ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජූනි 30-31 පි.
  • මේ හොඳ පුරුද්ද ඔයාටත් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ හොඳ පුරුද්ද ඔයාටත් තියෙනවාද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැමෝම එක්ක මිත්‍රශීලී වෙන්න
  • සහනයක්, දිරිගැන්වීමක්, ආදරයක්
  • එක හා සමානයි කියන හැඟීම ඇති වෙනවා
  • 2 යොහන් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • යහපත් හැසිරීම ප්‍රතිඵල ගෙන දෙයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 3 යොහන් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ
    ජීවිත වෙනස් කළ පොතක්
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජූනි 30-31 පි.
සහෝදරියන් දෙන්නෙක් අතට අත දීලා ආචාර කරනවා

මේ හොඳ පුරුද්ද ඔයාටත් තියෙනවාද?

“හලෝ! කොහොමද?”

කෙනෙක්ව හම්බ වුණාම අපි ඉස්සෙල්ලාම කියන්නේ ඒ වගේ දෙයක්. එහෙම කියන ගමන් සමහර වෙලාවට අපි අතට අතත් දෙනවා. කෙනෙක්ට ආචාර කරද්දී කියන කරන දේවල් පළාතෙන් පළාතට වෙනස් වුණත් එක දෙයක් නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි අපි කොයි විදිහට ආචාර කළත් ඒකෙන් අපේ මිත්‍රශීලීකම පේන එක. කෙනෙක්ව හම්බ වුණාම මුකුත්ම කියන්නේ, කරන්නේ නැතුව ඉන්න එක හොඳ පුරුද්දක් හැටියට සලකන්නේ නැහැ.

සහෝදරියන් දෙන්නෙක් වැලඳගන්නවා

ඒත් සමහරු ලැජ්ඡාව නිසා, තමන් ගැන අඩුවෙන් හිතන නිසා කෙනෙක්ව හම්බ වුණාම මුකුත් නොකියා ඉන්න ඉඩ තියෙනවා. තව අයට වෙන ජාතියක, පසුබිමක අයත් එක්ක මිත්‍රශීලී වෙන්න අමාරුයි. ඒත් පොඩි හරි විදිහකින් අපි මිත්‍රශීලී වෙද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

හිස නමලා ආචාර කරන සහෝදරයන් දෙන්නෙක්

කෙනෙක්ව හම්බ වුණාම මිත්‍රශීලී වෙන එක වටින්නේ ඇයි? ඒ ගැන බයිබලෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හැමෝම එක්ක මිත්‍රශීලී වෙන්න

වෙනත් ජාතීන් අතරින් මුලින්ම ක්‍රිස්තියානියෙක් වුණ කොර්නේලියස්ව පිළිගද්දී පේතෘස් කිව්වා “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා” කියලා. (ක්‍රියා 10:34) පස්සේ කාලෙක එයා මෙහෙමත් කිව්වා. ‘දෙවිගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමටය.’ (2 පේතෘ. 3:9) ඒ පදවල කතා කරන්නේ දෙවි ඕනෙම කෙනෙක්ට සත්‍යය ඉගෙනගන්න අවස්ථාව දෙනවා කියන අදහස ගැන විතරද? නැහැ. ඒ වෙද්දීත් ක්‍රිස්තියානීන් වෙලා හිටපු අයට පේතෘස් මේ අවවාදය දුන්නා. “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.” (1 පේතෘ. 2:17) ඒකෙන් තේරෙනවා ජාතිය, සංස්කෘතිය, පසුබිම මොකක් වුණත් අපි හැමෝම එක්ක මිත්‍රශීලී වෙන්න ඕනෙ කියලා. ඒක එයාලා ගැන අපිට තියෙන ගෞරවය, ආදරේ පෙන්නන විදිහක්.

පාවුල් උනන්දු කළේ “ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම එකිනෙකාව පිළිගන්න” කියලා. (රෝම 15:7) පාවුල් ඒක කළේ කොහොමද? එයාගේ ලියුම්වල එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණ අය ගැන සඳහන් කළා. ඒකෙන් පාවුල්ට එයාලා ගැන තිබුණ ආදරේ පැහැදිලි වුණා. අවසාන කාලේ ජීවත් වෙන දෙවිගේ සෙනඟටත් ධෛර්යය ඕනේ.—කොලො. 4:11; එළි. 12:12, 17.

අපි කෙනෙක්ට ආචාර කරද්දී එයාව ආදරෙන් පිළිගත්තා කියන හැඟීම එයාට ඇති වෙනවා. ඒත් ඊටත් වඩා දෙයක් ඒකෙන් වෙනවා.

