ඔබට මතකද?
ඔබ මෑත මුරටැඹ කලාප වෙත පරෙස්සමින් අවධානය යොමු කරලා තියනවාද? එහෙමනම්, පහත දැක්වෙන කරුණු නැවතත් මතක් කරගන්න එක උනන්දුව දනවන දෙයක් බව ඔබට පෙනීයයි:
◻ විවාහක යුවළයන් බොහෝමයක් අකිලා හා ප්‍රිස්කිලා තබා ඇති විශිෂ්ට ආදර්ශය, අදදින අනුගමනය කරලා තියෙන්නේ කොහොමද?
අකිලා සහ ප්‍රිස්කිලා සභාවන් ගණනාවක සේවය කළා. ඔවුන් හා සමානව, අදදින සිටින ජ්වලිතවත් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් අවශ්‍යතාව වැඩියෙන් තිබෙන ප්‍රදේශවලට යන්න ඉදිරිපත් වෙලා තියෙනවා. රාජ්‍ය වැඩවල වර්ධනය දැකීමෙන්ද, අනගි ක්‍රිස්තියානි මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට හැකිවීමෙන්ද ඔවුන් ප්‍රීතිය හා තෘප්තිය භුක්ති විඳ තිබෙනවා.—12/15, 24වන පිටුව.
◻ මත්පැන් පානය සම්බන්ධ බයිබල් දෘෂ්ටිය මොකක්ද?
මත්පැන් පානය හා සම්බන්ධ බයිබල් දෘෂ්ටිය සමබරයි. එක අතකට, මුද්‍රිකපානය දෙවිගෙන් ලද තෑග්ගක් බව බයිබලය කියයි. (ගීතාවලිය 104:1, 15) අනික් අතට, එය සීමාව ඉක්මවා පාවිච්චිය හෙළා දකියි. (ලූක් 21:34; 1 තිමෝති 3:8; තීතස් 2:3; 1 පේතෘස් 4:3)—12/15, 27වන පිටුව.
◻ බයිබලයේ හග්ගයි පොතේ තිබෙන වැදගත් විශේෂාංගයක් මොකක්ද?
හග්ගයි පොත සෑදී තිබෙන්නේ පද 38කින් වුණත්, දෙවිගේ නම 35 වතාවක් යොදා තිබෙනවා. යෙහෝවා යන නාමය වෙනුවට, ‘ස්වාමීන්’ යන පදවි නාමය යෙදුවාම, එවැනි අනාවැකිවල කිසිම ප්‍රාණවත්කමක් නෑ.—1/1, 6වන පිටුව.
◻ දාවිත් හා මනස්සේගේ පාපවලින් ඉගෙනගත හැකි පාඩම මොකක්ද?
යෙහෝවා දාවිත්ට හා මනස්සේට සමාව දුන්නත්, මෙම පුරුෂයන්ට මෙන්ම ඔවුන් සමඟ ඉශ්‍රායෙල් ජාතියටද ඔවුන්ගේ පව්කාර ක්‍රියාවල ප්‍රතිවිපාක සමඟ ජීවත් වෙන්න සිදු වුණා. (2 සාමුවෙල් 12:11, 12; යෙරෙමියා 15:3-5) ඒ හා සමානව, යෙහෝවා පසුතැවිලි වන පව්කාරයන්ට අදදින සමාව දුන්නත්, ඔවුන් කළ ක්‍රියාවල මඟහැරිය නොහැකි ප්‍රතිවිපාක තිබිය හැකියි.—1/1, 27වන පිටුව.
◻ දේවරාජ්‍යයේ ‘ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද’ “අලංකාර” වෙන්නේ කොයි ආකාරයෙන්ද? (යෙසායා 52:7)
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අනුන්ට දේශනා කරන්ට යද්දී, ඔහුව තැනින් තැනට ගෙන යන්නේ පාදයි. ඇත්තෙන්ම, එවන් පාදවලින් පුද්ගලයාව නියෝජනය කෙරෙනවා. එනිසා රාජ්‍යයේ ශුභ ආරංචිය අහන්න ලැබෙන, ඒ වගේම ඊට කැමැත්තෙන් ප්‍රතිචාරය දක්වන බොහෝදෙනාට, එවැනි දූතයන්ගේ පාද ඇත්තෙන්ම අලංකාර දර්ශනයක් වෙනවා.—1/15, 13වන පිටුව.
◻ ‘ශුභාරංචිය දේශනා කිරීමේදී’ ඇතුළත්ව තිබෙන දෙවැදෑරුම් වැඩය කුමක්ද? (1 කොරින්ති 9:16)
මුලින්ම, අප දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි. මෙම වැඩයෙහි දෙවන අංගයට ඇතුළත් වන්නේ, රාජ්‍යය ගැන කරන ප්‍රකාශයට හිතකර ලෙස ප්‍රතිචාරය දක්වන අයට ඉගැන්වීමයි.—1/15, 23වන පිටුව.
