දේවවචනය නිධානයක්
වරදවා වටහාගැනීමකින් පාඩම්!
යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් හිටපු ගෝත්‍රවල අය ලොකු පූජාසනයක් හැදුවා (යොෂු 22:10)
එයාලා යෙහෝවාට ද්‍රෝහි වුණා කියලා අනිත් ගෝත්‍රවල අය චෝදනා කළා (යොෂු 22:12, 15, 16; w06 4/15 5 3¶)
අනිත් අය චෝදනා කරද්දී එයාලා සන්සුන්ව වැඩ කරපු එකෙන් ලොකු විනාශයක් වෙන එක නවත්තගන්න පුළුවන් වුණා (යොෂු 22:21-30; w08 11/15 18 5¶)
කෙනෙක් අපිව වරදවා වටහාගත්තොත් අපි වැඩ කරන්න ඕනෙ කොහොමද? හරියට තොරතුරු හොයලා බලන්නේ නැතුව නිගමනයකට එන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?—හිතෝ 15:1; 18:13.