ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 2/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ වචනය සෑම දවසකම සලකා බලන්න!
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • දිගටම සතුටින් විඳදරාගන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න!
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 2/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙසායා 30:21හි යෙහෝවාගේ හඬ “ඔබට පිටුපසින්” ඇසෙන බව පවසතත්, කලින් පදයෙහි යෙසායා 30:20 “ඔබේ ඇස් ඔබේ උදාර උපදේශකව දකින ඇස් විය යුතුයි” කියා පවසමින් යෙහෝවා ඉදිරියෙන් සිටින බව අඟවන්නේ මන්ද?

යෙසායා 30:20, 21හි [NW] මෙසේ පවසයි. “ඔබේ උදාර උපදේශක තවත් සැඟ වී නොසිටින්නේය. ඔබේ ඇස් ඔබේ උදාර උපදේශකව දකින ඇස් විය යුතුයි. ඔබ දකුණට හැරෙන විට හෝ වමට හැරෙන විට ‘ජනයෙනි, මාර්ගය මෙයයි. මෙහි ඇවිදින්න’ යයි ඔබට පිටුපසින් කියන හඬක් ඔබේ කන්වලට ඇසෙනු ඇත.”

එම කොටස වචනානුසාරයෙන් ගත් කල එන අදහස නම්, පාඨකයා උදාර උපදේශක වන යෙහෝවාව දකින්නේ තමන්ට ඉදිරියෙන් වන නමුත් ඔහුගේ හඬ ඇසෙන්නේ පිටුපසින් බවය. කෙසේවෙතත්, මෙම වචන උපමාලංකාරයෙන් පවසා ඇති බැවින් තේරුම්ගත යුත්තේද ඒ ආකාරයෙන්මය.

විසිවන පදය කියවද්දි මනසේ මැවෙන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදි වැඩ කිරීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින සේවකයෙකුගේ පින්තූරයකි. තම ස්වාමියා තමාගෙන් අපේක්ෂා කරන දේ අවබෝධ කරගැනීම සඳහා සේවකයා ඉතා ඕනෑකමින් ස්වාමියාගේ අත දෙස බලා සිටින්නාක් මෙන්, යෙහෝවාගේ සෙනඟද යෙහෝවා තම භූමික සංවිධානය තුළින් අද දින දෙන බයිබලය මත පදනම් තත්කාලීන උපදෙස් වෙත හොඳින් අවධානය යොමා සිටිති. (ගීතාවලිය 123:1, 2) ඇත්තෙන්ම, ඔවුහු “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මගින් යෙහෝවා දෙන ඕනෑම මඟ පෙන්වීමක් කෙරෙහි අවධානය යොමා, ඔහුගේ උපදෙස් පරිදි වැඩ කරති.—මතෙව් 24:45-47.

එසේනම්, ඔහුගේ සේවකයන්ට පිටුපසින් ඇසෙන හඬ ගැන කුමක් කිව හැකිද? පිටුපසින් ඇසෙන හඬ, දෙවි ලිඛිත වචනය තුළින් අතීතයේදී කතා කළ හඬ බව නිගමනය කිරීම සාධාරණය. එම හඬ අවබෝධ කර දෙන්නේ “විශ්වාසවන්ත ගබඩාකාරයා” මගිනි. (ලූක් 12:42, NW) බයිබලය උද්‍යෝගයෙන් අධ්‍යයනය කිරීම මගින් හා එහි ඇති ප්‍රතිපත්ති තමන්ට අදාළ කරගැනීම මගින් දෙවිගේ නවීන දින සේවකයෝ ඔහුගේ හඬ අසති. එසේ කිරීමට ඔවුන්ට උපකාරවත් වන්නේ “විශ්වාසවන්ත ගබඩාකාරයා” වන “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සූදානම් කර තිබෙන ප්‍රකාශනයි. උදාර උපදේශකයා සපයන කාලෝචිත මඟ පෙන්වීම මත රඳා සිටීමෙන් හා ඒ ගැන සාවධානව සිටීමෙන්ද, සියවස් ගණනකට පෙර ලියූ දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන්ද තමන් ඉදිරියේ ඔහු සිටිනාකාරය ඔවුන් උපමාලංකාරයෙන් දකින අතර පිටුපසින් එන ඔහුගේ හඬද ඔවුන්ට ඇසේ.—රෝම 15:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න