ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 8/1 6-8 පි.
  • විෂමතාවේ වසංගතය මැඩලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විෂමතාවේ වසංගතය මැඩලීම
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබට ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න!
  • සහෝදරයන් අතරෙහි සමානාත්මතාව භුක්ති විඳීම
  • විෂමතාව දෙවි එය අරමුණු කළාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විෂමතාවේ වත්මන් වසංගතය
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජාති භේද නැති ලොවක් සිහිනයක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • ආර්ථික අර්බුදයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
    තවත් ලිපි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 8/1 6-8 පි.

විෂමතාවේ වසංගතය මැඩලීම

මිනිසුන් බොහෝ සෙයින් ආශා කරන සමානාත්මතාව මැවුම්කරු විසින් ඉක්මනින්ම ගෙනෙන්න යනවා. ඒ වන තෙක් අපටත්, අපේ පවුල්වලටත් බලපාන විෂමතාවේ වසංගතය අඩුම තරමින් මැඩපැවැත්වීම සඳහාවත් අපට පියවර ගත හැකියි. දකුණු අප්‍රිකාවේ කලින් සිටි ජනාධිපති, නෙල්සන් මැන්ඩෙලා මෙසේ නිරීක්ෂණය කළා: “එකිනෙකා අතර වෙනසක් ඇති කරන්නේ, අපට තිබෙන දේ තුළින් අප උපදවා ගන්නාවූ දෙයින් මිස, අපට දෙනු ලබන දෙයින් නොවෙයි.”

ඔහුගේ වචනවල ඇති සත්‍යතාව ඉතිහාසය තුළින් මනා ලෙස සනාථ වෙනවා. උපතේදී එතරම් දෙයක් උරුම නොවුණත් තමන්ට තිබුණු දෙය ප්‍රයෝජනයට ගෙන සාර්ථකත්වයක් අත් කරගැනීම නිසා, ඇතැම්විට ඔවුන්ට වඩා කුසලතා තිබෙන සම වයසේ අයගෙන් වෙනස් වීමට සැලැස්වූ පුරුෂයන් සහ ස්ත්‍රීන් බොහෝදෙනෙක් සිටිනවා. ඊට වෙනස්ව, උපතේදීම සෑම අතින්ම ආශීර්වාද ලැබූ පුද්ගලයන්, ඒ සියල්ල නාස්ති කර තිබෙන අතර, ඔවුන්ගේ උපරිම හැකියාව කරා වර්ධනය වීමට අසමත් වී තිබෙනවා.

ඔබට ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න!

යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බයිබල් පාඩමක් තුළින් දෙවිගේ අරමුණු ගැන ජනයාට දැනුම ලබාගැනීම සඳහා උපකාර කිරීමට දැඩි උනන්දුවක් දක්වනවා. කෙසේවුවත්, බයිබලයේ ඇති තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නම්, ජනයා අකුරු දැනගත යුතු බව ඔවුන් අවබෝධ කරගෙන සිටිනවා. එම හේතුව නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් එක් බටහිර අප්‍රිකානු රටක පමණක් පුද්ගලයන් 23,000ක් (1990 ගණන්වල මැද භාගයේ පමණ) ඇතුළුව, මිනිසුන් දස දහස් ගණනකට ලිවීමට සහ කියවීමට උගන්වා තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන කැපීපෙනෙන සමාජ සේවයට යොමු දක්වමින්, සැන් ෆ්‍රැන්සිස්කෝ පරීක්ෂකයා (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කළා: “ඔබ ඔවුන්ව ආදර්ශවත් පුරවැසියන් ලෙස සැලකීමට ඉඩ තිබෙනවා. ඔවුන් නොපමාව බදු ගෙවනවා, අසනීප වූවන්ව බලාකියා ගන්නවා, නූගත්කමට එරෙහිව බොහෝ පියවර ගන්නවා.”

