ළඟ දී ම තවත් රෝග හෝ මරණය හෝ නැත!
කවරෙක්වත් අසනීප ව සිටීම ගැන සතුටු වන්නේ නැත, එසේ ම මනුෂ්‍යයන්ට මැරෙන්නට ද කැමැත්තක් නැත. වෛද්‍ය සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ස්ථිර ලෙස මෙසේ ප්‍රකාශ කරයි: “දිගු කලක් ජීවත් වීම සඳහා වූ සෙවිල්ල ඉතිහාසය පුරා හා සමාජයන් බොහොමයක තුළ සමස්ත ලෝක ආකාරයකින් සිදු ව ඇති බව පෙනේ. එය ආත්ම-සංරක්ෂණය සඳහා වූ මූලික නැඹුරුවීම හා සම්බන්ධ ව පවති. . . . දිගු කාලීන ජීවිතයක් සොයමින් තම ජීවිතය ගත කළ මිනිසුන් බොහෝ දෙනෙක් අතර පොන්ස් ඩ’ ලියොන් වඩාත් ප්‍රචලිත කෙනෙකි. වෛද්‍ය විද්‍යාවෙන් වැඩිතරයක්, රෝග හා මරණය සමඟ පොර බැදීමෙන් දිගු කාලීන ජීවිතයක් රැක ගැනීමට කැප වී ඇත.”
මරණය අපගේ අභ්‍යන්තර ස්වභාවයට කොතරම් පහර දෙනවා ද කියතොත්, එය අපගේ මිත්‍රයින්ට මෙන් ම පවුලේ අය කෙරෙහි පැමිණි විට, අපි බොහෝ විට එහි ප්‍රහාරයේ බලවත් බව නොසලකා හැරීමෙන් මැඩපවත්වන්නට වෑයම් කරන්නෙමු. ෆ්යූනරල් කස්ටම්ස් ද වර්ල්ඩ් ඕවර් නම් පොත මේ අන්දමට නිරීක්ෂණය කරයි: “එක් අන්තයක ඉතා ප්‍රාථමික වුවත්, අනෙක් අන්තයේ ඉතා ශිෂ්ට සම්පන්න වුවත්, තම කාරණා කිරීමට නිදහසේ අත්හරිනු ලබන විට, තම වත්පොහොසත්කම්වලට අනුව තම සාමාජිකයන්ගේ මළ ශරීර උත්සවාකාරයෙන් ඉවත් නොකරන කිසිම සමාජයක් නැත. . . . එය සමස්ත ලෝකයේ ගැඹුරු පෙලඹීම් තෘප්තිමත් කරවයි. එය ක්‍රියාවට නැගීම ‘හරි’ යයි පෙනෙන අතර, එය නොකිරීම, විශේෂයෙන් ම පවුල, හැඟීම්, හවුලේ ජීවත් වීම, පොදු අත්දැකීම් නැතහොත් වෙනත් බැඳියාවන් හේතුවෙන් සමීප ව සම්බන්ධ වී සිටින අයට, ‘වැරදි සහගත’ දෙයක් ලෙස, අස්වභාවික අත් හැරීමක් ලෙස, සමාව ඉල්ලිය යුතු නැතහොත් ලැජ්ජා විය යුතු යමක් ලෙස පෙනේ. . . . [මිනිසා] තමාගේ මළවුන් උත්සවාකාරයෙන් තැන්පත් කරන්නා වූ ජීවියෙකි.”
අසනීප හා මරණයේ මූලාරම්භය
රෝග හා මරණය යම් දිනක ඉවත් කරනු ලබන බවට වූ අදහසට බලගතු ආයාචනයක් තිබේ, එනමුත් එවන් විශ්වාසයක් සඳහා යම් පදනමක් ඇත්ද? ඇත්ත වශයෙන් ම ඇත, තව ද එය සාධාරණ ය, විශ්වාසනීය ය, එමෙන් ම නොවරදින සුලු ය. එය අපගේ මැවුම්කරුවාණන්ගේ දේවානුභාවය ලත් වචනය ය—ශුද්ධ බයිබලය ය.
