ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/1 4-8 පි.
  • දේවදූතයන් පිළිබඳ සත්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවදූතයන් පිළිබඳ සත්‍යය
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සාතන්ගේ කාර්යභාරය සුළුකොට තැකීම
  • යාච්ඤා කා වෙතද?
  • එක් ආගමකට සීමා නොවූ දේවදූතයෝද?
  • “බොරුවේ පියා”
  • ළඟාවන්නේ දේවදූතයන්ටද, යක්ෂයන්ටද?
  • ‘ආලෝකයේ දූතයෙක්’
  • ‘අහස මැද පියාසර කරන දේවදූතයෙක්’
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/1 4-8 පි.

දේවදූතයන් පිළිබඳ සත්‍යය

යමෙකු හඳුනාගැනීමට සාමාන්‍යයෙන්ම එම තැනැත්තාගේ පවුල ගැන යමක් ඉගෙනීම ඇතුළත් වේ. යෙහෝවඃ දෙවියන්වහන්සේ හඳුනාගැනීමේදීද එලෙසමය. උන්වහන්සේගේ නම නිකම් ඉගෙනීමට වඩා වැඩි දෙයක් එයට ඇතුළත්ය. ස්වර්ගයේ උන්වහන්සේගේ “පවුල” පිළිබඳවද අප යමක් දැනගත යුතුය. (එපීස 3:14, 15 සසඳන්න.) බයිබලය දේවදූතයන්ව හඳුන්වන්නේ දේව “පුත්‍රයන්” කියාය. (යෝබ් 1:6) බයිබලයේ සඳහන් ඔවුන්ගේ වැදගත් කාර්යභාරය සලකා බැලීමේදී, දෙවියන්වහන්සේගේ අරමුණ තුළ ඔවුන්ගේ ස්ථානය තේරුම්ගැනීමට, අප ඔවුන් ගැන වැඩි යමක් දැනගත යුතුය.

නව උපසංස්කෘතියක් වර්ධනය වෙමින් පවතී. තමන් දේවදූතයන් පිළිබඳව විශ්වාස කරන බව වැඩිදෙනෙකු පවසනවා පමණක් නොව; යම් ආකාරයකින් තමන්ට ඔවුන්ගෙන් බලපෑමක්ද වී ඇති බව වැඩිදෙනෙක් පවසා සිටිති. “ඔබේ ජීවිතය තුළදී ඔබට කවදා හෝ දේවදූතයෙකුගේ බලපෑම පෞද්ගලිකව දැනී තිබේද” කියා අමෙරිකානුවන් 500දෙනෙකුගෙන් විමසූ විට, ඉන් තුනෙන් පංගුවක් පමණ එසේය කියා පිළිතුරු දුන්හ. තවත් පුදුමයට කාරණයක් වනාහි යෞවනයන් ගණනාවක්ම—එනම් එක්සත් ජනපදයේදී කළ විමසීමකට අනුව, සම්පූර්ණයෙන්ම සියයට 76ක්ම—දේවදූතයන් කෙරෙහි විශ්වාසය තබන බවට පවසා සිටීමය! පැහැදිලිවම, ජනයා දේවදූතයන් කෙරෙහි උනන්දුවෙන් සිටිති. එහෙත් දේවදූතයන් ගැන වත්මන් චින්තනය බයිබල් සත්‍යය හා ගැළපෙන්නේ කෙසේද?