ඊට අමතරව, ප්‍රසිද්ධියේ කතා කිරීම සම්බන්ධයෙන් නොකඩවා දෙනු ලබන පාඨමාලාවන් තුළින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ප්‍රසිද්ධියේ චතුර ලෙස අදහස් ප්‍රකාශ කිරීමට හැකි, සුදුසුකම් ලත් කථිකයන් බවට පත්වීම සඳහා සියදහස් ගණනක්ව පුහුණු කරවා තිබෙනවා. මේ දහස් ගණන අතරින් ඇතමෙක්, කාලයක් පුරා බරපතළ ලෙස කතා කිරීමේ අක්‍රමිකතා තිබුණු අයයි. දකුණු අප්‍රිකාවේ සිටින මෙම මනුෂ්‍යයාව සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ ලියනවා: “මගේ ගොත ගැහීම කොච්චර බරපතළ විදිහට තිබුණද කියනවා නම්, මම හුඟක් වෙලාවලට මං වෙනුවෙන් කතා කරන්න අනිත් අය මත රැඳෙන, හුදකලාවේ ඉන්න කෙනෙක් බවට පත් වෙලා හිටියා. . . . දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වෙලා ටිකදෙනෙක් ඉස්සරහ බයිබල් කියවීමක් දෙන්න සිද්ධ වුණ අවස්ථාවේ . . . මට කොච්චර ගොත ගැහුණද කියනවා නම්, නියමිත වෙලාවට පැවරුම අවසන් කරන්න පුළුවන් වුණේ නැහැ. රැස්වීමෙන් පස්සේ, මට [උපදේශකයා] කාරුණිකව ප්‍රායෝගික උපදෙස් දුන්නා. ශබ්ද නඟා කියවලා පුරුදු වෙන්න කියලා ඔහු මට යෝජනා කෙරුවා. මගේ බයිබලය සහ මුරටැඹ සඟරා ශබ්ද නඟා කියවන්න හැමදාම මම කාලය වැය කෙරුවා.” මෙම මනුෂ්‍යයා කොතෙක් දියුණු වුණාද කියනවා නම්, දැන් ඔහු සිය දහස්ගණන් පවා අමතමින් ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කරනවා.

සහෝදරයන් අතරෙහි සමානාත්මතාව භුක්ති විඳීම

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආර්ථික මෙන්ම සමාජ තත්වයන් සම්බන්ධයෙන් බලන විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරෙහි එකිනෙකාගේ තත්වයන් බොහෝ සෙයින් වෙනස්. මෙම අසමානකම් තුළින් හුදෙක් විද්‍යමාන වන්නේ ඔවුන් ජීවත් වන අසම්පූර්ණ ලෝක තත්වයන්වල ස්වභාවයයි. නමුත් අනික් ආගමික කණ්ඩායම්වලට වෙනස්ව, ජාතිවාදී, සමාජීය සහ ආර්ථික අගතිය ඔවුන්ගේ සෙනඟ අතරින් සම්පූර්ණයෙන්ම වගේ උදුරා දමා තිබෙනවා.

බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේ අදාළ කරගැනීම සඳහා තමන්ට කළ හැකි උපරිමය කිරීම මගින් ඔවුන් මෙය ඉටු කරගෙන තිබෙනවා. ඔවුන් මුළු හෘදයෙන්ම මෙයාකාර බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා: “[දෙවි] මනුෂ්‍යයා බලන්නාක්මෙන් [නොබලන්නේය]; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නමුත් [යෙහෝවා] සිත [බලන්නේය].” (1 සාමුවෙල් 16:7) ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය.’ (ක්‍රියා 10:34, 35) “කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න. පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:17, 18; මේවාත් බලන්න 1 තිමෝති 6:17-19; යාකොබ් 2:5, 9.

එක්සත්කම වඩවන මෙම බයිබල් ප්‍රතිපත්ති ඉතා කිට්ටුවෙන් අනුගමනය කිරීම තුළින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්, තම සෙනඟ අතරෙහි ජාතිවාදී, සමාජීය හෝ ආර්ථික වෙනස්කම් මත පදනම් වූ විෂමතාවක් පෙන්වීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. උදාහරණයකට, ක්‍රිස්තියානි සභාවේ වැඩිමනත් සේවා වරප්‍රසාද හිමි වන්නේ කාටද කියා තීරණය කිරීමේදී, මෙම සාධකයන් කිසිසේත් දායක වන්නේ නැහැ. ඉගැන්වීම සහ අධීක්ෂණය කිරීම වැනි වගකීම් දෙනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ආත්මික සුදුසුකම් මතයි.—1 තිමෝති 3:1-13; තීතස් 1:5-9.