එම පොත පැහැදිලි ව ම මනුෂ්‍ය දුඃඛිතකමේ මූලාරම්භය විස්තර කරයි. එය පළමු මනුෂ්‍යයා වූ, ආදම්, දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ මැද පෙරදිග යම් තැනක පිහිටුවන ලද පාරාදීසමය උද්‍යාන නිවසක තබනු ලැබූ බව අපට පවසයි. ආදම් පරිපූර්ණ කෙනෙකු ලෙස මවනු ලැබී ය; රෝග හා මරණය ඔහු දැන සිටියේ නැත. වැඩි කලක් යන්නට පෙර, සමානාකාර පරිපූර්ණත්වයෙන් සිටි භාර්යාවක් ඔහු හා එක් වූ අතර, දෙදෙනා එක් ව පොළොව මත සදාකාල ජීවිතයේ අපේක්ෂාව ප්‍රීතියෙන් භුක්ති වින්දාහ.—උත්පත්ති 2:15-17, 21-24.
මෙම සැපවත් තත්ත්වය වැඩි කලක් පැවතියේ නැත. මක්නිසා ද? හේතුව ආදම් ආත්මාර්ථකාමී ලෙස දෙවියන් වහන්සේගෙන් නිදහස් ජීවිත ක්‍රමයක් තෝරා ගත් නිසා ය. වෙහෙසා වැඩ කිරීම, වේදනාව, රෝග, හා අවසානයේ මරණය මෙහි විපාක විය. (උත්පත්ති 3:17-19) ආදම් තෝරා ගත් ප්‍රීතිමත් නොවූ ජීවිත පිළිවෙළ ඔහුගෙන් පැවතෙන්නෝ ද උරුම කර ගත්හ. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේය” යයි රෝම 5:12 විස්තර කරයි. රෝම 8:22 තවදුරටත් මෙසේ එකතු කරයි: “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව [අපි] දනිමුව.”
පොළොවෙහි ද, නැතහොත් ස්වර්ගයෙහි ද?
කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ, ආදම් සහ ඒව නැති කර ගත් සන්තෝෂමත් තත්ත්වය කීකරු මානව වර්ගයාට නැවත ලබා දෙන බව බයිබලය අපට සහතික කරයි. එළිදරව් 21:3, 4 පවසනුයේ: “දෙවියන්වහන්සේ ම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය”. පුරාතන දිවැස්වරයෙක් සමානාකාරයෙන් ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ කාලයක් ගැන කලින් දුටුවේ ය.—යෙසායා 33:24.
රෝහල්, මෘත ශරීරාගාර, හෝ සොහොන් නොමැති ලෝකයක් ගැන ඔබට කල්පනා කළ හැකි ද? වේදනා හා මරණයේ තර්ජනයන්ගෙන් පවා නිදහස් ව, දිගින් දිගට ජීවත් වීම ඔබට කල්පනා කළ හැකි ද? එසේ ය, දෙවියන් වහන්සේගේ පොරොන්දුව අප සියල්ලන් තුළ ගැඹුරින් පිහිටා ඇති චිත්ත වේගයන් ස්පර්ශ කරයි. එහෙත් මෙම පුදුමාකාර අපේක්ෂාව—ස්වර්ගයට නොව—අපගේ ග්‍රහයා වන පොළොවට යයි අපට නිසැක විය හැක්කේ කෙසේ ද? මුලින් සඳහන් කළ ශුද්ධ ලියවිලි පාඨයේ සම්බන්ධය සැලකිල්ලට ගන්න. එළිදරව් 21 වන පරිච්ඡේදයේ පළමු වගන්ති “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන කථා කරයි. දෙවියන් වහන්සේ මානව වර්ගයා සමඟ සිටිනු ඇතැයි ද ඔවුන් උන් වහන්සේගේ ජනයා වනු ඇතැයි ද පැහැදිලි ව ප්‍රකාශ කර ඇත. කිසිවෙක් රෝගී ව නොසිටින බවට වූ යෙසායාගේ පොතේ පොරොන්දුවට අනතුරුව, ඔවුන්ගේ ‘අයුතුකම් කමා කරනු’ ලැබූ ‘දේශයේ වාසය කරන’ සෙනඟකට යොමු දක්වා ඇත.
මෙසේ මෙම දිරිගන්වන සුලු පොරොන්දු, පොළොව මත ජීවිතයකට යොමු දක්වයි! තව ද ඒවා සිය පියාණන් වහන්සේට වූ යේසුස් වහන්සේගේ යාච්ඤාව සමඟ එකඟ වේ: “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:10.
ඉක්මනින් මක්නිසා ද?
