ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 7/15 3 පි.
  • දේවරාජ්‍යය යනු කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවරාජ්‍යය යනු කුමක්ද?
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මුලින්ම සිදු වූ වරද කුමක්ද?
    2006 පිබිදෙව්!
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • ඒදන් උයනෙන් පිටමං කරයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • දුෂ්ටකම් පැවතීමට හේතුව
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 7/15 3 පි.

දේවරාජ්‍යය යනු කුමක්ද?

මිනිසාව පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද? ඔහුව මැවූ තැනැත්තාටයි. ඒත් එක් දේවදූතයෙක් එම අයිතියට එරෙහිව කැරලි ගැසුවා. මිනිස් ඉතිහාසය ආරම්භයේදීම සිදු වූයේ මොන තරම් දරුණු ඛේදවාචකයක්ද! දෙවි තහනම් කර තිබූ ගසෙන් ගෙඩි ගෙන කෑමට මුල්ම ස්ත්‍රිය වන ඒව තුළ පෙලඹීමක් ඇති කිරීමේ අරමුණින් ඒ දේවදූතයා ඇයට මෙසේ පැවසුවා. “ඔබ ඒකාන්තයෙන් නොනසින්නහුය; මක්නිසාද ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 2:16, 17; 3:1-5) දෙවිට විරුද්ධව කැරලිගැසූ ඒ දේවදූතයාව බයිබලයේ හඳුන්වන්නේ යක්ෂයා හා සාතන් කියායි.—එළිදරව් 12:9.

සාතන් පැවසූ ඒ දෙය ඒව විශ්වාස කළාද? මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්ත්‍රිය වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද ඒ ගහ නුවණ ලැබීම පිණිස ආශා විය යුතු එකක් බවද දැක එහි ගෙඩි ගෙන කෑවාය. ඈ තමා සමඟ වූ ඇගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය.” (උත්පත්ති 3:6) මෙසේ මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවද සාතන්ගේ කැරැල්ලට හවුල් වුණා. ඔවුන් දෙදෙනාටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් පාරාදීස පොළොවේ ජීවත් වීමේ ප්‍රස්තාව අහිමි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඔවුන්ගෙන් පැවතෙන අය කිසිම අඩු පාඩුවක් නැතිව පරිපූර්ණව ඉපදෙනවා වෙනුවට ඔවුන් ඉපදුණේ පාපය හා මරණය උරුම කරගෙනයි. මේ නිසා ඔවුන්ට පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමට හැකි වුණේ නැහැ.—රෝම 5:12.

මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා වන යෙහෝවා දෙවි මේ කැරැල්ල විසඳීමට පියවර ගත්තේ කෙසේද? පාපවලට සමාව ලබාගැනීම සඳහා යම් මාර්ගයක් පිළියෙළ කිරීමට ඔහු අරමුණු කළා. (රෝම 5:8) එමෙන්ම පැනනැඟුණු එම ගැටලුව විසඳීමට ආණ්ඩුවක් පිහිටුවීමටද ඔහු තීරණය කළා. මෙම ආණ්ඩුව හඳුන්වන්නේ ‘දේවරාජ්‍යය’ කියායි. (ලූක් 21:31) මෙම දේවරාජ්‍යයට නිශ්චිත අරමුණක් තිබෙනවා.

එම අරමුණ කුමක්ද? එම ආණ්ඩුව මිනිස් ආණ්ඩුවලට වඩා වෙනස් වන්නේ කෙසේද? එය පාලනය පටන්ගන්නේ කවදාද? මේ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියේදී ඔබට සොයාගත හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න