සාතන්ගේ කාර්යභාරය සුළුකොට තැකීම

දේවදූතයන් ගැන කතා කරන විට, බයිබලය පවසන පරිදි, දුෂ්ට දූතයන්, එනම් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගැසූ ස්වර්ගික ආත්ම ගැන, අප නොසලකා හැරිය යුතු නැත. මොවුන්ගෙන් ප්‍රධානියා සාතන්ය. සාතන් වනාහි, නිරතුරු පරීක්ෂාව මගින් මිනිසුන්ට තම “ආත්මික මාංසපේශි” ශක්තිමත් කරගැනීමට උපකාර කරන, “දෙවියන්වහන්සේගේ එක්තරා අංගලක්ෂණයක්” බවට ආස්ක් යෝර් ඒන්ජල්ස් (ඔබේ දේවදූතයන්ගෙන් විමසන්න) නම් ජනප්‍රිය පොතක් ප්‍රකාශ කරයි. කර්තෲන් ප්‍රකාශ කරන්නේ, සාතන්ගේ “ප්‍රේමනීය අභිප්‍රායන්” තිබියදීත්, සියවස් ගණනාවක් පුරා ඔහු නපුර හා සම්බන්ධව වරදවා හඳුන්වා තිබෙන බවය. සාතන් සහ යේසුස්වහන්සේ, “නියමාකාරයෙන් එකිනෙකාට අනුපූරක ලෙස කටයුතු නොකළද, අඩුම තරමින් ඔවුන් එකම පැත්තෙහි සිටින බව, එනම් එකම පුද්ගලයාට සම්බන්ධ වූ අනිවාර්ය කොටස් බව” ඔවුහු තවදුරටත් කියා සිටිති. මේවා පුදුම එළවන ප්‍රකාශයන්ය, නමුත් බයිබලය පවසන්නේ කුමක්ද?

සාතන් “දෙවියන්වහන්සේගේ එක්තරා අංගලක්ෂණයක්” නොව, නමුත් දෙවියන්වහන්සේගේ සතුරෙකු බව බයිබලය පැහැදිලි කරයි. (ලූක් 10:18, 19; රෝම 16:20) ඔහු යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහිව කටයුතු කරන අතර, මිනිසුන් කෙරෙහි ඔහුගේ අභිප්‍රායන් කිසිසේත් “ප්‍රේමනීය” නොවේ. දෙවියන්වහන්සේගේ භූමික සේවකයන් මත, අනුකම්පා රහිතව ඔහු සිය කෝපය වේගයෙන් ප්‍රකාශ කරයි. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ දිවා රෑ දෙකෙහි ඔවුන්ව චෝදනාවට ලක් කරයි!a (එළිදරව් 12:10, 12, 15, 16) සාතන්ගේ අභිප්‍රාය වන්නේ, ප්‍රතිඵලය කුමක් වෙතත්, ඔවුන්ට කුමක් වුවත් ඔවුන්ව දූෂිත කිරීමටය. ධර්මිෂ්ඨ මිනිසා වූ යෝබ් වෙත ඔහු ගෙනා දයා විරහිත පීඩා මගින් මිනිස් වේදනා විඳීම වෙත ඔහුගේ කර්කශ ආකල්පය හෙළි කරන ලදි.—යෝබ් 1:13-19; 2:7, 8.

“එකම පැත්තේ සිටිනවාට” වඩා සාතන් හා යේසුස්වහන්සේ ඉඳුරාම එකිනෙකාට විරුද්ධව සිටිති. ඇයි, යේසුස් නම් කුඩා දරුවා මරා දැමීමේ මුළු වෑයමක් වශයෙන්, මහත් ළදරු ඝාතනයකට නියෝග කිරීමට හෙරොද්ව පෙලඹවූයේ සාතන් බවට කිසිම සැකයක් නැත! (මතෙව් 2:16-18) තවද සාතන්ගේ නිර්දය ප්‍රහාර යේසුස්වහන්සේගේ මරණය දක්වාම දිගටම පැවතිණ. (ලූක් 4:1-13; යොහන් 13:27) මෙබැවින්, “එකම පුද්ගලයාට සම්බන්ධ අනිවාර්ය කොටස්” වශයෙන් සිටිනවාට වඩා, යේසුස්වහන්සේ සහ සාතන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙති. ඔවුන්ගේ සතුරුකම නියත බව බයිබල් අනාවැකි පෙන්වයි. (උත්පත්ති 3:15) දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී සාතන්ව විනාශ කරනු ඇත්තේ නැවත නැඟිටුණාවූ යේසුස්වහන්සේ වීම යෝග්‍යය.—එළිදරව් 1:18; 20:1, 10.

යාච්ඤා කා වෙතද?

