ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 4 3 පි.
  • හිතන්න ඕන ප්‍රශ්නයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතන්න ඕන ප්‍රශ්නයක්!
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • මරණින් පසු ජීවිතයක්—ජනයා විශ්වාස කරන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?
    2015 පිබිදෙව්!
  • ප්‍රාණය අමරණීයද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 4 3 පි.
කාන්තාවක් කොන්තයක් අතේ තියන් යාච්ඤා කරමින්

හැම ආගමකම වගේ උගන්වන්නේ මැරුණට පස්සේ සිරුරෙන් වෙන් වෙලා දිගටම ජීවත් වෙන දෙයක් තියෙනවා කියලා

මුල් පිටුවෙන් | ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

හිතන්න ඕන ප්‍රශ්නයක්!

ගොඩක් අයට ජීවිතය සහ මරණය ගැන තියෙන්නේ එක එක මත. සමහරු කියනවා මැරුණට පස්සේ අපි වෙනත් තැනකට ගිහින් ජීවත් වෙනවා කියලා. ආයෙත් ඉපදෙනවා කියලා හිතන අයත් ඉන්නවා. ඒත් තවත් අය කියන්නේ මැරුණට පස්සේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා.

ඔයා හිතන්නේ මොකක්ද? සමහරවිට ඔයා හැදුණ පරිසරය නිසා, ඔයාගේ ආගමික පසුබිම නිසා ඔයාටත් මොකක් හරි විශ්වාසයක් ඇති. ඒත් ඔයා විශ්වාස කරන දේ ඇත්තද කියලා දැනගන්නේ කොහොමද? විවිධ මත තිබ්බත් හරි දේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් විදිහක් තියෙනවාද?

මැරුණට පස්සේ සිරුරෙන් වෙන් වෙලා දිගටම ජීවත් වෙන දෙයක් තියෙනවා කියලා ආගම ගැන උගන්වන අය කාලයක් තිස්සේ කියනවා. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල උගන්වන්නේ කෙනෙක් මැරුණාම ආත්මයක් විදිහට වෙනත් තැනක ජීවත් වෙනවා කියලයි. බෞද්ධ අය විශ්වාස කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එයාලා කියන්නේ මිනිස්සු ආත්ම ගාණක් ඉපදිලා මැරුණත් හිත දියුණු කරගන්නවා නම් නිවන් දකින්න පුළුවන් කියලයි. ඒ කියන්නේ දුක සැප නැති ආයෙත් ඉපදීමක්, මරණයක් නැති තත්වෙකට පත් වෙනවා කියන එකයි.

මිනිස්සු මිය ගිය අය වෙනුවෙන් කෑම තියමින්

ඒ වගේ ඉගැන්වීම් නිසා ගොඩක් අය හිතනවා මරණය කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි තවත් ජීවිතයක ආරම්භයක් කියලා. “ඉපදුණොත් මැරෙනවාමයි. දෙවියන් අපිව හදලා තියෙන්නේ ඒ විදිහටයි” කියලා හිතන අයත් ඉන්නවා. ඒත් බයිබලයේ කියන්නේ මොකක්ද? ඒක දැනගන්න ඊළඟ ලිපිය බලන්න. උත්තරේ දැනගත්තාම ඔයා පුදුම වෙයි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න