අත්හදා බැලීමට යෝජනා
දෙසැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“යේසුස් නැවත එයි කියලා හුඟදෙනෙක් බලන් ඉන්නවා. යේසුස් නැවත ආවොත් මොන වගේ දෙයක් කරනවටද ඔයා කැමති?” ප්‍රතිචාරයට ඉඩහරින්න. දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ දෙසැම්බර් 1
“සමහරු කොච්චර කාර්යබහුලද කියනවා නම් එයාලට දෙවියන් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඇත්තටම දෙවියන්ව අපිට ඕනෙමද? ඔයා මොකද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් කිව්වේ, ජීවිතය සතුටින් ගත කරන්න නම් දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයයි කියලා. [මතෙව් 5:3 කියවන්න.] දෙවියන්ව අපිට ඕනේ ඇයි කියලා පෙන්වන කාරණා තුනක් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! දෙසැම්බර්
“ප්‍රවෘත්තිවලින් අහන දකින දේවල් නිසා අපි යම් නිගමනවලට එනවා. අපිට ලැබෙන හැම ප්‍රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි අහන දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනේ කියලා බයිබලයේ උපදෙස් දී තියෙනවා. [යෝබ් 12:11 කියවන්න.] අපි අහන දකින දේවල් ගැන හිතලා බලන්න උදව් වෙන පැති කිහිපයක් මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”