දේවදූත ව්‍යාපාරයට පක්ෂව කතා කරන සමහරු, දේවදූතයන් සමඟ අදහස් හුවමාරු කිරීමට භාවනාව හා වෙනත් ශිල්ප ක්‍රම නිර්දේශ කරති. “ස්වර්ගික පවුලේ යම් සාමාජිකයෙකු හා සම්බන්ධ වීම සඳහා අවංක ඉල්ලීමක් නොසලකා නොහරින බවට,” පොතක් පවසයි. “ඉල්ලන්න, ඔබට පිළිතුරු ලැබේ.” සම්බන්ධ වීම සඳහා පොත නිර්දේශ කරන දේවදූතයන් අතර මිකායෙල්, ගාබ්‍රියෙල්, උරියෙල් සහ රපියෙල් සිටිති.b

කෙසේවුවද, යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ඉගැන්වූයේ දේවදූතයන්ට නොව, දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමටය. (මතෙව් 6:9, 10) එලෙසම, පාවුල් මෙසේ ලීවේය: “සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද, කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා.” (පිලිප්පි 4:6) මෙබැවින්, ක්‍රිස්තියානීන් සිය යාච්ඤාවලදී, යෙහෝවඃවහන්සේ වෙත මිස, වෙනත් කිසිවෙකු වෙත ළඟා නොවන අතර, ඔවුන් එසේ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි.c—යොහන් 14:6, 13, 14.

එක් ආගමකට සීමා නොවූ දේවදූතයෝද?

දේවදූත සෝදිසි ජාලය සම්බන්ධයෙන් මුලසුන දරන අයිලින් ඉලියස් ෆ්‍රීමන් පවසන පරිදි, “සෑම ආගමකම, සෑම දර්ශනයකම, සෑම ඇදහිලික්‍රමයකම දේවදූතයෝ බලපෑම් කරති. ඇත්තෙන්ම, අප දන්නා පරිදි දේවදූතයන්ට ආගමක් නැත.”

කෙසේවුවද, විශ්වාසවන්ත දේවදූතයන්ට ආගමක් තිබෙන බව බයිබලය පැහැදිලි කරයි; වෙනත් දෙවිවරුන් විසින් සම තැන්ගැනීම නොඉවසන්නාවූ සැබෑ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට, ඔවුහු නමස්කාර කරති. (ද්විතීය කථාව 5:6, 7; එළිදරව් 7:11) මෙබැවින්, එවැනි දේවදූතයෙක් තමා ගැනම ප්‍රේරිත යොහන්ට විස්තර කළේ, දේව ආඥාවලට කීකරුවන “හවුල් මෙහෙකරුවෙක්” වශයෙනි. (එළිදරව් 19:10) විශ්වාසවන්ත දේවදූතයන් වෙනත් ආකාරයක නමස්කාරයකට පක්ෂ වූ බවක් අපට බයිබලයේ කොතැනකවත් කියවන්ට නැත. ඔවුහු යෙහෝවඃවහන්සේට තනි භක්තිය දෙති.—නික්මයාම 20:4, 5.

“බොරුවේ පියා”

පවසන ලද එවැනි බොහෝ දේවදූතයන් පිළිබඳ අද්දැකීම්වලට මළවුන් සමඟ අදහස්හුවමාරුව ඇතුළත්ය. “මා වෙතට ළඟාවීමටත්, අවසානයේදී ඔහු සන්තෝෂයෙන් සිටි බව මට දැන්වීමටත්, මගේ මාමා මාර්ගයක් සොයාගෙන ඇතැයි කියා මට හැඟුණා,” යයි ලකුණක් ලබාගත් බවට සිතූ එලිස් නම් ස්ත්‍රියක් පවසයි. මියගිය දයාබර මිතුරෙකු ගැන එලෙසම ටෙරීට මතකය. “මරණයෙන් සතියකට පසු, සිහිනයක්යයි මා සිතූ දේ තුළින් ඔහු මා ළඟට පැමිණියා. ඔහු සතුටින් හා සාමයෙන් සිටින නිසා, ඔහුගේ වෙන්ව යෑම ගැන මා දුක් නොවිය යුතුයයි ඔහු මට කිව්වා,” යයි ඈ පවසයි.

