ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 3 12 පි.
  • දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • අපි දුක් විඳින්නේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දුක් වේදනා
    2015 පිබිදෙව්!
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 3 12 පි.
රිය අනතුරක් වුණාම එතැනට ආපු පිරිසක්

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද?

සාගින්න, දිළිඳුකම, යුද්ධ, වසංගත සහ ස්වාභාවික විපත් වගේ දේවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි නම් ඒවාට වග කියන්න ඕනෙ කවුද? දුක් වේදනාවලට හේතු වෙන ප්‍රධාන කරුණු තුනක් ගැන බයිබලයෙන් බලමු.

  1. ආත්මාර්ථකාමීකම, කෑදරකම සහ වෛරය. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශනාකාරයා 8:9) හුඟක් වෙලාවට මිනිසුන් දුක් විඳින්නේ ආත්මාර්ථකාමී, කුරිරු මිනිසුන් නිසයි.

  2. බලාපොරොත්තු නොවන සිදුවීම්. මිනිසුන් හුඟක් වෙලාවට දුක් විඳින්නේ “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වෙන නිසයි. (දේශනාකාරයා 9:11) ඒ කියන්නේ හදිසි අනතුරු, මිනිසුන්ගේ නොසැලකිල්ල සහ අත්වැරදීම් වගේ දේවල් නිසයි.

  3. මේ ලෝකයේ කුරිරු පාලකයා. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව” තියෙන එක දුක් වේදනාවලට බලපාන ප්‍රධානම හේතුවයි. (1 යොහන් 5:19) “දුෂ්ටයා” කියන්නේ සාතන් කියලා හඳුන්වන යක්ෂයාට. දෙවියන් එයාව බලවත් දේවදූතයෙක් විදිහට නිර්මාණය කළත් එයා “සත්‍යයට ඇලී සිටියේ නැහැ.” (යොහන් 8:44) ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ ගිය තවත් දේවදූතයන් සාතන්ගේ පැත්ත ගත්තා. එයාලටයි භූතයන් කියන්නේ. සාතනුයි, භූතයනුයි එකතු වෙලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. (උත්පත්ති 6:1-5) එදා ඉඳන් එයාලගේ බලය පාවිච්චි කරලා හුඟක් දුෂ්ට දේවල් කරනවා. වෙන කවදාටත් වඩා කේන්තියෙන් ඉන්න යක්ෂයා ‘මුළු පොළොවම නොමඟ යවනවා.’ ඒ නිසා ‘පොළොවට දරුණු විපතකට මුහුණ දෙන්න’ වෙලා. (එළිදරව් 12:9, 12) හිතක් පපුවක් නැති කුරිරු පාලකයෙක් වන සාතන් මිනිසුන් දුක් විඳිද්දී ලොකු සතුටක් ලබනවා. දුක් වේදනාවලට වග කියන්න ඕනෙ සාතන් මිසක් දෙවියන් නෙවෙයි.

මේ ගැන හිතන්න. අහිංසක මිනිසුන්ට දුක් පීඩා ගේන්නේ එයාලා ගැන කිසිම තැකීමක් නැති කුරිරු කෙනෙක්. බයිබලයේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. (1 යොහන් 4:8) අපි හැමෝටම ආදරය කරන ‘සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.’—යෝබ් 34:10.

‘සාතන්ගේ දුෂ්ට පාලනයට දෙවියන් තව කොච්චර කාලයක් ඉඩහරියිද?’ දෙවියන් දුෂ්ටකම් පිළිකුල් කරනවා කියලත් අපි දුක් විඳිද්දී ඔහුත් දුක් වෙනවා කියලත් අපි දැනගත්තා. දෙවියන් ‘ඔබ ගැන සැලකිලිමත් වන නිසා කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියලත් බයිබලයේ තියෙනවා. (1 පේතෘස් 5:7) අපිට ආදරේ නිසා දෙවියන් ළඟදීම දුක් වේදනාවන් සහ අයුක්තිය නැති කරනවා. ඒ ගැන ඊළඟට බලමු.a

a මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ ඇයි කියන එක ගැන තව තොරතුරු දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 26වෙනි පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘එය www.jw.org/si වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න