ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 11/15 3 පි.
  • හරි දෙය කළ යුත්තේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරි දෙය කළ යුත්තේ ඇයි?
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔයාට ආදර්ශයක්—පාවුල්
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • අඛණ්ඩතාව අවංක අයට මාර්ගෝපදේශකයක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’
    2007 පිබිදෙව්!
  • අප ‘අවසාන කාලයේ’ ජීවත් වන බවට සාක්ෂි
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 11/15 3 පි.

හරි දෙය කළ යුත්තේ ඇයි?

මීට වසර 2000කට ආසන්න කාලයකට ඉහත දී ජීවත් වූ උගත් පුද්ගලයෙක් මෙසේ පැවසුවා. “හොඳ දේ කරන්න කැමැත්ත මා තුළ ඇතත්, එය කිරීමට හැකියාව මා තුළ නැත. මන්ද, මා කැමති යහපත නොකර මා අකමැති නපුර කරමි.” ඔහු කරන්න කැමති හොඳ දේ කිරීම ඔහුට අසීරු වූයේ ඇයි? ඊට හේතුව ඔහු මෙසේ පැහැදිලි කළා. “මා සම්බන්ධයෙන් ඇති නියමය මෙසේය: එනම්, හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ. මගේ ඇතුළාන්ත මිනිසා දෙවිගේ නීතියට සැබවින්ම ප්‍රිය කරයි. නමුත් මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ.”—රෝම 7:18, 19, 21-23.

වැරදි කිරීමට සහජ නැඹුරුවාවක් තිබෙන පව්කාර මිනිසුන්ට හරි දෙය කිරීම අසීරු දෙයක් වීමට හේතුව එසේ පැහැදිලි කළේ පාවුල් නම් උගත් මිනිසායි. හරි දෙය කිරීමට, විශේෂයෙන්ම දුෂ්කර තත්වයන්වලදී එසේ කිරීමට ලොකු ධෛර්යයක් අවශ්‍යයි. මෙසේ ධෛර්යසම්පන්නව හරි දෙය කිරීමට තිබෙන ප්‍රධානතම හේතුව කුමක්ද කියා අපි හොඳින් සිතා බැලිය යුතුයි.

හරි දෙය කරන පුද්ගලයන්ගේ අනාගතය ගැන බයිබලයේ පවසා තිබෙන මේ දෙය ගැන සලකා බලන්න. ගීතාවලිය 37:37, 38හි මෙසේ සඳහන් වෙනවා. “ගුණයෙන් සම්පූර්ණ මනුෂ්‍යයා සලකා අවංක තැනැත්තා බලාගන්න. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ දිවි කෙළවර සමාදානය වේ. අපරාධකාරයෝ එකට විනාශ කරනු ලබන්නෝය. දුෂ්ටයන්ගේ දිවි කෙළවර සිඳිනු ලබන්නේය.” ඒ වගේම හිතෝපදේශ 2:21, 22හි පවසන්නේ “ඇද නැති අය දේශයේ වසන්නෝය. ගුණයෙන් සම්පූර්ණ අයද එහි නැවතී සිටින්නෝය. එහෙත් දුෂ්ටයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නෝද උදුරනු ලබන්නෝය.” කියායි.

බයිබලයේ සඳහන් එවැනි පොරොන්දු හරි දෙය කරමින් දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් වීම සඳහා අප තුළ පෙලඹීමක් ඇති කරනවා. කෙසේවෙතත් හරි දෙය කිරීමෙන් දෙවිව සතුටු කිරීම සඳහා තිබෙන ප්‍රධානතම හේතුව එම පොරොන්දු නෙවෙයි. එම හේතුව දැනගැනීම සඳහා යම් චෝදනාවක් ගැන සලකා බැලීම අවශ්‍යයි. එම චෝදනාව මිනිසුන්ට පමණක් නොව ස්වර්ගයේ සිටින දේවදූතයන්ටද බලපානවා. ඒ කෙසේද කියා ඊළඟ ලිපියේදී සලකා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න