ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 5 පි.
  • යෞවනයෙනි, ‘යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයෙනි, ‘යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින්න’
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමියෙක් විදිහට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පුරෝගාමි සේවයේ ආශීර්වාද
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෞවනයෙනි, ‘යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින්න’

පාවුල් තීතස්ට කිව්වා යෞවනයන් ‘සෑම කාරණයකදීම යහපත් ක්‍රියාවල නිරත වෙමින් ආදර්ශයක්’ වෙන්න ඕනෙ කියලා. (තීත 2:6, 7) දෙවියන් අපිව පවිත්‍ර කරලා, “යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” ඉන්න සෙනඟක් විදිහට තෝරගෙන තියෙනවා කියලත් පාවුල් කිව්වා. (තීත 2:14) දේවරාජ්‍යය ගැන දේශනා කරන එකත් උගන්වන එකත් ඒ යහපත් ක්‍රියා අතරට අයිතියි. ඔයාත් යෞවනයෙක් නම් සහායක පුරෝගාමියෙක් විදිහට හරි ස්ථාවර පුරෝගාමියෙක් විදිහට හරි සේවය කරන්න ඔයාට පුළුවන්ද?—හිතෝ 20:29.

පුරෝගාමි සේවය කරන්න ආසයි නම් ඒ ඉලක්කයට ළඟා වෙන්න අවශ්‍ය දේවල් සැලසුම් කරන්න. (ලූක් 14:28-30) උදාහරණයකට පූර්ණකාලීන සේවය කරද්දී වියදම් පියවගන්න පුළුවන් විදිහ ගැන, පැය ගාණ ආවරණය කරගන්න පුළුවන් විදිහ ගැන හොඳට හිතන්න. ඔයාගේ සැලසුම්වලට යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. (ගීතා 37:5) ඔයා කරන්න හිතන් ඉන්න දේවල් ගැන දෙමාපියන් එක්කත් සාර්ථකව පුරෝගාමි සේවය කරන අය එක්කත් කතා කරන්න. ඊටපස්සේ ඔයාගේ ඉලක්කයට ළඟා වෙන්න පියවර ගන්න. උද්‍යෝගයෙන් සේවය කරන්න ඔයා දරන වෑයමට අනිවාර්යයෙන්ම දෙවියන් ආශීර්වාද කරයි.

‘යෙහෝවා දෙවිට ගරු කරන යෞවනයන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පුරෝගාමි සේවය පටන්ගන්න සමහර අයට ජය ගන්න වුණේ මොන අභියෝගද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

  • ස්ථාවර පුරෝගාමියෙක් වෙන්න තමන්ගේ දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

  • දේශනා කරන්න හොඳ කාලසටහනක් තියාගන්න එක වැදගත් ඇයි?

  • පුරෝගාමීන්ව දිරිගන්වන්නත් එයාලට උදව් කරන්නත් සභාවේ අයට පුළුවන් කොහොමද?

  • පුරෝගාමීන් අද්දකින ආශීර්වාද මොනවාද?

යෞවනියක් පුරෝගාමි සේවය කරන්න තියෙන ආසාව ගැන එයාගේ පියා එක්ක කතා කරමින්; යෞවන පුරෝගාමි සහෝදරයෙක් කාලසටහනක් සකස් කරමින්; යෞවන පුරෝගාමි සහෝදරියක් තවත් සහෝදරියක් එක්ක සේවයේ හවුල් වෙමින්; යෞවන පුරෝගාමි සහෝදරියක් බයිබල් පාඩමක් පවත්වමින්

පුරෝගාමි සේවය කරන්න ඉලක්කයක් තියාගෙන ඒක ජය ගන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න