◻ සභා රැස්වීම්වලදී රාජ්‍ය ගීතිකා ගැයීමෙන් අත් වන පෞද්ගලික ප්‍රයෝජන මොනවාද?
ගායනා කිරීම මගින් අපගේ මැවුම්කරුට අපේ හැඟීම් ප්‍රකාශ කිරීමේ ප්‍රස්තාව සැපයෙනවා. (ගීතාවලිය 149:1, 3) සභා රැස්වීම්වලදී ගායනා කරන ගීතිකා අපගේ මුළු හෘදයෙන් ගැයීමෙන්, වැඩසටහනේ ඊළඟ අංග සම්බන්ධයෙන් අපේ මනස හා හෘදය හොඳ රාමුවක තබාගන්න පුළුවන්. යෙහෝවාගේ නමස්කාරයේ උද්‍යෝගයෙන් හවුල් වීමට අපව පොලඹවන්නත් එයට හැකියි.—2/1, 28වන පිටුව.
◻ උපන් දවසට වඩා මැරෙන දවස හොඳ වෙන්නේ කවදාද? (දේශනාකාරයා 7:1)
මියයන විශ්වාසවන්ත අයව නැවත නැඟිටුවන්න පුළුවන්කමක් තියෙන යෙහෝවාත් එක්ක යමෙක් හොඳ නමක් ඒ වන විට ඇති කරගෙන තියෙනවා නම්, මැරෙන දවස ඔහුගේ උපන් දවසට වඩා හොඳ වෙන්න පුළුවන්. (යොහන් 11:25)—2/15, 12වන පිටුව.
◻ දේශනාකාරයා පොත අපට පෞද්ගලිකව උපකාර විය යුත්තේ ඇයි?
ජීවිතය පිළිබඳ අපේ දෘෂ්ටියත් අපේ පරමාර්ථයත් හරිගැස්සීමට අපි සැමට උපකාර කරන්න එයට පුළුවන්. (දේශනාකාරයා 7:2; 2 තිමෝති 3:16)—2/15, 16වන පිටුව.
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මූලධර්මවාදීන්ද?
නැහැ. ඔවුන්ට ස්ථිර ආගමික විශ්වාසයන් තිබුණත්, මූලධර්මවාදය යන යෙදුම භාවිතයට පැමිණ තිබෙන ආකාරය සලකා බැලීමේදී, ඔවුන්ව මූලධර්මවාදීන් කියා හඳුන්වන්න බැහැ. ඔවුන්ගේ අදහස්වලට එකඟ නොවන අයට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණ මෙන්ම සාහසික දේවල් කරන්න යන්නේ නැහැ. ඔවුන් අනුකරණය කරන්නේ ඔවුන්ගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්වයි.—3/1, 6වන පිටුව.
◻ දෙවි වෙනුවෙන් පළිගන්න යේසු පැමිණෙන නියම වේලාව නොදැන සිටීම, ක්‍රිස්තියානීන් මත ඇති කර තිබෙන්නේ මොන බලපෑමක්ද?
අවදිව සිටීමට ක්‍රිස්තියානීන් නැඹුරු වෙන අතරම, ඔවුන් යෙහෝවාට සේවය කරන්නේ පරාර්ථකාමී චේතනාවලින් බව ඔප්පු කිරීමට එය ඔවුන්ට දෛනික ප්‍රස්තාවක් උදා කර දෙනවා.—3/1, 13වන පිටුව.
◻ අපිට වංචාවක් කර ඇති සහෝදරයෙකුට විරුද්ධව අපි නීතික පියවර ගන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බැලිය යුත්තේ මොකක්ද?
අපටත්, සම්බන්ධ වෙලා ඉන්න අනිත් තැනැත්තන්ටත්, සභාවට හා පිටස්තර අයටත් බලපෑ හැකි ආකාරය ගැන අපි කල්පනා කර බැලිය යුතුයි. (1 කොරින්ති 6:7)—3/15, 20වන පිටුව.
◻ සැබෑ සන්තෝෂය ලබාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
සැබෑ සන්තෝෂය හෘදයේ ස්වභාවයක්; එය අව්‍යාජ ඇදහිල්ල හා යෙහෝවා සමඟ ඇති හොඳ සම්බන්ධතාවක් මතයි පදනම් වී ඇත්තෙ. (මතෙව් 5:3)—3/15, 23වන පිටුව.
◻ ජූරි සභාවක රාජකාරිය කරන්න කියා ඉල්ලා සිටි විට, ක්‍රිස්තියානියෙක් කළ යුත්තේ මොකක්ද?
ජූරි සභාවක රාජකාරිය කිරීම හා සම්බන්ධ කාරණයට මුහුණ දී සිටින සෑම ක්‍රිස්තියානියෙක්ම, බයිබලය පිළිබඳ ඔහුගේ අවබෝධය හා ඔහුගේම පෞද්ගලික හෘද සාක්ෂිය මත පදනම්ව, ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියා තීරණය කළ යුතුයි. (ගලාති 6:5)—4/1, 29වන පිටුව.