එහෙත් මළාහු “කිසිවක් නොදනිති” යයි බයිබලය ප්‍රකාශ කරයි. (දේශනාකාරයා 9:5) පුද්ගලයෙකු මියයන විට, “එදාම ඔහුගේ කල්පනා නැතිවේ” යයි එය තවදුරටත් පවසයි. (ගීතාවලිය 146:4) කෙසේවුවද, සාතන් “බොරුවේ පියාය.” (යොහන් 8:44) මරණයෙන් පසු මිනිස් ආත්මය ජීවත්වන බවට වූ බොරු ප්‍රකාශය පිටුපස සිටින්නේ ඔහුය. (එසකියෙල් 18:4 සසඳන්න.) අදදින බොහෝ ජනයා මෙය විශ්වාස කරති, ඇරත් මෙය සාතන්ගේ අරමුණට ගැළපේ, මන්දයත් ක්‍රිස්තියානි ධර්මයේ මූලික ඉගැන්වීමක් වන නැවත නැඟිටීම කෙරෙහි ඇදහිල්ල ඉන් නිෂේධ කරනු ලබන බැවිනි. (යොහන් 5:28, 29) එබැවින්, මළවුන් ගැන විචාරීම හෝ ඔවුන්ගෙන් ලැබේයයි පෙනෙන්ට තිබෙන පණිවිඩ, දෙවියන්වහන්සේ විසින් අනුමත නොකරන දේවදූත ව්‍යාපාරයේ තවත් මුහුණුවරක් වේ.

ළඟාවන්නේ දේවදූතයන්ටද, යක්ෂයන්ටද?

වත්මන් දේවදූත ව්‍යාපාරයේ වැඩි කොටසක් ගුප්තවිද්‍යාව හා සම්බන්ධව පවතී. මාර්සියාගේ අද්දැකීම සලකා බලන්න. “වර්ෂ 1986 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මට “අධිස්වභාවයෙන්” පණිවිඩ ලැබීමට පටන්ගත්තා. මා අවතාර දැක්ක අතර, විශ්වාස කළ නොහැකි ‘පෙර ජීවිත’ පිළිබඳ සිහින දැක්කා. මියගොස් සිටි මිතුරන් සමඟ මා කතා කළා, එමෙන්ම මා අද්දුටු වෙනත් චෛතසික අද්දැකීම් බොහොමයක් තුළින්, මට මොහොතකට කළින් මුණගැසී තිබූ අය ගැන දේවල් මා දැන සිටියා. ස්වයංක්‍රිය ලිවීම හා අකායික ආත්ම මගින් පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමේ දීමනාවෙන්ද මා ආශීර්වාද ලැබුවා. සිය භූමික ජීවිතයේදී මට කිසිදා මුණ නොගැසුණු ඇතැම් අය මා තුළින් වෙනත් අය වෙත පණිවිඩ බෙදාහරිනවා,” යයි ඈ පවසයි.

දේවදූතයන් සමඟ “අදහස් හුවමාරු කිරීමට” මාධ්‍යයක් වශයෙන් පේන කීම යොදාගැනීම අසාමාන්‍ය දෙයක් නොවේ. එක් මූලාශ්‍ර පොතක් එය කියවන්නන්ට එළිපිටම දිරිගන්වන්නේ ඉන්ද්‍රජාල ගල්, ටැරට් කාඩ්පත්, ඊ ජිං කාසි, ශාස්ත්‍ර කීම හා ජ්‍යොතිඃ ශාස්ත්‍රය යොදාගැනීම සඳහාය. “පේන කියන නිසි ස්ථානයට ඔබව මඟ පෙන්වීමට ඔබේ අභ්‍යන්තර පුද්ගලයාට ඉඩහරින්න, එමෙන්ම එහිදී දේවදූතයෙකු ඔබට මුණගැසෙනු ඇතැයි විශ්වාස කරන්න,” යයි එම කර්තෘවරු ලියති.

කෙසේවුවද, බයිබලයට අනුව, ‘ඔබට එහි මුණගැසෙන’ ඕනෑම දෙයක් ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ දූතයෙකු නොවේ. මන්ද? පේන කීම, එකහෙළාම දෙවියන්වහන්සේටද, එමෙන්ම ස්වර්ගයෙහි හා පොළොවෙහි සැබෑ නමස්කාරකයන්ටද විරුද්ධව යන බැවින්, එය සමඟ කිසිම සබඳතාවක් නොපවත්වන්න. ඇයි, ඉශ්‍රායෙලයේ පේන කීම මරණ දණ්ඩන වරදක්ව තිබිණ! “මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්,” යයි ව්‍යවස්ථාවේ සඳහන් කෙරිණ.—ද්විතීය කථාව 13:1-5; 18:10-12.