සහනයක්, දිරිගැන්වීමක්, ආදරයක්

මරියාව හම්බ වෙන්න ආපු දේවදූතයා මරියාට මෙහෙම කිව්වා. “ඔබට සුබ දවසක්! ඔබ බොහෝ සෙයින් ආශීර්වාද ලැබූ තැනැත්තියක්. මන්ද යෙහෝවා දෙවි ඔබ සමඟයි.” දේවදූතයෙක් එයාත් එක්ක කතා කරන්නේ ඇයි කියලා හිතලා මරියා “බොහෝ සෙයින් කැලඹුණා.” ඒක තේරුම්ගත්ත දේවදූතයා මරියාට මෙහෙම කිව්වා. “මරියා, බිය නොවන්න. ඔබ දෙවිගේ ආශීර්වාදය ලැබූ තැනැත්තියක්.” පොරොන්දු වුණ ගැලවුම්කරු මරියාගේ කුසෙන් බිහි වෙනවා කියලා දේවදූතයා එයාට පැහැදිලි කළා. මරියා සන්සුන්ව කිව්වා “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි. ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා” කියලා.—ලූක් 1:26-38.

මනුෂ්‍යයෙක් එක්ක කතා කරන එක පහත් දෙයක් කියලා හිතනවා වෙනුවට යෙහෝවා දෙවිගේ පණිවිඩකරුවෙක් විදිහට සේවය කරන්න ලැබුණ එක ඒ දේවදූතයා සැලකුවේ වරප්‍රසාදයක් විදිහට. එයා පණිවිඩය කියන්න කලින් මරියාට ආචාර කළා. ඒ දේවදූතයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන්ද? අපිට ලැබෙන හැම අවස්ථාවේදීම අපි අනිත් අයට මිත්‍රශීලීව ආචාර කරන්න ඕනේ. ඒක එයාලට දිරිගැන්වීමක් වෙයි. අපි කියන වචන කීපයක් වුණත් ඇති කෙනෙක්ට යෙහෝවා දෙවිගේ ආදරේ දැනෙන්න සලස්වන්න.

කුඩා ආසියාවේ සහ යුරෝපයේ තිබුණ සභාවල හුඟක් අයව පාවුල් දැනන් හිටියා. එයා එයාගේ ලිපිවල ඒ සමහර අයගේ නම් කියලාම එයාලට ආචාර කරලා තියෙනවා. උදාහරණෙකට පාවුල් ෆීබිව “අපගේ සහෝදරි” කියලා හඳුන්වලා ‘ඇයව සාදරයෙන් පිළිගන්න’ කියලත් “ඇයට යම් අවශ්‍යතා ඇත්නම් ඒවා ඉටු කර දෙන්න” කියලත් සහෝදරයන්ට කිව්වා. පාවුල් ප්‍රිස්කා සහ අකිලාටත් සුභ පැතුවා. ඊටපස්සේ එයාලා ගැන මෙහෙම කිව්වා. “මා පමණක් නොව විවිධ ජාතීන්ට අයත් සභා බොහොමයක් ඔවුන්ට ස්තුතිවන්ත වෙති.” අපි විස්තර හුඟක් දන්නේ නැති අයවත් පාවුල් සඳහන් කළා. උදාහරණෙකට “මගේ හිතවත් එපිනෙටස්ට සුබ පතන්න” කියලත් “බොහෝ වෙහෙස මහන්සි වී සේවය කරන ස්ත්‍රීන් වන ත්‍රිෆේනා සහ ත්‍රිෆෝසා” ගැනත් පාවුල් සඳහන් කළා. සහෝදර සහෝරියන්ට ආචාර කරන්න පාවුල් අමතක කළේ නැහැ කියලා පැහැදිලියි.—රෝම 16:1-16.

පාවුල් එයාලව ආදරෙන් මතක් කරලා තියෙනවා දැක්කාම එයාලට ලොකු සතුටක් දැනෙන්න ඇති. පාවුල් ගැනත් අනිත් සහෝදර සහෝදරියන් ගැනත් එයාලට තිබුණ ආදරේ ඒකෙන් තව වැඩි වෙන්න ඇති. පාවුල්ගේ සුභ පැතුම් අහලා අනිත් ක්‍රිස්තියානීනුත් දිරිගැන්වෙන්න ඇති. දිගටම විශ්වාසවන්තව ඉන්න ඒක එයාලට උදව් වුණා. පාවුල් වගේ අපිත් අපේ ආදරේ, අගය අනිත් අයට පෙන්නද්දී අපි අතරේ තියෙන බැඳීම්, එක්සත්කම වැඩි වෙනවා.

