ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 7 පි.
  • 4. ත්‍රිත්වය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4. ත්‍රිත්වය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීමක්ද?
    2013 පිබිදෙව්!
  • 4 කොටස ත්‍රිත්ව මූල ධර්මය වර්ධනය වූයේ කුමන අවදියේ ද, කෙසේ ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකම සැබෑ දෙවි” කවරෙක්ද?
    2005 පිබිදෙව්!
  • 1 කොටස යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වී ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 7 පි.

4. ත්‍රිත්වය

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

“ත්‍රිත්වය නමැති ඉගැන්වීම හතරවන සියවසේ අවසානයේ ඇති වූ දෙයක් කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. එය යම් තාක් දුරකට නිවැරදියි. ඊට හේතුව ත්‍රිත්වය නමැති ඉගැන්වීම හතරවන සියවසට පෙර ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ඉගැන්වීමක් ලෙස පිළි නොගැනීමයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—නිව් කැතලික් එන්සයික්ලෝපීඩියා (1967) 14වන වෙළුම, 299වන පිටුව.

“ක්‍රිස්තු වර්ෂ 325 මැයි 20වෙනිදා නයිසියාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මූලිකත්වය ගනු ලැබුවේ කොන්ස්ටන්ටයින් විසිනුයි. ඔහු එම සාකච්ඡාවන් තමන්ට කැමති ආකාරයෙන් මෙහෙයවූ අතර යේසුස් සහ දෙවි යන දෙදෙනාම එක පුද්ගලයෙක් ලෙස පිළිගත යුතුයි කියා පැවසුවා. අධිරාජ්‍යයාට තිබූ භය නිසා බිෂොප්වරුන් දෙදෙනෙකු හැර අන් සියලුම බිෂොප්වරුන් තම විශ්වාසයන්ද නොතකමින් ඊට එකඟ වුණා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1970) 6වන වෙළුම, 386වන පිටුව.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

ස්තේපන් “ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවාත් දැක: බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය.”—ක්‍රියා 7:55, 56, පැරණි අනුවාදය.

ඉහත සඳහන් වන පරිදි ස්තේපන් දුටුවේ යේසුස් සහ දෙවි පුද්ගලයන් දෙදෙනෙකු ලෙස වෙන වෙනම සිටින ආකාරයයි. එමෙන්ම දෙවිටත් යේසුස්ටත් අමතරව තවත් පුද්ගලයෙක් එහි සිටි බවක් ඔහු සඳහන් කරන්නේත් නැහැ. එයින් පැහැදිලි වන්නේ ත්‍රිත්වය නමැති ඉගැන්වීම බයිබලයට පටහැනි බවයි. නමුත් ඇතැම් අය ත්‍රිත්වයට අනුබල දෙන බයිබල් පද සොයාගන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඔවුන් කොතෙක් උත්සාහ කළත් “ත්‍රිත්වයට අනුබල දෙන කිසිම තොරතුරක් බයිබලයේ අලුත් ගිවිසුමේ සොයාගන්න නැහැ” කියා ඩොමිනිකන් සමූහාණ්ඩුවේ පූජකයෙක් වූ මාරිඑමිල් බ්වාමාර් පැවසුවා.

කාලයක් පුරා යේසුස් සහ දෙවි පිළිබඳව බොහෝ මතිමතාන්තර තිබුණා. ඒ නිසා කොන්ස්ටන්ටයින් එම මතිමතාන්තර නිරාකරණය කිරීමට දෙවි සහ යේසුස් එක් පුද්ගලයෙක් කියා පැවසුවා. නමුත් එයින් සිදු වූයේද තවත් ප්‍රශ්නයක් මතු වීමයි. එනම් යේසුස් හා දෙවි එක් කෙනෙක් නම් යේසුස්ව මෙලොවට බිහි කළ මරියතුමිය “දේවමෑණියන්ද?”

මෙම බයිබල් පද කියවා බලන්න. මතෙව් 26:39; යොහන් 14:28; 1 කොරින්ති 15:27, 28; කොලොස්සි 1:15, 16

නිවැරදි ඉගැන්වීම:

දෙවි ත්‍රිත්වයක් නොවේ. එය හතරවන සියවසේදී ඇති වූ වැරදි ඉගැන්වීමක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න