‘ආලෝකයේ දූතයෙක්’

පේන කීම ප්‍රයෝජනවත්ය, එමෙන්ම දේවදූතමයයි පවා පෙනෙන්ට සැලැස්වීමට, සාතන්ට හැකිවීම අපව පුදුමයට පත් කළ යුතු නැත. සාතන් “ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි” කියා බයිබලය පවසයි. (2 කොරින්ති 11:14) පෙර නිමිත්ත පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්යයි සිතීමට සලසමින්, බලා සිටින්නන්ව මුළා කරවන පෙර නිමිති ඇතිවීමට හා ඉන්පසු ඒවා සැබෑවීමට පවා සැලැස්වීමට ඔහුට හැක. (සසඳන්න මතෙව් 7:21-23; 2 තෙසලෝනික 2:9-12.) එහෙත් සාතන්ගේ සියලු ක්‍රියා—එනම් ඒවා යහපත්යයි පෙනිය හැකි වුවත් හෝ දුෂ්ටයයි පෙනිය හැකි වුවත්—අරමුණු දෙකකින් එකක් ඉටු කරයි: එනම් යෙහෝවඃවහන්සේ වෙතින් ජනයා හැරවීමට නැතහොත් ‘ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළිය හැකිවන පිණිස,’ හුදෙක් ඔවුන්ගේ මනස් අන්ධ කිරීමටය. (2 කොරින්ති 4:3, 4) පසුව සඳහන් කළ මෙම මුළා කිරීමේ ක්‍රමය බොහෝවිට ඉතා බලපෑමෙන් යුක්තය.

පළමුවන ශතවර්ෂයේ මෙහෙකාර ගැහැනු ළමයෙකු පිළිබඳ බයිබල් වාර්තාව සලකා බලන්න. ඇගේ අනාවැකි ඇගේ ස්වාමිවරුන්ට මහත් ලාභයක් ඉපදවිය. දින බොහොමයකට ඈ මෙසේ පවසමින් ගෝලයන් පසුපස ගියාය: “මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසයෝය.” ඇය පැවසුවේ සත්‍යයකි. එහෙත්, වාර්තාව අපට පවසන්නේ, ඇය දේවදූතයෙකු මගින් නොව නමුත් ‘පේනකීමේ ආත්මයකින්’ වැසී සිටි බවය. අවසානයේදී, පාවුල් “හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.”—ක්‍රියා 16:16-18.

පාවුල් මෙම ආත්මය පලවාහැරියේ මන්ද? භූතාත්මය-වැසී තිබූ ගැහැනු ළමයාගේ ස්වාමිවරුන්ට එය මහත් ලාභයක් ලබා දුන්නා නොවේද! අධිස්වභාව බල සමඟින් මෙහෙකාර ගැහැනු ළමයා විසින් ගොවීන්ට පැළ සිටුවීම සඳහා වේලාව, කන්‍යාවන්ට විවාහවීම සඳහා වේලාව සහ පතල්කරුවන්ට රන් සෙවීම සඳහා සුදුසු ස්ථානය පැවසුවා විය හැක. ඇයි, මෙම ආත්මය ප්‍රසිද්ධියේ ගෝලයන්ට ප්‍රශංසා කරමින්, ඇතැම් සැබෑ වචන පැවසීමට පවා ගැහැනු ළමයාව පෙලඹවිය!

කෙසේනමුත්, එය ‘පේන කීමේ ආත්මයක්’ විය. එවැන්නෙකුව සිට, යෙහෝවඃවහන්සේ ගැන හා ගැළවීම සඳහා උන්වහන්සේගේ සැපයුම ගැන ප්‍රකාශයන් කිරීමට එයට අයිතියක් නොතිබිණ. සමහරවිට මෙහෙකාර ගැහැනු ළමයාගේ අනාවැකි කෙරෙහි විශ්වාසය ඇති කිරීමට එමගින් පවසන ලද පැසසීමේ වචන හේතුවෙන්, බලාසිටින්නන්ව ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්ගෙන් වෙනතකට යොමු කෙරිණ. හොඳ හේතු සහිතව, පාවුල් කොරින්තිවරුන්ට මෙසේ අනතුරු ඇඟවීය: “ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.” (1 කොරින්ති 10:21) පළමුවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් පේන කීම හා සම්බන්ධ වූ ඔවුන්ගේ සියලු පොත් විනාශ කර දැමීම පුදුමයට හේතුවක් විය යුතු නැත.—ක්‍රියා 19:19.

