අත්හදා බැලීමට යෝජනා
‘මුරටැඹ’ සැප්තැම්බර් 1
“ඔයා කවදා හරි හිතලා තියෙනවාද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඒ නම ලැබුණේ කොහොමද කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන්ගේ නම ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. [ගීතාවලිය 83:18 කියවන්න.] යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි ඔහු ගැනත් ඔහුගේ අරමුණ ගැනත් කියනවා. හුඟක් අය අපි ගැන දරන වැරදි අදහස් මේ ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
‘පිබිදෙව්!’ සැප්තැම්බර්
“ජීවත් වෙන්න සල්ලි ඕන කියලා හුඟක් අය කියනවා. ඒත් සල්ලි පස්සෙම යන එක අනතුරුදායක දෙයක් නෙමෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මේ වගේ අවවාදයක් දෙනවා. [1 තිමෝති 6:9 කියවන්න.] සල්ලි ගැන සමබර ආකල්පයක් තියාගන්න පුළුවන් විදිහ මේ සඟරාවේ පැහැදිලි කරනවා.”