සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්. 1
“අපි කැමතියි, උනන්දුව ඇති කරවන මේ ශුද්ධ ලියවිලි පාඨය ගැන ඔබේ අදහස දැනගන්න. [මතෙව් 5:10, කියවන්න.] යම් කෙනෙක් පීඩාවලට ලක් වෙද්දී ඒ කෙනාට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] දුක් පීඩාවලට මුහුණ දෙන අතරේදී පවා දිගටම සන්තෝෂයෙන් සිටි අය ගැන මේ සඟරාවේ මුල් ලිපි දෙකේ සඳහන් වෙනවා. ඒ අය එහෙම සන්තෝෂයෙන් හිටියේ කොහොමද කියලා දැනගන්න ඔබත් කැමති වෙයි.”
පිබිදෙව්! මාර්. 8
“ජීවිතයේ ගැටලු ප්රශ්න තිබුණත් ස්තුතිපූර්වක වෙන්න අපිට හේතු තිබෙනවා. ඔබ මේකට එකඟ වෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ස්තුතිපූර්වක වීමට අපට තියෙන එක හේතුවක් තමයි අපව සාදා තියෙන ආකාරය. [ගීතාවලිය 139:14, කියවන්න.] ජීවිතයේ වටිනාකම තේරුම්ගන්න උපකාරවත් වෙන සංවේද ඉන්ද්රියයන් තිබීම ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද කියලා පිබිදෙව්! සඟරාවේ මේ කලාපයේ පැහැදිලි කරනවා.”
මුරටැඹ මාර්. 15
“යේසුස්ගේ ඉගැන්වීම් අපේ කාලයට ගැළපෙනවා කියලා ඔබ සිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස් මේ පොළොවේ ගත කළ අන්තිම දවසේදී දුන් මේ ආඥාව සමඟ ඔබ එකඟ වෙයි කියලා මම හිතනවා. [යොහන් 15:12 කියවන්න.] එම දවසේදී යේසුස් තවත් වටිනා පාඩම් කිහිපයක්ම ඉගැන්නුවා. ඒවායින් අපිට ප්රයෝජන ගන්න පුළුවන් ආකාරය මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මාර්. 8
“දරුවන් ඇතුළුව බොහෝ මිනිසුන් මන්දපෝෂණයෙන් දුක් විඳීම දෙවිගේ අරමුණ වුණා කියලා ඔබ සිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ සඳහන් සැනසිල්ල ගෙන දෙන මේ පොරොන්දුව ගැන හිතලා බලන්න. [ගීතාවලිය 72:16, කියවන්න.] මන්දපෝෂණය ඇතිවීමට හේතු ගැන මේ පිබිදෙව්! කලාපයේ විස්තර කරනවා. එමෙන්ම මන්දපෝෂණය ළඟදීම ඉවත් කරන බවට දෙවි දී තිබෙන වඩා වැදගත් පොරොන්දුව ගැනත් මේ කලාපයේ සාකච්ඡා කරනවා.”