ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 9/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • ඔයාගේ විවාහය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම්. . .
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 9/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

යුග දිවිය සතුටින් ගත කරන්නේ කොහොමද?

බයිබලේ ඒ ගැන මඟ පෙන්වීම් තියෙනවා. විවාහ සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිගෙන්ම ලැබිලා තියෙන ඒ මඟ පෙන්වීම් සාර්ථකයි. විවාහයක් සාර්ථක කරගන්න උදව් වෙන ගතිලක්ෂණ වර්ධනය කරගන්නේ කොහොමද කියලත් විවාහයක් කඩාකප්පල් කරන ගතිලක්ෂණ මොනවද කියලත් බයිබලේ සඳහන් වෙනවා. යුග දිවියේ සතුටට දෙන්නා අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙන්න ඕන නිසා ඒ ගැනත් බයිබලේ උපදෙස් තියෙනවා.—කොලොස්සි 3:8-10, 12-14 කියවන්න.

සැමියා හා බිරිඳ එකිනෙකාට ගෞරව කරමින් දෙවි පවරලා තියෙන වගකීම් හරිහැටි ඉටු කරනවා නම් යුග දිවියේ සතුට සැමදා රැකෙයි.—කොලොස්සි 3:18, 19 කියවන්න.

විවාහය රැකගන්න පුළුවන් කොහොමද?

යුවළක් එකිනෙකාට ආදරේ නම් විවාහය රැකෙනවා. එකිනෙකාට පෙන්නන්න ඕන මොන වගේ ආදරයක්ද කියලා යෙහෝවා දෙවිගෙන් හා යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් නිතරම වැඩ කළේ අනිත් අය ගැන හිතලයි.—1 යොහන් 4:7, 8, 19 කියවන්න.

දෙවියන් ඇති කළ විවාහ සැලැස්මට ගෞරව කරන යුවළක් වෙන් වෙන්නේ නැහැ. විවාහ වෙන දෙන්නෙක් හැමදාටම එකට ඉන්න එක දෙවිගේ අරමුණයි. ඒක පවුලේ හැමෝටම ආරක්ෂාවක්. ශරීර සැකැස්ම හා හැඟීම් දැනීම් අතින් පුරුෂයෙක් හා ස්ත්‍රියක් වෙනස් වුණත් දෙවියන් ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකාට සහය වෙමින් ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. දෙවිගේ ගතිලක්ෂණ ඇතුව ඔවුන්ව නිර්මාණය කරලා තියෙන නිසා එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් විවාහය රැකගන්න ඔවුන්ට පුළුවන්.—උත්පත්ති 1:27; 2:18, 24 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.jw.org/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න