෙනස්. එහෙම අය ගැනත් නෙවෙයි පාවුල් කතා කරන්නේ. අපේ හිත රිද්දපු අය ගැනත් නෙවෙයි පාවුල් කියන්නේ. ඒ වෙනුවට ඒ උපදෙස දෙද්දී පාවුල්ගේ මනසේ හිටියේ බයිබලෙන් උපදෙස් ලැබිලා තිබුණත් හිතාමතාම ඒවා පිළිගන්නේ නැති අය.
අපි දැක්කොත් සභාවේ කෙනෙක් බයිබලෙන් ලැබෙන උපදෙස් නොසලකාහරිනවාa කියලා කට්ටිය විනෝද වෙද්දී, එකට කාලේ ගත කරද්දී එයාව ඒවාට සම්බන්ධ කරගන්නේ නැතුව ඉන්න අපි එක් එක් කෙනා තීරණේ කරනවා. මේක පෞද්ගලික තීරණයක් නිසා එක ගෙදර ඉන්න පවුලේ කිට්ටුම සාක්ෂිකරුවන්ට ඇරෙන්න ඒ ගැන අනිත් අය එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ කෙනෙක්ව රැස්වීම්වලදී, සේවේදී අපි දිගටම ආශ්‍රය කරනවා. එයා එයාගේ හැසිරීම, ආකල්ප වෙනස් කරගත්තොත් අපි එයාව ආයේ සාමාන්‍ය විදිහට ආශ්‍රය කරනවා.
a උදාහරණෙකට කෙනෙක්ට පුළුවන්කම තියෙද්දීත් එයා පවුලේ අයව බලාගන්න කිසිම වැඩක්පළක් කරන්නේ නැත්නම්, සත්‍යයේ නැති කෙනෙක් එක්ක යාළු වෙලා ඒ සම්බන්ධය නතර කරන්න කැමති නැත්නම්, සභාවට දෙන මඟ පෙන්වීම් හෙළා දකින විදිහට කතා කරනවා නම්, අනිත් අය ගැන බොරු කටකතා පතුරුවනවා නම් එයා බයිබලෙන් ලැබෙන උපදෙස් නොසලකාහරින කෙනෙක්.—1 කොරි. 7:39; 2 කොරි. 6:14; 2 තෙස. 3:11, 12; 1 තිමෝ. 5:13.