‘අහස මැද පියාසර කරන දේවදූතයෙක්’

අප දැක ඇති පරිදි, වත්මන් දේවදූතමය ව්‍යාපාරයේ වැඩි කොටසක් දෙවියන්වහන්සේගේ එදිරිවාදියා, එනම් යක්ෂයා වන සාතන් හා කිට්ටුවෙන් සම්බන්ධ වී ඇති බවට බයිබලය හෙළි කරයි. ශුද්ධ දේවදූතයන් මිනිස් කටයුතුවලට සම්බන්ධ නැති බව මින් අදහස් කරයිද? ඊට පටහැනිව, ඔවුහු දැන් පොළොව මත බලවත් වැඩක් සිදු කරමින් සිටිති. එය කුමක්ද? පිළිතුරු දීමට, අප බයිබලයේ එළිදරව් පොත දෙස බැලිය යුතුය. බයිබලයේ වෙනත් ඕනෑම පොතකට වඩා වැඩි වාර ගණනක් දේවදූතයන් ගැන මෙම පොතේ සඳහන් වේ.

ප්‍රේරිත යොහන් ලද අනාවැකිමය දර්ශනයක් පිළිබඳ ඔහුගේ වාර්තාව අපට එළිදරව් 14:6, 7හි කියවන්ට තිබේ: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දීපල්ලා; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැන්වහන්සේට නමස්කාරකරපල්ලායයි කීය.”

මෙම ශුද්ධ ලියවිලි පාඨය, දේවදූතයන්ගේ අදදින ප්‍රධාන වැඩය හුවාදක්වයි. ඔවුහු උසස්-ප්‍රමුඛත්වයේ පැවරුමක යෙදී සිටිති—එය නම් දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමය. යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට පොරොන්දු වූයේ මෙම වැඩය සම්බන්ධයෙනි: “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.” (මතෙව් 28:18-20) යේසුස්වහන්සේ සිය අනුගාමිකයන් සමඟ සිටින්නේ කෙසේද? එක් ක්‍රමයක් වනාහි, මෙම මහත් ගෞරවනීය වැඩය ඉටු කළ හැකිවන පිණිස ඔවුන්ට දේවදූතමය උපකාරය සැපයීමය.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට වාර්ෂිකව පැය බිලියනයකට වඩා ගත කරති. මෙම වැඩය සිදු කෙරෙන අතරතුරේදී, ඔවුහු දේවදූතමය මඟ පෙන්වීමේ සාක්ෂි දකිති. සිය ගෙයින්ගෙට දේවසේවයේදී, දෙවියන්වහන්සේගේ අරමුණු තේරුම්ගැනීමට තමන්ට උපකාර කිරීමට යමෙකු එවන මෙන් ඉල්ලා යාච්ඤා කරමින් සිටි පුද්ගලයන්ව ඔවුන්ට මුණගැසීම බොහෝවිට සිදුවී තිබේ. සාක්ෂිකරුවන්ගේම මුලපිරීම සමඟ දේවදූතමය මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, සෑම වර්ෂයකම සියදහස් ගණනාවක් යෙහෝවඃවහන්සේ ගැන දැනගැනීමට පමුණුවා ඇත!

අහස මැද පියාසර කරන දේවදූතයාට ඔබ සවන් දෙමින් සිටින්නෙහිද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පැමිණෙන විට, ඔබ මෙම දේවදූතමය පණිවිඩය ගැන වඩාත් සවිස්තරව සාකච්ඡා නොකරන්නේ මන්ද?

[පාදසටහන්වල]

a “සාතන්” හා “යක්ෂයා” යන වචනවල අර්ථ වනාහි “එදිරිවාදියා” සහ “අපහාසකරන්නා” වේ.

b මිකායෙල් හා ගාබ්‍රියෙල් බයිබලයේ සඳහන් වන අතර, රපියෙල් හා උරියෙල්ගේ නම් බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයේ කොටසක් නොවන ද්විතීය සම්මත ග්‍රන්ථවල දක්නට ලැබේ.

c යාච්ඤා ඉදිරිපත් කරන්නේ යේසුස්වහන්සේ වෙත නොව, උන්වහන්සේ තුළින් බව සැලකිල්ලට ගන්න. යේසුස්වහන්සේගේ නමින් යාච්ඤාව ඉදිරිපත් කරනු ලැබේ, මන්දයත්, දෙවියන්වහන්සේට ළඟාවීමේ මාර්ගය විවෘත කළේ උන්වහන්සේ වැගිරූ රුධිරය බැවිනි.—එපීස 2:13-19; 3:12.