පාවුල් පුටෙයෝලිය නම් වරායට ගොඩ බැහැලා රෝමය වෙතට යද්දී එයාව හම්බ වෙන්න එහේ සහෝදරයන් ඇවිත් හිටියා. ඈතදීම එයාලව දැකලා පාවුල් ‘දෙවිට ස්තුති කළා. මොකද ඔවුන්ව දැකීමෙන් ඔහු මහත් ධෛර්යයක් ලැබුවා.’ (ක්‍රියා 28:13-15) සමහර වෙලාවලදී අනිත් අයට අචාර කරන්න අපිට පුළුවන් වෙන්නේ හිනා වෙලා නැත්නම් අත වනලා විතරයි. දුකෙන්, පීඩනයකින් ඉන්න කෙනෙක්ට ඒ වගේ දෙයක් වුණත් ඇති දිරිගැන්වෙන්න.

එක හා සමානයි කියන හැඟීම ඇති වෙනවා

ඒ කාලේ හිටපු සමහරු දෙවිට සේවය නොකරපු අයත් එක්ක කිට්ටු බැඳීම් ඇති කරගෙන තිබුණ නිසා යාකොබ්ට සිද්ධ වුණා එයාලට තදින් උපදෙස් දීලා ලියුමක් යවන්න. (යාකො. 4:4) ඒත් එයා ඒ ලියුම පටන්ගත්ත විදිහ බලන්න.

‘දෙවිගෙත් යේසුස්ගෙත් දාසයෙක් වන යාකොබ් විසින්, විසිරී සිටින ගෝත්‍ර දොළොස වෙතට ලියන ලද ලිපියකි. ඔබ සැමට සුබ පැතුම්!’ (යාකො. 1:1) යාකොබ් එයාලට ආචාර කරද්දී එයාත් එයාලා වගේම දෙවිගේ දාසයෙක් කියලා මතක් කරපු නිසා එයා දුන්න උපදෙස් පිළිගන්න ලේසි වෙන්න ඇති. සුහදව ආචාර කරලා කතා කරන්න පටන්ගද්දී බරපතළ කාරණාවක් ගැන වුණත් කතා කරන්න පහසුයි.

කෙනෙක්ව හම්බ වෙද්දී මිත්‍රශීලීකම පෙන්නන්න අපි කරන කියන පුංචි දේ හරි අපි කරන්නේ ආදරෙන් පෙලඹිලා නම් ඒක අනිත් කෙනාට දැනෙනවා. (මතෙ. 22:39) දවසක් අයර්ලන්තයේ ඉන්න සහෝදරියක් රැස්වීමට ආවේ ඒක පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී. එයා කලබලෙන් ඇතුළට යද්දී එතන හිටපු සහෝදරයෙක් එයාත් එක්ක හිනා වෙලා කිව්වා “ඔයා ආපු එක සතුටක්” කියලා.

සති කීපයකට පස්සේ ඒ සහෝදරිය ඒ සහෝදරයාට කිව්වා එයාගේ ගෙදර ප්‍රශ්න නිසා එයා කාලයක් හිටියේ ලොකු පීඩනයකින් කියලා. “එදා මං රැස්වීමට ආවේ දුකෙන්. රැස්වීමට එන්නේ නැතුව ඉන්නත් මට හිතුණා. රැස්වීමේ කිව්ව හැම දෙයක්ම මතක නැති වුණත් ඔයා කිව්ව වචන ටික නම් මට මතකයි. ඒක මට දිරිගැන්වීමක් වුණා. තැන්ක් යූ.”

ඒ සහෝදරියව ආදරෙන් පිළිගත්ත එක එයාට කොච්චර උදව් වුණාද කියලා සහෝදරයා දැනන් හිටියේ නැහැ. ඒත් ඒක දැනගත්තාම ඒ සහෝදරයාට සතුටක් දැනුණා.

බයිබලේ මෙහෙම කියනවා. “ඔබ කෑම ජලයෙහි පා කර යවන්නේ නම් දවස් ගණනාවකට පසු එය නැවතත් ඔබට ලැබෙන්නේය.” (දේශ. 11:1) හැම අවස්ථාවකදීම අපි අනිත් අයට මිත්‍රශීලීව ආචාර කරනවා නම් ඒකෙන් ඒ අයට වගේම අපිටත් ලොකු ශක්තියක් ලැබෙයි. ඒ නිසා අනිත් අයව ආදරෙන් පිළිගන්න අපි අදිටන් කරගමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න