මෙම පොරොන්දු නුදුරු අනාගතයේ දී ඉෂ්ට වනු ඇති බවට වූ අවබෝධය අත්කර ගැනීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් මිලියන සංඛ්‍යාවන්ට උපකාර කර ඇත. ඔවුනට මේ පිළිබඳ මෙතරම් නිසැකකමක් හැඟෙනුයේ කිනම් පදනමක් මත ද? පොළොව මත දේවල වත්මන් පිළිවෙළේ නැතහොත් සැකැස්මේ, “අන්තිම දවස්වල” අප ජීවත් වෙමින් සිටින බවට ඇත්තා වූ වැඩිමනත් සාක්ෂි මත පදනම් ව ය. (2 තිමෝති 3:1-5) දේවල පිළිවෙළේ නිමාව සිදුවන කාලය පිළිබඳ ව ලකුණක් යේසුස් වහන්සේගේ ගෝලයෝ ඉල්ලා සිටියහ. මෙයට උත්තර දෙමින්, වර්ෂ 1914a පළමු වන ලෝක යුද්ධයේ ආරම්භයේ පටන් ක්‍රමක්‍රමයෙන් සිදු වී ඇති ලෝක සිද්ධීන් යේසුස් වහන්සේ විස්තරාත්මක ව පුරෝකථනය කළ සේක. අනතුරුව උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගනිල්ලා. සැබවක් නුඹලාට කියමි—සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.” මෙසේ වර්ෂ 1914 ජීවත් වන පරම්පරාවෙන් සමහරෙක් වත්මන් ලෝක පිළිවෙළේ අන්තිමය දැකීමට ජීවත් ව සිටිනු ඇත.—මතෙව් 24:33, 34.
ඒ අවස්ථාවෙහි යෙහෝවඃ දෙවියන් වහන්සේ, මෙම ලස්සන ග්‍රහවස්තුව වන පොළෝ පෘෂ්ඨයෙන් වේදනාවේ හා දුඃඛිතකමේ සියලු හේතු සාධක ඉවත් කරන ලෙස ස්වකීය පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආඥා කරනු ඇත. බයිබලය මෙම දුෂ්ටකම් පහකිරීම, අර්මගෙදොන්හි “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” ලෙස සඳහන් කරයි.—එළිදරව් 16:14, 16.
දේව භයැති මනුෂ්‍යයින් අති විශාල සංඛ්‍යාවක් මෙම භයානක තත්ත්වයෙන් ගැලවී ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සාමකාමී පාලනයේ ආරම්භය දැකීමට ජීවත් වෙනවා ඇත. (එළිදරව් 7:9, 14; 20:4) උන් වහන්සේගේ පාලනය ස්වර්ගයේ සිට කරනු ලැබුවත්, පොළොව මත ජීවත් වන්නා වූ සියල්ලන් විසින්—අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන්නා වූ මෙන් ම අනතුරුව මරණයෙන් නැවත නැගිටුවනු ලබන්නා වූ මිලියන සංඛ්‍යාත අය විසින් එහි ප්‍රයෝජනවත් විපාක භුක්ති විඳිනු ලබනවා ඇත. එවිට මෙම පොරොන්දුව සත්‍යයක් වනු ඇත: “උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය. නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.”—1 කොරින්ති 15:25, 26.
අපට විශ්වාසයෙන් යුක්ත ව මෙසේ හඬ නගා ප්‍රකාශ කළ හැක: “ඉතා ඉක්මනින් තවදුරටත් රෝග හෝ මරණය හෝ නැත!” මෙය මනඃකල්පිත බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාත්මක සිතුවිල්ලක් හෝ නොවේ. එය “බොරු නොකියන” දෙවි වූ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුවක් ය. ඔබ මෙම බලාපොරොත්තුව කෙරෙහි ඔබගේ විශ්වාසය තබන්නෙහි ද? එය ඔබට සදාකාලයට ම ප්‍රයෝජනවත් විය හැකි ය!—තීතස් 1:1. w91 6/15
[පාදසටහන්වල]
a මනුෂ්‍යයා අන්තිම දවස්වල ජීවත් වන බවට වැඩිතර සාක්ෂි සඳහා, න්යූ යෝක් හි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි මගින් ප්‍රකාශ කරන ලද පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොතේ 18 වන පරිච්ඡේදය බලන්න.
රෝග හා මරණය ඉතා ඉක්මනින් දීප්තිමත් වූ සෞඛ්‍ය තත්ත්වයෙන් හා සදාකාල ජීවිතයෙන් අනුයුක්ත කරනු ලබනවා ඇත