“ඔවුන් ඔවුන්ගේ ආගමික පුහුණුවට එකඟව කටයුතු කරනවා”
අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, මියාමිවල ස්ත්‍රියක් ප්‍රාදේශීය පුවත්පතකට මතු ලිපිය යැව්වා: “දෙසැම්බර් 10වෙනිදා, පරණ බඩු වෙළඳ සැලකදී මගේ පුතාගේ සාක්කුවේ තිබුණ පසුම්බිය සොරකම් කළා. ඒකෙ එයාගේ රියැදුරු බලපත්‍රය, සමාජ සුරක්ෂිත කාඩ්පත යනාදියත් ඩොලර් 260කුත් තිබුණා.
“සිද්ධ වුණ පාඩුව කළමනාකාර තැනට වාර්තා කරලා ඔහු ගෙදර ආවා. හැන්දෑ වෙද්දී ඔහුට ස්පාඤ්ඤ භාෂාව කතා කරන ස්ත්‍රියකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා; ඇය වෙනුවෙන් භාෂාව පරිවර්තනය කළ [දුරකථන] පාලකයෙක්ගේ උපකාරයෙන්, ඔහුගේ පසුම්බිය ඇයට ලැබුණ බව ඈ ඔහුට පැවසුවා.
“ඈ ඔහුට ඇගේ ලිපිනය දුන්නා. . . . ඩොලර් 260 ඇතුළු තිබුණ සියල්ලත් එක්ක ඈ ඔහුට පසුම්බිය දුන්නා.
“හොරෙක් ඔහුගේ පසුම්බිය හොරකං කරනවා දැකලා ඈ කෑගහලා තියෙනවා. හොරා පසුම්බිය බිම දාලා දුවලා. ඒ වෙන කොට මගේ පුතා එතන හිටියේ නැති නිසා ඈ පසුම්බිය ගෙදර අරගෙන ගිහිල්ලා, දුරකථනයෙන් ඇමතුවා.
“ඇයත් ඇගේ පවුලේ අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. පැහැදිලිවම ඔවුන් ඔවුන්ගේ ආගමික පුහුණුවට එකඟව කටයුතු කරනවා.”
මිනිස්සුන්ගෙන් ප්‍රශංසාව ලබාගන්නා අරමුණෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවංකකම විදහාපෙන්වන්නේ නෑ. (එපීස 6:7) ඒ වෙනුවට, ඔවුන් ඔවුන්ගේ ස්වර්ගික පිය වූ යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙන්න අවංකවම ආශා කරනවා. (1 කොරින්ති 10:31) දෙවි හා අසල්වාසීන් සඳහා ඔවුන්ගේ ප්‍රේමය දේවරාජ්‍යය පිළිබඳ “ශුභාරංචිය” ප්‍රචාරය කරන්න ඔවුන්ව පොලඹවනවා. (මතෙව් 24:14) රාජ්‍යය මගින්, පොළොව ලස්සන පාරාදීසයක් කරන බවට දෙවි පොරොන්දු වෙනවා. එවිට පොළොව භෞතික අලංකාරය තියෙන තැනක් විතරක් නෙවෙයි, නමුත් සදහටම අවංකකම තියෙන සදාචාරයෙනුත් විශිෂ්ට තැනක් වේවි.—හෙබ්‍රෙව් 13:18; 2 පේතෘස් 3:13.