ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 4/1 30-31 පි.
  • මෝසෙස්ට ලැබුණු විශේෂ පැවරුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝසෙස්ට ලැබුණු විශේෂ පැවරුම
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 4/1 30-31 පි.

යොවුන් ඔබට

මෝසෙස්ට ලැබුණු විශේෂ පැවරුම

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: යෙහෝවා දෙවි සහ මෝසෙස්

සාරාංශය: ඊජිප්තුවේ වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟව මුදවාගැනීමේ වගකීම යෙහෝවා දෙවි මෝසෙස්ට පැවරුවා.

1 සිතින් මවාගන්න.—නික්මයාම 3:1-14; 4:1-17 කියවන්න.

ගිනිගනිමින් තිබුණු පඳුර ඔබ විස්තර කරන්නේ කොහොමද?

․․․․․

නික්මයාම 3:4හි සඳහන් ආකාරයට යෙහෝවා දෙවි පඳුර තුළින් තමාට කතා කළ විට මෝසෙස්ට කොහොම හැඟෙන්න ඇද්ද?

․․․․․

නික්මයාම 3:11, 13 සහ 4:1, 10හි සඳහන් ආකාරයට මෝසෙස් යෙහෝවා දෙවිගෙන් ප්‍රශ්න ඇසූ අවස්ථාවේදී මෝසෙස්ට මොන වගේ හැඟෙන්න ඇද්ද?

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

මෝසෙස් දෙවිගේ නම ඇසූ විට “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” කියා දෙවි පැවසුවේ ඇයි? (නික්මයාම 3:14)a

․․․․․

දෙවි පැවසූ පණිවිඩය පාරාවෝට දැනුම් දීමට මෝසෙස් අදිමදි කළේ ඇයි? (ගණන් කතාව 12:3 කියවන්න.)

․․․․․

ඊශ්‍රායෙල්වරුන්ට කතා කිරීමට මෝසෙස් අදිමදි කළේ ඇයි?

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

තමන්ට යමක් හරියට කරගන්න බැරි වෙයි කියා සිතීම.

․․․․․

ඔබ ගැන යෙහෝවා දෙවිට තිබෙන විශ්වාසය.

․․․․․

මේ ගැනත් සිතන්න.

ඔබ පසුබට වන්නේ කුමන අවස්ථාවලදීද?

․․․․․

ඔබ පසුබට වුණත් ඔබව යොදාගැනීමට දෙවිට හැකියි කියා ඔබ සිතන්නේ කුමන දේවල් සඳහාද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබට මෙම ලිපියේ තවත් පිටපත් අවශ්‍ය නම් www.jw.org යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. පහත සඳහන් වෙබ් අඩවියෙන්ද ඔබට තොරතුරු ලබාගත හැකියි www.watchtower.org

[පාදසටහන]

a බයිබලයේ සඳහන් තොරතුරු ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමට උපකාරවත් වන පොත් සහ සඟරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ගැන විස්තර දැනගැනීමට කැමති නම් සාක්ෂිකරුවන්ව හමු වන්න. නැත්නම් මෙම සඟරාවේ සඳහන් ලිපිනයට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න