අගතියෙන් පිරුණු ලොවක විෂමතාවන් හේතුවෙන් පීඩා විඳ තිබෙන පුද්ගලයන්ට, තම මැවුම්කරු ඉදිරියේ සෙසු අය තමන්ව සහෝදර සහෝදරියන් ලෙස සමාන ආකාරයකින් සලකනු ලැබීම මොනතරම් සැනසිල්ලක්ද! මාටීනා මෙයට සාක්ෂි දෙනවා. ඇගේ පියා පවුල අතහැර යෑමෙන් පසු, ඇය ඇති දැඩි වූයේ දුගී, තනි මාපිය නිවසකයි. ඇයව බොහෝවිට, සමාජයෙන් කොන් කරනු ලැබූ අතර, ඇයට තිබුණේ අඩු ආත්ම විශ්වාසයක්. එමෙන්ම අනිත් අය සමඟ පෑහී කටයුතු කරන්න ඇයට අපහසු වුණා. ඇය ඔහේ ජීවත් වුණා. කොහොමවුණත්, ඇය බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ පසු දේවල් වෙනස් වුණා. ඇය මෙසේ පවසනවා: “මම තාමත් නිෂේධාත්මක හැඟීම් එක්ක පොරබදනවා. ඒත් දැන් මට ප්‍රශ්නවලට හුඟාක් හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මගේ ආත්ම-ගරුත්වය වැඩි වෙලා, ඒ වගේම මම දැන් කතා කරන්නේ හොඳ විශ්වාසයකින්. සත්‍යය නිසා මට වගකීමේ හැඟීමක් ලැබිලා තිබෙනවා. යෙහෝවා මට ආදරෙයි කියලත්, ඒ වගේම ජීවත් වෙන එක අවශ්‍යයි කියලත් දැන් මම දන්නවා.”

ජාත්‍යන්තර ක්‍රිස්තියානි කණ්ඩායමක් වශයෙන් 230කටත් වඩා වැඩි රටවල් ප්‍රමාණයක සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්, අද ලෝකයේ සැබවින්ම අද්විතීය දෙයක් වන සමානාත්මතාව අත් දකිනවා. වෙනත් කිසිම ආගමික සංවිධානයකට මේ හා සමානව පවසා එය සාක්ෂිවලින් ඔප්පු කරන්න පුළුවන්ද?

ඇත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් යථාර්ථවාදී බව නොකිවමනායි. මනුෂ්‍ය විෂමතාව තුරන් කිරීමට ශතවර්ෂ ගණනාවක් පුරා වෙර දැරුවත්, සාර්ථකත්වයක් අත් කරගෙන නොමැති ඕනෑම කෙනෙකු මෙන්, අසම්පූර්ණ පරිසරයක සිටින ජීවීන් හැටියට, තමන්ටත් එය කිරීමට හැකියාවක් නැති බව ඔවුන් නොපසුබටව පිළිගන්නවා. එසේ වුවත්, තම සංවිධානය තුළ, මෙම මාරාන්තික වසංගතය මැඩපැවැත්වීමට තමන් බොහෝ දේ කර තිබීම ගැන ඔවුන් සතුටු වෙනවා. එමෙන්ම දෙවිගේ පොරොන්දුව කෙරෙහි දැඩි ඇදහිල්ලකින් යුක්තව, විෂමතාව සදහටම අතීතයේ සිතුවිල්ලක් පමණක් වන ධර්මිෂ්ඨකමේ නව ලොවක් දෙස ඔවුන් නෙත් අයා සිටිනවා.

ඔව්, තම මැවුම්කරු විසින් මුලින්ම ඔවුන්ට භුක්ති විඳීම සඳහා අරමුණු කළ ‘ගෞරවය සහ අයිතිවාසිකම්වලින්’ යුත් සමානාත්මතාව, සියලු පක්ෂපාත මනුෂ්‍යයන්ට ඉතා ඉක්මනින් යළි හිමි කර දෙන්න යනවා. මොනතරම් ලස්සන සිතුවිල්ලක්ද? නමුත් මේ අවස්ථාවේදී එය යථාර්ථයක් බවට පත් වෙනවා!

[7වන පිටුවේ පින්තූරය]

මිනිසුන් දසදහස් ගණනකට කියවීමට සහ ලිවීමට ඉගැන්වීම මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නූගත්කම පිටු දකින්න පියවර ගන්නවා

[8වන පිටුවේ පින්තූරය]

ජාතිවාදී, සමාජීය සහ ආර්ථික අගතිය උදුරා දැමීමට බයිබල් සත්‍යය උපකාරවත් වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න