සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“මිනිසුන්ගේ වැදගත්ම අවශ්‍යතාවක් තමයි, ප්‍රේමය පෙන්වීම හා ප්‍රේමය ලැබීම. [හතරවන පිටුවේ පින්තූරය සමඟ තිබෙන කොටස කියවන්න.] ඒ වුණත් අද සමාජයේ ඉන්න අය වැදගත් තැනක් දෙන්නේ වෙනත් දේවලටයි. ඔබ මේක දැකලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැබෑ ප්‍රේමය කියන්නේ මොකක්ද, ඒක වර්ධනය කරගන්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.” පළමුවෙනි කොරින්ති 13:2 කියවන්න.
පිබිදෙව්! ජූලි 8
“හිත්පිත් නැතිව කරන භයානක අපරාධ දවසින් දවස වැඩි වෙන බව හුඟදෙනෙක් දන්න දෙයක්. [ප්‍රදේශයේ කාගෙත් කතා බහට ලක් වී තිබෙන උදාහරණයක් ගැන සඳහන් කර, ප්‍රතිචාරයට ඉඩහරින්න.] දරුණු අපරාධවලට හේතු සමහරක් ගැන මේ සඟරාවේ විස්තර කරනවා. දෙවි සදහටම අපරාධ නැති කරන ආකාරය ගැනත් මේකේ පැහැදිලි කරනවා.” ගීතාවලිය 37:10, 11 කියවන්න.
මුරටැඹ ජූලි 15
“අද හුඟදෙනෙක් වැඩි වැඩියෙන් හුදෙකලා වී ඉන්න වැඩි කැමැත්තක් දක්වන බව පේනවා. මේක ඥානවන්ත දෙයක් කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] අනිත් අය සමඟ ඇසුරු කිරීමේ තිබෙන වැදගත්කම ගැන කියන මේ ඔවදන සලකා බලන්න. [දේශනාකාරයා 4:9, 10 කියවන්න.] අපි හැමකෙනෙකුටම අනිත් අයව අවශ්‍ය කරන්නේ ඇයි කියලත් හුදෙකලා වීමේ ගැටලුව විසඳගන්න පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූලි 8
“අද හුඟදෙනෙක් පරිසරය ගැන සැලකිලිමත් වෙනවා. ලෝකයේ තියෙන වර්ෂා වනාන්තර ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] වර්ෂා වනාන්තර ආරක්ෂා කිරීමට මේ කාලයේ ගන්න උත්සාහයන් ගැන මේ සඟරාවේ කතා කරනවා. දෙවි දීලා තියෙන මේ ලස්සන පොරොන්දුව ඉදිරියේදී ඉටු වෙන ආකාරය ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.” යෙසායා 11:9 කියවන්න.