සත්‍යය සමඟ සම්ප්රදාය ගැටිය යුතුද?
මාර්ටින් ලූතර්ට තමා හරියයි ඒත්තුගියේය. බයිබලය තමාට අනුබල දෙන්නේයයි ඔහුට හැඟිණ. අනික් අතට, පෝලන්ත ජාතික තාරකාශාස්ත්රඥ කොපර්නිකස් කල්පනා කළේ, පවතින සම්ප්‍රදායානුකූල විශ්වාසය වැරදි බවය.
කුමන විශ්වාසයද? පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය වූ බවත්, සියල්ල ඒ වටා පරිභ්‍රමණය වූ බවත්ය. කොපර්නිකස් පැවසූ සත්‍යය වනාහි පෘථිවියම සූර්යයා වටා පරිභ්‍රමණය වූ බවය. ලූතර් මෙසේ පවසමින් එය නිෂ්ප්‍රභ කළේය: “පරිභ්‍රමණය වන්නේ ස්වර්ගයන් හෝ ආකාශයන්වත්, සූර්යයාවත්, චන්ද්‍රයාවත් නොව, පෘථිවිය බව පෙන්වීමට පරිශ්‍රමයක් දරන හදිසියෙන්ම ප්‍රසිද්ධියක් ලබන්ට වෙර දරන ජ්‍යොතිඃ ශාස්ත්රඥයෙකුට ජනයා සවන් දෙති.”—හිස්ට්‍රි ඔෆ් වෙස්ටර්න් ෆිලොසෆි.
බොහෝවිට දත්ත, එනම් සත්‍යයන් සමඟ සම්ප්‍රදායානුකූල විශ්වාස ගැටී ඇත. ජනයාට හානිකර දේ සිදු කිරීමට පවා ඒවාට හැක.
සත්‍යය සමඟ සම්ප්රදාය සැමවිටම ගැටෙන බවක් මින් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇරත්, ප්‍රේරිත පාවුල්, ඔහුගේ දවස්වල ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ ඔහු ඔවුන්ට භාර දුන් සම්ප්‍රදායන් අනුගමනය කිරීමටය: “මා ඔබට බාර දුන් සම්ප්රදායයන් ඔබ පවත්වන බැවින් ද මම ඔබට ප්‍රශංසා කරමි.”—1 කොරින්ති 11:2 නව අනුවාදය; එමෙන්ම 2 තෙසලෝනික 2:15; 3:6ද බලන්න.
“සම්ප්‍රදායන්” යන්නෙන් පාවුල් අදහස් කළේ කුමක්ද? “සම්ප්රදාය” සඳහා ඔහු යොදාගත් පැ·රʹඩෝ·සිස් යන ග්‍රීක් වචනයේ තේරුම, “වාචිකව හෝ ලිඛිතව පැතිරෙන” යම් දෙයක් බව ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම 1118වන පිටුව දක්වයි. “දෙමාපියන් දරුවන්ට භාර දී තිබෙන නැතහොත් සිතීමේ හා ක්‍රියා කිරීමේ ස්ථාපිත මඟ බවට පත් වී තිබෙන තොරතුරු, ධර්ම ඉගැන්වීම් හෝ ක්‍රියා පිළිවෙත්” යන්න ඉංග්‍රීසි වචනයෙන් අදහස් කෙරේ.a ප්‍රේරිත පාවුල් භාර දුන් සම්ප්‍රදායන් හොඳ මූලාශ්‍රයකින් පැමිණි බැවින්, ක්‍රිස්තියානීහු ඒවා හොඳින් පිළිපැද්දාහ.
එහෙත්, සම්ප්රදාය සැබෑ හෝ බොරු, හොඳ හෝ නරක විය හැකි බව නොකිවමනාය. උදාහරණයක් වශයෙන්, සම්ප්‍රදායානුකූල විශ්වාස ගැන ප්‍රශ්න කිරීමට අවංකභාවය හා ධෛර්යය තිබූ 16වන ශතවර්ෂයේ කොපර්නිකස් වැනි අයව බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබීය. “පුරාණ කාලවල පටන් විශ්වාස කර ඇති දේ බොරු විය හැකි බවට තේරුම්ගැනීමක්” ඔවුහු වර්ධනය කරගත්හ. අන්ධ ලෙස සම්ප්රදාය අනුගමනය නොකිරීමෙහි ඇති ඥානවන්තභාවය ඔබත් දකින්නෙහිද?—මතෙව් 15:1-9, 14 සසඳන්න.
එසේනම්, ආගමික විශ්වාස ගැන හා සිරිත් විරිත් ගැන කුමක් කිව හැකිද? ඒවා හරි සහ හානිදායක නොවන බවට එකහෙළා නිගමනය කිරීමට අපට හැකිද? අපට දැනගත හැක්කේ කෙසේද? ආගමික සම්ප්‍රදායන් ඇත්තෙන්ම සත්‍යය සමඟ ගැටෙන බව අපට දැනගන්ට ලැබේ නම්, අප කළ යුත්තේ කුමක්ද? ඊළඟ ලිපිය මෙම ප්‍රශ්න සලකා බලයි.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: Jean-Leon Huens © National Geographic Society
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Universität Leipzig