නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
වසර 2000 සැප්තැම්බර් මාසයෙන් පටන්ගන්න විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව, “තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් වැඩිහිටියන් වන්න” යන්නයි. (1 කොරි. 14:20, NW) අපි මෙම එක්රැස්වීමට යෑම වැදගත් වන්නේ මන්ද? අපි ජීවත් වෙන්නේ නපුරුකම්වලින් පිරුණු ලෝකයකයි. නපුරු දේවල බලපෑම්වලට එරෙහිව සිටීමට නම් ආත්මික දේවල් තේරුම්ගැනීම සම්බන්ධයෙන් අපේ හැකියාවන් වර්ධනය කරගත යුතුයි. මෙසේ කිරීමෙන් යහපතින් නපුර පරාජය කරන්න අපිට හැකියි. මේ දෙය කිරීමට විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන අපිට උපකාර කරන්න යනවා.
ආරම්භක සැසිවාරයේදී චාරිකා අවේක්ෂක “බයිබලය තේරුම්ගැනීම සම්බන්ධයෙන් වැඩිහිටියන් වීමට ආධාරක” නමැති මාතෘකාව යටතේ කතා කරන්න යනවා. ක්රිස්තියානි ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා සිටිය හැකි ආකාරය ඔහුගේ කතාවෙන් පැහැදිලි කරන්න යනවා. “ඔබේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කිරීමෙන් ආත්මිකත්වය රැකගන්න” නමැති මාතෘකාව යටතේ ආගන්තුක කථිකයා කතා කරන්න යනවා. වටහාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමේදී බයිබල් ප්රතිපත්ති අදාළ කරගැනීමේ තිබෙන වැදගත්කම මෙම කතාවේදී ඔහු පෙන්වා දෙයි.
යෞවනයන්ද තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. “නපුර සම්බන්ධයෙන් බිළිඳුන් විය යුතු හේතු” හා “දැන් සිටම තේරුම්ගැනීමේ හැකියාව අත් කරගන්නා යෞවනයෝ” නමැති මාතෘකාවලින් යුත් කතා මගින් මේ ගැන පැහැදිලි කරන්න යනවා. ලෝකයේ නපුරු දේවල් අත්හදා බැලීමට තමන් තුළ ඇති වන කුතුහලය ක්රියාවට නැංවීම වළක්වාගැනීමෙන් හා ගැටලු මඟහරවා ගැනීමෙන් තමන්ගේ ආත්මිකත්වය රැකගැනීමට තමන් කරන දේවල් ගැන යෞවනයන් අදහස් දක්වද්දී ඔබට එයට සවන් දිය හැකියි.
අපේ ජීවිතයේ උපරිම සතුට අපිට භුක්ති විඳිය හැක්කේ කෙසේද? ආගන්තුක කථිකයා වැඩසටහනේ අවසන් කතාවේදී මේ ගැන පැහැදිලි කරන්න යනවා. එහි මාතෘකාව මෙයයි. “තේරුම්ගැනීමෙන් යුතුව බයිබල් ප්රතිපත්ති අදාළ කරගැනීමෙන් ප්රයෝජන ලබන්න.” ගැටලු සමඟ කටයුතු කිරීමේදී හා තීරණ ගැනීමේදී දේවවචනයේ මඟ පෙන්වීම් අදාළ කරගැනීම අපිට උපකාරවත් වන ආකාරය ගැනත්, යෙහෝවා අපිට උගන්වන දේවලින් අපි ලබන ප්රයෝජන ගැනත් පැහැදිලි කර දීම සඳහා ඔහු උදාහරණ ගෙනහැර දක්වන්න යනවා.
දෙවිට කළ තමන්ගේ කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කිරීමට කැමති අය හැකි ඉක්මනින් මුලසුන භාර අවේක්ෂකට ඒ ගැන දැන්විය යුතුයි. විශේෂ එක්රැස්වීම පවත්වන දිනය නිවේදනය කළ විගස එය ඔබේ දින දර්ශනයේ ලකුණු කරගන්න. මහඟු ප්රයෝජන ගෙන දෙන මෙම වැඩසටහනින් ප්රයෝජන ගැනීමට සැලසුම් කරන්න. මෙම විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ කිසිම කොටසක් අතපසු නොකරන්න. මේ නපුරු ක්රමය තුළ විඳදරාගනිමින් දිගටම යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කිරීමට මෙම වැඩසටහන ඔබට මහත් දිරිගැන්වීමක් වේවි.