යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සහායක පුරෝගාමි සේවය කරමුද?
දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනයෙන් දෙවිගේ සෙනඟ ඔහුට කැමැත්තෙන්ම පූජා ඔප්පු කරනවා කියලත් පැහැදිලි වෙනවා. දෙවිට ප්‍රශංසා ගෙන දෙන පූජා ඔප්පු කරන්න අපිට පුළුවන් කොහොමද?—හෙබ්‍රෙ 13:15, 16.
ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි සහායක පුරෝගාමි සේවය කරන එක. සෙනසුරාදාවල් පහක් නැත්නම් ඉරිදාවල් පහක් තියෙන මාසවල් කිහිපයක්ම 2018 වසරේ තියෙනවා. සතියේ දවස් පහේම රැකියාවක් කරන සති අන්තයේ සේවයේ යන අයට ඒ නිසා වැඩිපුර සේවයක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මාර්තු, අප්‍රියෙල් මාසවලත් චාරිකා සේවක එන මාසවලත් පැය 30ක් හරි 50ක් හරි කරන්න හුඟක් අයට පුළුවන්.
ඒත් සහායක පුරෝගාමි සේවය කරන්න තරම් කාලය හොයාගන්න අපිට බැරි නම් මොනවාද කරන්න පුළුවන්? අපිට පුළුවන් මිනිසුන්ගේ හිතට කාවදින විදිහට කතා කරන්න තවත් හොඳින් සූදානම් වෙලා සේවයේ යන්න. ඒ වගේම දැනට කරනවාට වඩා වැඩිපුර කාලයක් සේවය කරන්නත් පුළුවන්. සහායක පුරෝගාමි සේවය කරන්න පුළුවන් වුණත් නැතත් 2018 වසරේදී උපරිමයෙන් සේවය කරන්න යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවයි.—හොෂෙ 14:2.
සබිනා හෙර්නාන්ඩස් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න මට පුළුවන් කොහොමද?
‘යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
යෙහෝවා දෙවිට වැඩිපුර සේවයක් කරන්න සබිනා පෙලඹුණේ ඇයි?
සබිනාගේ ආදර්ශය ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?
2018 වසරේ සහායක පුරෝගාමි සේවය කරන්න ඔයාට පුළුවන් මොන මාසයේදීද නැත්නම් මොන මාසවලදීද?