[8වන පිටුවේ කොටුව]

දේවදූතයෝ කවරහුද?

බොහෝදෙනෙකු විශ්වාස කරන දෙයට පටහැනිව, දේවදූතයෝ මියගිය මිනිසුන්ගෙන් පිට වූ ආත්ම නොවෙත්. මළවුන් ‘කිසිවක් නොදන්නා’ බව බයිබලය පැහැදිලිව ප්‍රකාශ කරයි. (දේශනාකාරයා 9:5) එසේනම්, දේවදූතයන් පැමිණියේ කොතැනින්ද? පොළොව පිහිටුවීමට පෙර දෙවියන්වහන්සේ විසින් තනි පුද්ගලයන් වශයෙන් ඔවුන් මැවූ බව බයිබලය අඟවයි. (යෝබ් 38:4-7) දෙවියන්වහන්සේගේ ස්වර්ගීය පවුලේ ප්‍රමාණය මිලියන සියදහස් ගණනක්, සමහරවිට බිලියන හෝ ඊටත් වැඩි ගණනක් විය හැක! ඇතැම් දේවදූතයෝ සාතන්ගේ කැරලිගැසීමට ඔහු හා එක්වූහ.—දානියෙල් 7:10; එළිදරව් 5:11; 12:7-9.

යෙහෝවඃවහන්සේ පිළිවෙළක් සහිත දෙවිකෙනෙකු නිසා, උන්වහන්සේගේ විශාල දේවදූතමය පවුල සංවිධාන කර තිබීම පුදුමයක් නොවේ.—1 කොරින්ති 14:33.

• බලයෙන් හා අධිකාරිත්වයෙන් ප්‍රමුඛතම දේවදූතයා වනාහි, මිකායෙල් නමින්ද හඳුන්වන අග්‍ර දේවදූතයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. (1 තෙසලෝනික 4:16; යූද් 9) උන්වහන්සේගේ අධිකාරිත්වය යටතේ සෙරප්වරු, කෙරුබ්වරු හා දේවදූතයෝ සිටිති.

• සෙරප්වරු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සේවය කරති. ඔවුන්ගේ පැවරුමට ප්‍රත්‍යක්ෂ ලෙස ඇතුළත් වී තිබෙන්නේ, දෙවියන්වහන්සේගේ ශුද්ධභාවය ප්‍රකාශ කිරීම හා උන්වහන්සේගේ ජනයා පවිත්‍රව තැබීමය.—යෙසායා 6:1-3, 6, 7.

• කෙරුබ්වරුන්ද යෙහෝවඃවහන්සේගේ ඉදිරිපිට සිටිනවා දක්නට ලැබේ. දෙවියන්වහන්සේගේ සිංහාසනය දරන්නන් හෝ පරිවාර පිරිස වශයෙන්, ඔවුහු යෙහෝවඃවහන්සේගේ මහන්තත්වයට අනුබල දෙති.—ගීතාවලිය 80:1; 99:1; එසකියෙල් 10:1, 2.

• දේවදූතයෝ (“පණිවිඩකරුවෝ” යන අර්ථය) යෙහෝවඃවහන්සේගේ නියෝජිතයෝ හා නියෝජ්‍යයෝ වෙත්. ඔවුහු දිව්‍ය කැමැත්ත, එනම් දෙවියන්වහන්සේගේ සෙනඟගේ ගැළවීම හෝ දුෂ්ටයාගේ විනාශය හෝ ඊට ඇතුළත්ව තිබුණත්, එය ඉටු කරමින් සිටිති.—උත්පත්ති 19:1-26.

[7වන පිටුවේ පින්තූර]

අහස මැද පියාසර කරන දේවදූතයාට ඔබ සවන් දෙමින් සිටින්නෙහිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න