ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 13 පි.
  • අලුත් පොතේ විශේෂාංග!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් පොතේ විශේෂාංග!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඩිජිටල් ලෝකෙක මුද්‍රිත ප්‍රකාශන
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?
    2015 පිබිදෙව්!
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 13 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අලුත් පොතේ විශේෂාංග!

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් පාඩමක් කරද්දී ඒකේ තියෙන වීඩියෝ සහ හිතේ තියෙන දේ දැනගන්න අහන ප්‍රශ්න පාවිච්චි කරන්න ඔයා ගොඩක් කැමති ඇති. “සමහරු මෙහෙම කියනවා,” “ඔයාට කරන්න දෙයක්,” “තව දැනගන්න” වගේ අංගවලටත් ඔයා ආස ඇති. තව මොන අංග පාවිච්චි කරන්නද ඔයා කැමති?—මතෙ 28:19, 20.

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ පෙන්නනවා. රවුමකින් වෙන් කරලා පෙන්නන්නේ ‘1වෙනි කොටසේ මීඩියා’ බට්න් එකයි.

මීඩියා: ඔයා පාඩම කරන්නේ මුද්‍රිත පොතෙන් නම් අදාළ වීඩියෝ සහ ප්‍රකාශන බලන්න විදිහක් තියෙනවාද? ඩිජිටල් පොතේ තියෙන කොටස් 4න් එකක් තෝරගන්න. දැන් පාඩම් ලැයිස්තුවේ පහළටම යන්න. එතකොට “මීඩියා” කියලා ටැබ් එකක් දකියි. ඒක එබුවාම ඒ කොටසට අයිති වීඩියෝ සහ ප්‍රකාශන බලන්න පුළුවන්. (1වෙනි පින්තූරය බලන්න.)

“මුද්‍රිත විදිහට”: පාඩම කරන්නේ ඩිජිටල් පොතෙන් නම් පාඩම කරන ගමන් විටින් විට මුද්‍රිත පොතේ තියෙන විදිහත් බලන්න ඔයා කැමති වෙයි. ඒකට ස්ක්‍රීන් එකේ උඩ තියෙන තිත් තුන ඔබන්න. එතකොට එන ලැයිස්තුවේ තියෙන “මුද්‍රිත විදිහට” කියන එක ඔබන්න. පාඩමේ ඔයා සාකච්ඡා කරන්නේ මොකක්ද කියලා සම්පූර්ණ පින්තූරයක් ඔළුවට ගන්න ඒක ඔයාට උදව් වෙයි. ආයෙත් ඩිජිටල් පොතට යන්න ඕනෙ නම් පහළ තියෙන දම් පාට අයිකන් එක ඔබන්න. නැත්නම් කලින් වගේ තිත් තුන ඔබලා “ඩිජිටල් විදිහට” කියන එක ඔබන්න.

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ පෙන්නනවා. රවුම්වලින් වෙන් කරලා පෙන්නන්නේ “මං ලෑස්තිද” කොටුව සහ “අමතර සටහන්.”

“මං ලෑස්තිද?”: 4වෙනි කොටසේ අන්තිමට තියෙන ඒ කොටු දෙකේ කතා කරන්නේ සභාවේ අයත් එක්ක දේශනා කරන්න සහ බව්තීස්ම වෙන්න ශිෂ්‍යයාට තියෙන්න ඕනෙ සුදුසුකම් ගැන. (2වෙනි පින්තූරය බලන්න.)

අමතර සටහන්: මේක තියෙන්නෙත් 4වෙනි කොටසේ අන්තිමට. ගොඩක් වැදගත් විෂයන් කීපයක්ම ඒ කොටසේ විස්තර කරලා තියෙනවා. ඩිජිටල් පොතේ හැම අමතර සටහනක් අවසානේදී ඔයා අන්තිමට සාකච්ඡා කර කර හිටපු තැනට ගෙනියන ලින්ක් එකක් දාලා තියෙනවා. (2වෙනි පින්තූරය බලන්න.)

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත ඉවර කරන්න කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණත් පොත ඉවර වෙන කල්ම දිගටම පාඩම කරන්න. පැය, නැවත බැලීම් සහ පාඩම වාර්තා කරන්න ඔයාට පුළුවන්. ඔයාත් එක්ක කවුරුහරි පාඩමට හවුල් වෙනවා නම් එයාටත් පුළුවන් පැය වාර්තා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න